Surah Al-Anaam Verse 144 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَمِنَ ٱلۡإِبِلِ ٱثۡنَيۡنِ وَمِنَ ٱلۡبَقَرِ ٱثۡنَيۡنِۗ قُلۡ ءَآلذَّكَرَيۡنِ حَرَّمَ أَمِ ٱلۡأُنثَيَيۡنِ أَمَّا ٱشۡتَمَلَتۡ عَلَيۡهِ أَرۡحَامُ ٱلۡأُنثَيَيۡنِۖ أَمۡ كُنتُمۡ شُهَدَآءَ إِذۡ وَصَّىٰكُمُ ٱللَّهُ بِهَٰذَاۚ فَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبٗا لِّيُضِلَّ ٱلنَّاسَ بِغَيۡرِ عِلۡمٍۚ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّـٰلِمِينَ
“ඔටුවන්ගෙන්ද (ගැහැනු පිරිමි) දෙවර්ගයකි. ගවයන්ගෙන්ද දෙවර්ගයක් (ඇත). මේ දෙවර්ගයේ ඇති පිරිමි සතුන්වද, නැතහොත් මේ දෙවර්ගයේ ඇති ගැහැනු සතුන්වද, නැතහොත් මේ දෙවර්ගයේ ගැහැනු සතුන්ගේ ගර්භයන්හි ඇති දැයද, (දෙවියන් විසින්) තහනම් කර ඇත්තේ?” යයි (නබියේ!) ඔබ විමසනු (මැනව!). “මෙසේ (තහනම් කර) අල්ලාහ් ඔබට (අණ කරනු ලැබුවේය යයි පවසනවා නොවෙද? එසේ ඔහු) නියෝග කළ අවස්ථාවේදී ඔබත් ඒ ඉදිරියේ සිටියෙහුද?” (යයිද නබියේ! ඔබ ඔවුන්ගෙන් විමසනු මැනව!). මනක්කල්පිතව අල්ලාහ් මත බොරු ගොතා කිසිම සාක්ෂියක් නොමැතිව (බුද්ධියක් නැති) ජනතාව, මාර්ගය වැරද යවන්නන්ට වඩා අපරාධකරුවන් කවරෙක්ද? නියත වශයෙන්ම අල්ලාහ් (මෙවැනි) අපරාධකාර ජනතාව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත