Surah Al-Mujadila Verse 22 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Mujadilaلَّا تَجِدُ قَوۡمٗا يُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ يُوَآدُّونَ مَنۡ حَآدَّ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَوۡ كَانُوٓاْ ءَابَآءَهُمۡ أَوۡ أَبۡنَآءَهُمۡ أَوۡ إِخۡوَٰنَهُمۡ أَوۡ عَشِيرَتَهُمۡۚ أُوْلَـٰٓئِكَ كَتَبَ فِي قُلُوبِهِمُ ٱلۡإِيمَٰنَ وَأَيَّدَهُم بِرُوحٖ مِّنۡهُۖ وَيُدۡخِلُهُمۡ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ رَضِيَ ٱللَّهُ عَنۡهُمۡ وَرَضُواْ عَنۡهُۚ أُوْلَـٰٓئِكَ حِزۡبُ ٱللَّهِۚ أَلَآ إِنَّ حِزۡبَ ٱللَّهِ هُمُ ٱلۡمُفۡلِحُونَ
(නබියේ!) කුමන ජනතාවක් අල්ලාහ්වද, විනිශ්චය දිනයද, (ඇත්තෙන්ම) විශ්වාස කරන්නෝද ඔවුන්, කවුරුන් අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද වෙනස්කම් කරන්නන් වශයෙන් සිටින්නෝද (ඔවුන්ව ප්‍රිය නොකරන්නාහ). ඔවුන් තමන්ගේ මුතුන් මිත්තන් වශයෙන් සිටියා වුවද, නැතහොත් තමන්ගේ පරම්පරාවේ දරුවන් වශයෙන් සිටියා වුවද, නැතහොත් තමන්ගේ සහෝදරයන් වශයෙන් සිටියා වුවද, නැතහොත් තමන්ගේ ඥාතීන් වශයෙන් සිටියා වුවද, ඔවුන් සමග මොවුන් කතාබහ කිරීම ඔබ නොදකින්නෙහිය. මෙවැන්නන්ම - මොවුන්ගේ හෘදයන්හි අල්ලාහ් විශ්වාසය ධාරණය වීමට සලස්වා තමන්ගේ හැඟීම මගින්ද, මොවුන්ව ශක්තිමත් කර තබා ඇත්තේය. සදාකල් දිය දහරා ගලමින් ඇති ස්වර්ගයන්හිද, මොවන්ව ඇතුළු කර හරින්නේය. ඒවායෙහි සැමදා මොවුන් රැඳී සිටිනු ඇත. මොවුන් ගැන අල්ලාහ් තෘප්තියට පත් වන්නේය. ඔවුන්ද, ඔහු ගැන තෘප්තියට පත් වන්නාහ. මොවුන්ම අල්ලාහ්ගේ සමුහයයි. නියත වශයෙන්ම අල්ලාහ්ගේ සමූහයන්ම ජයග්‍රාහකයින් යන්න (නබියේ! ඔබ) දැන ගනු (මැනව)