Surah Al-Maeda Verse 41 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maeda۞يَـٰٓأَيُّهَا ٱلرَّسُولُ لَا يَحۡزُنكَ ٱلَّذِينَ يُسَٰرِعُونَ فِي ٱلۡكُفۡرِ مِنَ ٱلَّذِينَ قَالُوٓاْ ءَامَنَّا بِأَفۡوَٰهِهِمۡ وَلَمۡ تُؤۡمِن قُلُوبُهُمۡۛ وَمِنَ ٱلَّذِينَ هَادُواْۛ سَمَّـٰعُونَ لِلۡكَذِبِ سَمَّـٰعُونَ لِقَوۡمٍ ءَاخَرِينَ لَمۡ يَأۡتُوكَۖ يُحَرِّفُونَ ٱلۡكَلِمَ مِنۢ بَعۡدِ مَوَاضِعِهِۦۖ يَقُولُونَ إِنۡ أُوتِيتُمۡ هَٰذَا فَخُذُوهُ وَإِن لَّمۡ تُؤۡتَوۡهُ فَٱحۡذَرُواْۚ وَمَن يُرِدِ ٱللَّهُ فِتۡنَتَهُۥ فَلَن تَمۡلِكَ لَهُۥ مِنَ ٱللَّهِ شَيۡـًٔاۚ أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ لَمۡ يُرِدِ ٱللَّهُ أَن يُطَهِّرَ قُلُوبَهُمۡۚ لَهُمۡ فِي ٱلدُّنۡيَا خِزۡيٞۖ وَلَهُمۡ فِي ٱلۡأٓخِرَةِ عَذَابٌ عَظِيمٞ
(අපගේ) දූතයාණෙනි! සමහරෙකු ප්‍රතික්ෂේපය දෙසට වේගයෙන් දිවීම ඔබට දුකක් ගෙන දිය යුතු නැත. මන්දයත් “විශ්වාසය තැබුවෙමු” යයි ඔවුන් තමන්ගේ මුවින් පමණක් පැවසුවා මිස, ඔවුන්ගේ හෘදයන් (එය) බාර ගත්තේ නැත. (එසේම) යුදෙව්වන්, (යුදව්වන්ගෙන්ද සමහරෙකු ඇත. ඔවුන්) බොරු කාරණාවන්ම (ඉතාමත් ආශාවෙන් යුතුව) අධික වශයෙන් ඉල්ලා සිටින්නාහ. තවද (මෙතෙක්) ඔබ වෙත නොපැමිණි තවත් සමුහයක් වෙනුවෙන් (මේවා දැනුම් දීම සඳහාද නපුරු වදන්ම) අධික වශයෙන් අසන්නාහ. ඔවුන් (ධර්ම) ආයාවන් ඒවායේ (සත්‍ය) අර්ථයන් පෙරළා (මොවුන්ට) “ඔබට (මෙම නබිවරයාගෙන්) මෙය (අසවල් දැය) දෙනු ලැබුවහොත් එය ලබා ගනු. එය ඔබට නොලැබුණහොත් (එයින්) ඈත් වනු” යයිද පවසන්නාහ. අල්ලාහ් කිසිවෙකුට හෝ (වේදනා ගෙන දී) පිරික්සුමට ලක් කිරීමට අදහස් කළහොත් අල්ලාහ්ව වැළැක්වීමට ඔබට පොඩියක් හෝ කළ නොහැකිය. මෙවැන්නන්ගේ හෘදයන් පරිශුද්ධ කර හැරීමට අල්ලාහ් කැමති වූයේම නැත. මොවුන්ට මෙලොවදී අවමානය ඇත. තවද පරලොවදී මොවුන්ට ඉමහත් වූ දඬුවම්ද ඇත