Surah Al-Maeda Verse 3 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaحُرِّمَتۡ عَلَيۡكُمُ ٱلۡمَيۡتَةُ وَٱلدَّمُ وَلَحۡمُ ٱلۡخِنزِيرِ وَمَآ أُهِلَّ لِغَيۡرِ ٱللَّهِ بِهِۦ وَٱلۡمُنۡخَنِقَةُ وَٱلۡمَوۡقُوذَةُ وَٱلۡمُتَرَدِّيَةُ وَٱلنَّطِيحَةُ وَمَآ أَكَلَ ٱلسَّبُعُ إِلَّا مَا ذَكَّيۡتُمۡ وَمَا ذُبِحَ عَلَى ٱلنُّصُبِ وَأَن تَسۡتَقۡسِمُواْ بِٱلۡأَزۡلَٰمِۚ ذَٰلِكُمۡ فِسۡقٌۗ ٱلۡيَوۡمَ يَئِسَ ٱلَّذِينَ كَفَرُواْ مِن دِينِكُمۡ فَلَا تَخۡشَوۡهُمۡ وَٱخۡشَوۡنِۚ ٱلۡيَوۡمَ أَكۡمَلۡتُ لَكُمۡ دِينَكُمۡ وَأَتۡمَمۡتُ عَلَيۡكُمۡ نِعۡمَتِي وَرَضِيتُ لَكُمُ ٱلۡإِسۡلَٰمَ دِينٗاۚ فَمَنِ ٱضۡطُرَّ فِي مَخۡمَصَةٍ غَيۡرَ مُتَجَانِفٖ لِّإِثۡمٖ فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ
(විශ්වාසවන්තයිනි! ඉබේ) මැරුණු, ලේ, ඌරු මස්, අල්ලාහ් නොවන දැයෙහි නම් පවසනු ලැබූ දැය ආදියද, ඛෙල්ල මිරිකා මැරුණු දැයද, පහර වැදී මැරුණු, (ඉහළ සිට) වැටී මිය ගිය දැයද, අං වලින් අනිනු ලැබ මැරුණු, (සිංහ දත්, වීර නියපොතු වලින් යුත් මස් බුදින සතුන් වන සිංහයින්, කොටියන්, දිවියන් වැනි) දඬයම් සතුන් විසින් සපා (මැරුණු) දැයද ඔබට තහනම් කරනු ලැබ ඇත්තේය. (එහෙත් මෙම සතුන් දඬයම් කරන ලද) ඒවායෙන් (පණ පිටින් සිටින විටදී) නියම අන්දමින් (බිස්මිල්ලාහ් කියා) ඔබ ඛෙල්ල කැපූ (කුර්බාන් කළ) දැය හැර. (එසේ ඛෙල්ල කැපූ දැය ආහාරයට ගත හැකිය. තවද පූජා කිරීම සඳහා) සිටුවන ලද (කුළුණු, කොඩි, පිළිරූ වැනි) දැය සඳහා කැපූ දැයද, දුන්නෙන් විද (නිවිති බලා) පංගු ඛෙදා ගැනීමද (ඔබට තහනම් කරනු ලැබ ඇත්තේය). මේ සියල්ල පාපයන් වන්නේය. අද දින ප්රතික්ෂේප කරන්නන්ට ඔබගේ ධර්මය (විනාශ කර දැමිය හැකිය යන්න) ගැන තිබූ විශ්වාසය බිඳී ගියහ. ඔවුන්ට ඔබ (පොඩියක් හෝ) බිය නොවනු. මටම බිය වනු. මා ඔබට ඔබගේ ධර්මය අද දින පූරණය කර තැබුවෙමි. ඔබ වෙනුවෙන් ඉස්ලාම් ධර්මයද තෝරාගෙන (ඔබට පහළ කර බාර) ගත්තෙමි. කවුරුන් හෝ පාපයක් කිරීමේ අදහසක් නොමැතිව බඩ ගින්නේ දරුණු කම නිසා, බල කරනු ලැබ, (ඉහත සඳහන් තහනම් කරනු ලැබූ දැය අනුභව කර) හැරියහොත් (එය වරදක් වන්නේ නැත). මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් (බල කරනු ලැබූ ඔහුගේ වැරදිවලට) සමාව ලබා දී, අනුකම්පා කරන්නෙකු වශයෙන් සිටින්නේය