Surah Al-Anaam Verse 148 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamسَيَقُولُ ٱلَّذِينَ أَشۡرَكُواْ لَوۡ شَآءَ ٱللَّهُ مَآ أَشۡرَكۡنَا وَلَآ ءَابَآؤُنَا وَلَا حَرَّمۡنَا مِن شَيۡءٖۚ كَذَٰلِكَ كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ حَتَّىٰ ذَاقُواْ بَأۡسَنَاۗ قُلۡ هَلۡ عِندَكُم مِّنۡ عِلۡمٖ فَتُخۡرِجُوهُ لَنَآۖ إِن تَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنۡ أَنتُمۡ إِلَّا تَخۡرُصُونَ
“අල්ලාහ් අදහස් කළේ නම් අපිද, අපගේ මුතුන් මිත්තන්ද, (අල්ලාහ්ට කිසිවක්) සමානයන් වශයෙන් නොතබන්නෙමු. (ආහාරයට ගත හැකි) කිසිවක් (අනුමැතිය නැතැයි) අපි වළක්වා හරින්නේද නැත” යයි සමානයන් තබා නමදින්නන් වන මොවුන් පවසන්නට ඉඩ ඇත. (නබියේ! මොවුන් සමච්චල් කරන) මේ අන්දමටම, මොවුන්ට පෙර විසූ අයද අපගේ දඬුවම විඳින තුරු (නබිවරුන්ව) බොරුකාරයින් කරමින්ම සිටියහ. (එබැවින් ඔබ ඔවුන්ට “මෙයට) ඔබ වෙත කිසියම් සාක්ෂියක් ඇත්තේද? (එසේ තිබුණහොත්) එය මා වෙත ගෙන එනු. ඔබ තමන් විසින්ම මනක්කල්පිත කර ගත් (ඔබගේ) පුහු සිතුවිල්ලෙහි ගැලී සිටින්නන් මිස, වෙන කිසිවක් නැතැයි කියනු මැනව