Surah Al-Maeda Verse 106 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ شَهَٰدَةُ بَيۡنِكُمۡ إِذَا حَضَرَ أَحَدَكُمُ ٱلۡمَوۡتُ حِينَ ٱلۡوَصِيَّةِ ٱثۡنَانِ ذَوَا عَدۡلٖ مِّنكُمۡ أَوۡ ءَاخَرَانِ مِنۡ غَيۡرِكُمۡ إِنۡ أَنتُمۡ ضَرَبۡتُمۡ فِي ٱلۡأَرۡضِ فَأَصَٰبَتۡكُم مُّصِيبَةُ ٱلۡمَوۡتِۚ تَحۡبِسُونَهُمَا مِنۢ بَعۡدِ ٱلصَّلَوٰةِ فَيُقۡسِمَانِ بِٱللَّهِ إِنِ ٱرۡتَبۡتُمۡ لَا نَشۡتَرِي بِهِۦ ثَمَنٗا وَلَوۡ كَانَ ذَا قُرۡبَىٰ وَلَا نَكۡتُمُ شَهَٰدَةَ ٱللَّهِ إِنَّآ إِذٗا لَّمِنَ ٱلۡأٓثِمِينَ
විශ්වාසවන්තයිනි! ඔබගෙන් කිසිවෙකුටත් මරණය ළඟා වී, (ඔහු මරණ ශාසණය වන අන්තිම කැමැත්ත පැවසීමට අදහස් කළහොත්) ඔහු අන්තිම කැමැත්ත පවසන අවස්ථාවේදී ඔබගෙන් නීතිගරුක (දැහැමි) කෙනෙකු ඔබ අතරේ සාක්ෂි වශයෙන් සිටිය යුතුය. නැතහොත් ඔබ භූමියෙහි සංචාරය කරමින් සිටින අවස්ථාවේදී ඔබගෙන් කෙනෙකුට මරණය ළඟා වුවහොත් (ඒ අවස්ථාවේදී අන්තිම කැමැත්තට සාක්ෂි වශයෙන් මුස්ලිම් කෙනෙකු නොලදහොත්) ඔබ නොවන වෙනත් දෙදෙනෙකු (සාක්ෂි වශයෙන්) සිටිය යුතුය. (මෙම සාක්ෂීන් පවසන කාරණාවෙහි) ඔබට සැකයක් මතු වුවහොත් ඒ දෙදෙනාවම (අසර්) සලාතයෙන් පසු නවතා තබා ගනු. ඒ දෙදෙනාම “අපි පවසන දැය (සාක්ෂිය) මිලට විකුණා කිසිවක් ඒ වෙනුවෙන් අත් කර නොගන්නෙමු. ඔවුන් අපගේ ඥාතින් වුවද කම් නැත, අපි අල්ලාහ් වෙනුවෙන් සාක්ෂි දැරීමෙහි කිසිවක් සැඟවූවේ නැත. එසේ කළේ නම්, නියත වශයෙන්ම අපි පාපතරයන් බවට පත් වන්නෙමු” යයි අල්ලාහ් මත දිව්රා පැවසිය යුතුය