Surah Al-Anaam Verse 128 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَيَوۡمَ يَحۡشُرُهُمۡ جَمِيعٗا يَٰمَعۡشَرَ ٱلۡجِنِّ قَدِ ٱسۡتَكۡثَرۡتُم مِّنَ ٱلۡإِنسِۖ وَقَالَ أَوۡلِيَآؤُهُم مِّنَ ٱلۡإِنسِ رَبَّنَا ٱسۡتَمۡتَعَ بَعۡضُنَا بِبَعۡضٖ وَبَلَغۡنَآ أَجَلَنَا ٱلَّذِيٓ أَجَّلۡتَ لَنَاۚ قَالَ ٱلنَّارُ مَثۡوَىٰكُمۡ خَٰلِدِينَ فِيهَآ إِلَّا مَا شَآءَ ٱللَّهُۚ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٞ
(දෙවියන්) ඔවුන් සියල්ලන්වම ඒකරාශී කරන (විනිශ්චය) දිනදී (ජින්වරුන්ට) “ඕ ජින් වාර්ගිකයිනි! ඔබ මිනිසුන්ගෙන් බොහොමයක් දෙනාව (වැරද යාමට සලස්වා) ඔබ සමග එක්කාසු කර ගත්තා (නොවෙද?”යි විමසනු ඇත. එයට) මිනිසුන්ගෙන් වූ ඔවුන්ගේ මිතුරන් “අපගේ දෙවියනේ! අපගෙන් සමහරෙක් (වෙනස්කම් කළ) සමහරෙකු මගින් ප්‍රයෝජන අත් කරගෙන ඇත්තාහ. අපට ඔබ ඇති කළ කාලය අපි අත්කර ගත්තෙමු. (අපට කුමන නියෝගයක්ද)?”යි විමසන්නාහ. (එයට දෙවියන්) “ඔබට නිරයම වාසස්ථානය වේ. (ඔබගෙන්) අල්ලාහ් (සමාව දීමට) අදහස් කරන්නන් හැර, (අන් සියල්ලන්ම සදහටම) එහි රැඳී සිටිනු ඇත” යයි පවසන්නේය. (නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන් ඉතාමත් ඥානවන්තයෙකු හා හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය