Surah Al-Maeda Verse 2 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تُحِلُّواْ شَعَـٰٓئِرَ ٱللَّهِ وَلَا ٱلشَّهۡرَ ٱلۡحَرَامَ وَلَا ٱلۡهَدۡيَ وَلَا ٱلۡقَلَـٰٓئِدَ وَلَآ ءَآمِّينَ ٱلۡبَيۡتَ ٱلۡحَرَامَ يَبۡتَغُونَ فَضۡلٗا مِّن رَّبِّهِمۡ وَرِضۡوَٰنٗاۚ وَإِذَا حَلَلۡتُمۡ فَٱصۡطَادُواْۚ وَلَا يَجۡرِمَنَّكُمۡ شَنَـَٔانُ قَوۡمٍ أَن صَدُّوكُمۡ عَنِ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ أَن تَعۡتَدُواْۘ وَتَعَاوَنُواْ عَلَى ٱلۡبِرِّ وَٱلتَّقۡوَىٰۖ وَلَا تَعَاوَنُواْ عَلَى ٱلۡإِثۡمِ وَٱلۡعُدۡوَٰنِۚ وَٱتَّقُواْ ٱللَّهَۖ إِنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ
විශ්වාසවන්තයිනි! (ඔබ ඉහ්රාම් හැඳ සිටින අවස්ථාවේදී ඔබට ඇති කර ඇති) අල්ලාහ්ගේ ධර්ම සළකුණුද (රජබ්, දුල්කඅදා, දුල්හජ්ජි,මුහර්රම් ආදී) පරිශුද්ධ කරන ලද මාසයන්ද (හජ්හි) කුර්බානීන්ද (කුර්බාන් සඳහා) සළකුණු කරන ලද දැයද, තමන්ගේ දෙවියන්ගේ දයාවද, ශුද්ධ වූ සොම්නසද අත් කර ගැනීමේ අදහසින් ගෞරවනීය නැමදුම්පළ බලාපොරොත්තුවෙන් යන අයවද, ඔබ (අවමන් කිරීම) සුදුසු දැයක් බවට පත් කර නොගනු. ඔබ, (ඔබගේ) ඉහ්රාමයෙන් පහ වී ගියහොත් (අනුමැතිය දෙනු ලැබූ දැයෙන්) ඔබට දඬයම් කළ හැකිය. ගෞරවනීය මස්ජිදයට (නැමදුම්පළට) නොයන සේ ඔබව වැළැක්වූ ජනතාව කෙරෙහි (ඔබ අතරේ) ජාතිවාදීව (ඔවුන් කෙරෙහි) ඔබ සීමාව ඉක්මවා යාමට ඔබව පොළඹවා නොසිටිය යුතුය. තවද දැහැමියටද, (අල්ලාහ්ගේ) බියටද ඔබ කෙනෙකුට කෙනෙකු උදව් වශයෙන් සිටිනු. පාපයටද අපරාධයටද ඔබ කෙනෙකුට කෙනෙකු උදව්වට නොසිටිනු. අල්ලාහ්ටම ඔබ බිය වනු. මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් කිරීමෙහි දරුණු කෙනෙකු වශයෙන් සිටින්නේය