Surah Al-Maeda Verse 89 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaلَا يُؤَاخِذُكُمُ ٱللَّهُ بِٱللَّغۡوِ فِيٓ أَيۡمَٰنِكُمۡ وَلَٰكِن يُؤَاخِذُكُم بِمَا عَقَّدتُّمُ ٱلۡأَيۡمَٰنَۖ فَكَفَّـٰرَتُهُۥٓ إِطۡعَامُ عَشَرَةِ مَسَٰكِينَ مِنۡ أَوۡسَطِ مَا تُطۡعِمُونَ أَهۡلِيكُمۡ أَوۡ كِسۡوَتُهُمۡ أَوۡ تَحۡرِيرُ رَقَبَةٖۖ فَمَن لَّمۡ يَجِدۡ فَصِيَامُ ثَلَٰثَةِ أَيَّامٖۚ ذَٰلِكَ كَفَّـٰرَةُ أَيۡمَٰنِكُمۡ إِذَا حَلَفۡتُمۡۚ وَٱحۡفَظُوٓاْ أَيۡمَٰنَكُمۡۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمۡ ءَايَٰتِهِۦ لَعَلَّكُمۡ تَشۡكُرُونَ
ඔබගේ පුහු දිව්රුම් මගින් අල්ලාහ් ඔබව (වැරැද්දට) හසු කරන්නේ නැත. එහෙත් (යම් කිසිවක්) ස්ථීර කර හැරීමට ඔබ කරන දිව්රුම ගැන (එහි වැරැද්දක් කළහොත්) ඔබව හසු කර ගනු ඇත. (එහි වැරැද්දක් ඇති වුවහොත්) එයට වන්දි වශයෙන් ඔබ, ඔබගේ පවුලේ උදවියට දෙමින් සිටින ආහාර වේලකින් මධ්‍යස්ථ වර්ගයේ (ආහාර) වේල් දහයක් දුප්පතුන්ට ලබා දිය යුතුය. නැතහොත් (එසේම) ඔවුන්ට ඇඳුම් ලබා දිය යුතුය. නැතහොත් එක් වහලෙකු නිදහස් කර හැරිය යුතුය. (වන්දි වශයෙන් ලබා දිය යුතු මේවායෙන් කිසිවක්) කවුරුන් හෝ නොලදහොත් ඔහු දින තුනක් උපවාසයේ යෙදිය යුතුය. ඔබ දිව්රන විට, (ඔබගේ දිව්රුම ඉටු කිරීමට නොහැකි වුවහොත්) ඔබ කරන දිව්රුමට අයත් වන්දිය මෙයයි. එහෙත් ඔබ ඔබගේ දිව්රුම් (ඉතාමත් ප්‍රවේසමෙන් යුතුව කටයුතු කර) ආරක්ෂා කර ගනු. ඔබ අල්ලාහ්ට කෘතඥ වීම පිණිස, ඔහු තමන්ගේ ආයාවන් මෙසේ ඔබට විවරණය කරන්නේය