Surah Al-Mujadila Verse 2 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Mujadilaٱلَّذِينَ يُظَٰهِرُونَ مِنكُم مِّن نِّسَآئِهِم مَّا هُنَّ أُمَّهَٰتِهِمۡۖ إِنۡ أُمَّهَٰتُهُمۡ إِلَّا ٱلَّـٰٓـِٔي وَلَدۡنَهُمۡۚ وَإِنَّهُمۡ لَيَقُولُونَ مُنكَرٗا مِّنَ ٱلۡقَوۡلِ وَزُورٗاۚ وَإِنَّ ٱللَّهَ لَعَفُوٌّ غَفُورٞ
ඔබගෙන් කවුරුන් හෝ තම භාර්යයාවන්ගෙන් කවුරුන්ව හෝ තමන්ගේ මව යයි පවසා දැමීමෙන් ඇය ඔවුන්ගේ (සත්‍ය) මව වන්නේ නැත. ඔවුන්ව වැදූ අයම (සත්‍ය) මව වන්නේය. (මෙයට වෙනස්ව කවුරුන්ව හෝ කිවෙකුත් මව යයි පැවසුවහොත් පවසන) ඔවුන්, නියත වශයෙන්ම නොසුදුසු හා බොරු වචනයක්ම පවසන්නාහ. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා (වැරදි) ඉවසන්නෙකු වශයෙන් සිටින්නේය. (එබැවින් මෙවැනි වැරදි කරන්නන් අල්ලාහ් වෙතින් සමාව ඉල්ලා සිටිය යුතුය)