Surah Al-Maeda Verse 75 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaمَّا ٱلۡمَسِيحُ ٱبۡنُ مَرۡيَمَ إِلَّا رَسُولٞ قَدۡ خَلَتۡ مِن قَبۡلِهِ ٱلرُّسُلُ وَأُمُّهُۥ صِدِّيقَةٞۖ كَانَا يَأۡكُلَانِ ٱلطَّعَامَۗ ٱنظُرۡ كَيۡفَ نُبَيِّنُ لَهُمُ ٱلۡأٓيَٰتِ ثُمَّ ٱنظُرۡ أَنَّىٰ يُؤۡفَكُونَ
මර්යම්ගේ පුත් මසීහ් එක් දූතයෙකු මිස, (දෙවියන් හෝ දෙවියන්ගේ පුත්‍රයාණන් හෝ) නොව. මොහුට පෙරද, (මොහු මෙන්) දූතයින් බොහොමයක් දෙනා (පැමිණ) ගියහ. ඔහුගේ මවද (දෙවියෙකු නොව. ඇය ඉතාමත් සත්‍යයෙන් පිරි) එක් සත්‍යවන්තියක් වශයෙන්ම සිටියාය. මේ දෙදෙනාම (මෙලොවෙහි සිටි කාලය පුරා අනිත් මිනිසුන් මෙන්) ආහාර අනුභව කරමින්ම (ජීවත්ව) සිටියහ. (එබැවින් මේ දෙදෙනා කෙසේ නම් දෙවිවරුන් වන්නෙහුද? මෙය) අපි විවිධ සාධකයන් මගින් ඔවුන්ට කෙසේ නම් පැහැදිලි කර ඇත්තේද යන්න (නබියේ!) ඔබ අවධානය කර බලනු. (ඇත්තෙන්ම) ඔවුන් කොපමණ දුරක් නම් ඈත් වී ගියෙහුද යන්න ඔබ අවධානය කර බලනු