Surah Al-Maeda Verse 17 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaلَّقَدۡ كَفَرَ ٱلَّذِينَ قَالُوٓاْ إِنَّ ٱللَّهَ هُوَ ٱلۡمَسِيحُ ٱبۡنُ مَرۡيَمَۚ قُلۡ فَمَن يَمۡلِكُ مِنَ ٱللَّهِ شَيۡـًٔا إِنۡ أَرَادَ أَن يُهۡلِكَ ٱلۡمَسِيحَ ٱبۡنَ مَرۡيَمَ وَأُمَّهُۥ وَمَن فِي ٱلۡأَرۡضِ جَمِيعٗاۗ وَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَاۚ يَخۡلُقُ مَا يَشَآءُۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ
කවුරුන් මර්යම්ගේ පුත් මසීහ්ව අල්ලාහ්ම යයි පවසන්නෝද, ඔවුන් නියත වශයෙන්ම (සත්‍යය) ප්‍රතික්ෂේප කරන්නන් වශයෙන්ම සිටින්නාහ. (එබැවින් නබියේ!) ඔබ මෙසේ පවසනු: “මර්යම්ගේ පුත් මසීහ්වද, ඔහුගේ මවවද, භූමියෙහි සිටින (අනිත්) සියල්ලන්වම අල්ලාහ් විනාශ කර දමන්නට අදහස් කළහොත් (ඔහුව වැළැක්වීමට) කවුරුන් නම් පොඩියක් හෝ ශක්තියක් ලබන්නෙහුද? (මන්දයත්) අහස්ද, භූමියද, ඒ අතර ඇති දැයෙහිද රාජ්‍යය අල්ලාහ්ටම අයත්ය! ඔහු කැමති දැය උත්පාදනය කරන්නේය. අල්ලාහ් සියල්ල කෙරෙහිම ඉමහත් බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය