Surah Al-Anaam Verse 146 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَعَلَى ٱلَّذِينَ هَادُواْ حَرَّمۡنَا كُلَّ ذِي ظُفُرٖۖ وَمِنَ ٱلۡبَقَرِ وَٱلۡغَنَمِ حَرَّمۡنَا عَلَيۡهِمۡ شُحُومَهُمَآ إِلَّا مَا حَمَلَتۡ ظُهُورُهُمَآ أَوِ ٱلۡحَوَايَآ أَوۡ مَا ٱخۡتَلَطَ بِعَظۡمٖۚ ذَٰلِكَ جَزَيۡنَٰهُم بِبَغۡيِهِمۡۖ وَإِنَّا لَصَٰدِقُونَ
(නබියේ!) නියපොතු ඇති සතුන්, (වෙන් නොවුන කුර ඇති ඔටුවන්, ගිනි කුකුලන්, පාත්තයින් ආදී) සියල්ල (ආහාරයට නොගත යුතුය යයි) යුදෙව්වන්ට අපි තහනම් කර තිබුණෙමු. තවද එළු, ගව ආදියෙහිද, ඒවායේ පිට කොන්දෙහිද, නැතහොත් කුසෙහි හෝ නැතහොත් ඉළඇට සමග මුහු වී හෝ ඇති දැය හැර, (අනිත් කොටස්වල ඇති) මේදයද, අපි ඔවුන්ට තහනම් කර තිබුණෙමු. ඔවුන් (අපට) වෙස්කම් කිරීම නිසා දඬුවම් වශයෙන් මෙසේ ඔවුන්ට (තහනම් කර) දඬුවම් කර තිබුණෙමු. නියත වශයෙන්ම අපිම ඇත්ත කියන්නෙමු. (මෙයට වෙනස්ව පවසන යුදෙව්වන් බොරුකාරයින්ය)