Surah Al-Maeda Verse 64 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaوَقَالَتِ ٱلۡيَهُودُ يَدُ ٱللَّهِ مَغۡلُولَةٌۚ غُلَّتۡ أَيۡدِيهِمۡ وَلُعِنُواْ بِمَا قَالُواْۘ بَلۡ يَدَاهُ مَبۡسُوطَتَانِ يُنفِقُ كَيۡفَ يَشَآءُۚ وَلَيَزِيدَنَّ كَثِيرٗا مِّنۡهُم مَّآ أُنزِلَ إِلَيۡكَ مِن رَّبِّكَ طُغۡيَٰنٗا وَكُفۡرٗاۚ وَأَلۡقَيۡنَا بَيۡنَهُمُ ٱلۡعَدَٰوَةَ وَٱلۡبَغۡضَآءَ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِۚ كُلَّمَآ أَوۡقَدُواْ نَارٗا لِّلۡحَرۡبِ أَطۡفَأَهَا ٱللَّهُۚ وَيَسۡعَوۡنَ فِي ٱلۡأَرۡضِ فَسَادٗاۚ وَٱللَّهُ لَا يُحِبُّ ٱلۡمُفۡسِدِينَ
“අල්ලාහ්ගේ අත් බැඳ දමා ඇත්තේය” යයි මෙම යුදෙව්වන් පවසන්නාහ. (එසේ නොව). ඔවුන්ගේ අත්ම බැඳ දමා ඇත්තේය. තවද මෙසේ ඔවුන් පැවසීමේ හේතුවෙන් ඔවුන්ව ශාප කර දමන ලදී. අල්ලාහ්ගේ අත් නම්, (සෑම විටම) දිග හැරම ඇත්තේය. ඔහු කැමති සෑම අන්දමටම (ගොඩ) ගොඩවල් ලබා දෙන්නේය. නමුත් ඔබගේ දෙවියන් විසින් ඔබට පහළ කරන ලද මෙම ධර්මය ඔවුන්ගෙන් වැඩි ජනතාවකට නපුරද, ප්‍රතික්ෂේපයද වැඩි කර හරින්නේය. එබැවින් අපි ඔවුන් අතරේ වෛරයද, ක්‍රෝධයද විනිශ්චය දින දක්වා (සිටින සේ) වපුරා හැරියෙමු. ඔවුන් (විශ්වාසවන්තයින් අතරේ) යුද ගිනි අවුළුවන සෑම විටම, අල්ලාහ් එය නිවා දමන්නේය. නමුත් (තවත්) ඔවුන් භූමියෙහි නපුර කරමින්ම ඒ මේ අත සැරිසරන්නාහ. අල්ලාහ් නපුර කරන්නන්ව ප්‍රිය නොකරන්නේය