Surah Al-Anaam Verse 145 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamقُل لَّآ أَجِدُ فِي مَآ أُوحِيَ إِلَيَّ مُحَرَّمًا عَلَىٰ طَاعِمٖ يَطۡعَمُهُۥٓ إِلَّآ أَن يَكُونَ مَيۡتَةً أَوۡ دَمٗا مَّسۡفُوحًا أَوۡ لَحۡمَ خِنزِيرٖ فَإِنَّهُۥ رِجۡسٌ أَوۡ فِسۡقًا أُهِلَّ لِغَيۡرِ ٱللَّهِ بِهِۦۚ فَمَنِ ٱضۡطُرَّ غَيۡرَ بَاغٖ وَلَا عَادٖ فَإِنَّ رَبَّكَ غَفُورٞ رَّحِيمٞ
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “මිනිසා ආහාරයට ගත හැකි දැයෙන් කිසිවක් තහනම් කර හැරියේ යයි මා හට දැනුම් දෙන ලද වහී හි මා දුටුවේ නැත. එහෙත් මැරුණු දැය, වෑහෙන ලේ, ඌරන්ගේ මස් මාංශ ආදිය නියත වශයෙන්ම අපිරිසිදුව ඇති බැවින් මේවාද; අල්ලාහ් නොවන දැයෙහි නාමයන් පැවසීම පාපයක් වශයෙන් ඇති බැවින් එයද, (තහනම් කරනු ලැබ ඇත්තේය)”. තවද සීමාව ඉක්මවා පාපයක් කිරීමේ අදහසක් නොමැතිව කවුරුන්ව හෝ බල කරනු ලැබ, (මේවා ආහාරයට) ගතහොත් (එය ඔවුන් කෙරෙහි වරදක් වන්නේ නැත). නියත වශයෙන්ම ඔබගේ දෙවියන් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන්ද සිටින්නේය