Surah Al-Anaam Verse 138 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَقَالُواْ هَٰذِهِۦٓ أَنۡعَٰمٞ وَحَرۡثٌ حِجۡرٞ لَّا يَطۡعَمُهَآ إِلَّا مَن نَّشَآءُ بِزَعۡمِهِمۡ وَأَنۡعَٰمٌ حُرِّمَتۡ ظُهُورُهَا وَأَنۡعَٰمٞ لَّا يَذۡكُرُونَ ٱسۡمَ ٱللَّهِ عَلَيۡهَا ٱفۡتِرَآءً عَلَيۡهِۚ سَيَجۡزِيهِم بِمَا كَانُواْ يَفۡتَرُونَ
(තවද ඔවුන් තමන්ගේ) ගමේ සතුන්ගෙන්ද, ගොවිතැනෙන්ද (සමහර දැය සඳහන් කර බාරහාර සඳහා) “මෙය තහනම් කරනු ලැබ ඇත්තේය. අපගේ ප්‍රතිපත්තීන්ට අනුව අපි අදහස් කරන (පූජකයින් ආදී) අයට මිස, (වෙන කිසිවෙකුත්) එය අනුභව නොකළ යුතුය” යයි (තමන්ගේ මූඩ ප්‍රතිපත්තීන්ට අනුව) ඔවුන් පවසන්නාහ. තවද (ඒ ආකාරයටම වෙනත්) සමහර ගමේ සතුන්ගේ පිට කොඳු තහනම් කරනු ලැබ ඇත්තේය. (ඒවා මත නැගීමද, බර පැටවීමද නොකළ යුතුය) යයිද, වෙනත් ගමේ සතුන්ව (සඳහන් කර උන්ගේ ඛෙල්ල කපන විට) ඒවා කෙරෙහි අල්ලාහ්ගේ ශුද්ධ වූ නාමය නොපැවසිය යුතුය යයිද, (අල්ලාහ් නියෝග කර ඇත්තේය යයි) අල්ලාහ් මත බොරු ගොතා මනක්කල්පිත (කර) පවසන්නාහ. ඔවුන්ගේ මෙම බොරු කියමනට සරිලන ඵලවිපාක (දෙවියන්) නියත වශයෙන්ම ඔවුන්ට දෙනු ඇත