Surah Al-Anaam Verse 12 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamقُل لِّمَن مَّا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ قُل لِّلَّهِۚ كَتَبَ عَلَىٰ نَفۡسِهِ ٱلرَّحۡمَةَۚ لَيَجۡمَعَنَّكُمۡ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ لَا رَيۡبَ فِيهِۚ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ فَهُمۡ لَا يُؤۡمِنُونَ
(තවද) “අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල කවුරුන් හට අයිතිද?”යි ඔබ (ඔවුන්ගෙන්) විමසනු. (මෙයට ඔවුන් දෙන පිළිතුර කුමක්ද? ඔබම ඔවුන්ට “මේ සියල්ල) අල්ලාහ්ටම අයත්ය!” යයි පවසනු මැනව! ඔහු කරුණාව තමන් කෙරෙහි අනිවාර්යය කරගෙන සිටින්නේය. (එබැවින් ඔබගේ වැරැද්දට මෙතෙක් ඔබට දඬුවම් නොදී සිටින්නේය. එහෙත්) නියත වශයෙන්ම ඔබ සියල්ල විනිශ්චය දිනදී ඒකරාශී කරනු ඇත. එහි කිසිම සැකයක් නැත. ඔවුන් (සත්‍යය ප්‍රතික්ෂේප කර) තමන්ට තමන්ම පාඩුව ඇති කර ගත්තෝද, ඔවුන් (මෙය) විශ්වාස කරන්නේම නැත