Surah Al-Hadid Verse 27 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hadidثُمَّ قَفَّيۡنَا عَلَىٰٓ ءَاثَٰرِهِم بِرُسُلِنَا وَقَفَّيۡنَا بِعِيسَى ٱبۡنِ مَرۡيَمَ وَءَاتَيۡنَٰهُ ٱلۡإِنجِيلَۖ وَجَعَلۡنَا فِي قُلُوبِ ٱلَّذِينَ ٱتَّبَعُوهُ رَأۡفَةٗ وَرَحۡمَةٗۚ وَرَهۡبَانِيَّةً ٱبۡتَدَعُوهَا مَا كَتَبۡنَٰهَا عَلَيۡهِمۡ إِلَّا ٱبۡتِغَآءَ رِضۡوَٰنِ ٱللَّهِ فَمَا رَعَوۡهَا حَقَّ رِعَايَتِهَاۖ فَـَٔاتَيۡنَا ٱلَّذِينَ ءَامَنُواْ مِنۡهُمۡ أَجۡرَهُمۡۖ وَكَثِيرٞ مِّنۡهُمۡ فَٰسِقُونَ
(එබැවින් ඉකුත්ව ගිය නූහු, ඉබ්රාහීම්ගෙන්) පසු ඔවුන්ගේ මාර්ගය අනුගමනය කර, (කටයුතු කරන) දූතයින්ව කෙනෙකුගෙන් පසු කෙනෙකු වශයෙන් අපි යැව්වෙමු. එසේම මර්යම්ගේ පුත් ඊසාවද, (ඔවුන්ගෙන් පසු, ඔහුව අනුගමනය කර කටයුතු කරන මෙන්) අපි යැව්වෙමු. ඔහුට ඉන්ජීල් (නමැති ධර්මයද) අපි දුන්නෙමු. මොහුව අනුගමනය කළ අයගේ හෘදයන්හි කරුණාවද, ආදරයද, ඇති කළෙමු. (ලොවෙහි සියලූ සුවයන් පලවා හරින) තපස්භාවය අපි ඔහු කෙරෙහි අනිවාර්යය බවට නියම කළේ නැත. එහෙත් අල්ලාහ්ගේ ශුද්ධ වූ පිළිගැනීම අත් කර ගැනීමට කැමැත්තෙන් ඔහුම එය ඇති කර ගත්තේය. එසේ තිබියදී එය අනුගමනය කළ යුතු අන්දමට ඔවුන් අනුගමනය කළේ නැත. එහෙත් (නබියේ!) ඔවුන්ගෙන් කවුරුන් (ඇත්තෙන්ම ඔබව) විශ්වාස කරන්නෝද, ඔවුන්ගේ ඵලවිපාක අපි ඔවුන්ට ලබා දෙන්නෙමු. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (ඔබව ප්‍රතික්ෂේප කරන) පාපතරයන් වශයෙන්ම සිටින්නාහ