Surah Al-Mujadila Verse 7 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Mujadilaأَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۖ مَا يَكُونُ مِن نَّجۡوَىٰ ثَلَٰثَةٍ إِلَّا هُوَ رَابِعُهُمۡ وَلَا خَمۡسَةٍ إِلَّا هُوَ سَادِسُهُمۡ وَلَآ أَدۡنَىٰ مِن ذَٰلِكَ وَلَآ أَكۡثَرَ إِلَّا هُوَ مَعَهُمۡ أَيۡنَ مَا كَانُواْۖ ثُمَّ يُنَبِّئُهُم بِمَا عَمِلُواْ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٌ
(නබියේ!) අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල නියත වශයෙන්ම අල්ලාහ් හොඳින් දන්නේය යන්න ඔබ අවධානය කළේ නැද්ද? ඔවුන්ගෙන් තුන්දෙනෙකු (එක්කාසු වී කතා කරන) රහසෙහි ඔහු ඔවුන්ගෙන් හතරවැන්නා වශයෙන් නැත්තේ නොවේ. පස් දෙනෙකුගෙන් නම්, ඔහු ඔවුන්ගෙන් හයවැන්නා වශයෙන් නැත්තේ නොවේ. මීටත් වඩා අඩු වශයෙන් හෝ නැතහොත් අධික වශයෙන් හෝ සිටින (අය එක්කාසු වී කතා කරන රහසෙහිද) ඔවුන් සමග ඔහු නැත්තේ නොවේ. (මෙසේ) ඔවුන් කොහේ සිටියා වුවද, (රහස් කතා කළහොත් ඔහු ඔවුන්ගේ රහස් දැන ගන්නේය). පසුව ඔවුන් කළ දැය ගැන ඔවුන්ට විනිශ්චය දිනදී දැනුම් දී (එයට සරිලන ඵලවිපාකද ලබා දී) හරින්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය