Surah Al-Anaam Verse 151 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaam۞قُلۡ تَعَالَوۡاْ أَتۡلُ مَا حَرَّمَ رَبُّكُمۡ عَلَيۡكُمۡۖ أَلَّا تُشۡرِكُواْ بِهِۦ شَيۡـٔٗاۖ وَبِٱلۡوَٰلِدَيۡنِ إِحۡسَٰنٗاۖ وَلَا تَقۡتُلُوٓاْ أَوۡلَٰدَكُم مِّنۡ إِمۡلَٰقٖ نَّحۡنُ نَرۡزُقُكُمۡ وَإِيَّاهُمۡۖ وَلَا تَقۡرَبُواْ ٱلۡفَوَٰحِشَ مَا ظَهَرَ مِنۡهَا وَمَا بَطَنَۖ وَلَا تَقۡتُلُواْ ٱلنَّفۡسَ ٱلَّتِي حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلۡحَقِّۚ ذَٰلِكُمۡ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمۡ تَعۡقِلُونَ
(නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “එනු! ඔබගේ දෙවියන් ඔබට තහනම් කරනු ලැබූ දැයද, (නියෝග කර ඇති දැයද), මා ඔබට සමුදීරණය කර පෙන්වන්නෙමි. (ඒවා නම්), ඔහුට කිසිවක් ඔබ සමානයන් නොකරනු. (ඔබගේ) දෙමව්පියන්ට (ආදරයෙන් යුතුව) ස්තූති කරනු. දුගීභාවයට (බියෙන්) ඔබගේ දරුවන්ව ඔබ ඝාතනය නොකරනු. (මන්දයත්) ඔබටත් ඔවුන්ටත් අපිම ආහාර ලබා දෙන්නෙමු. රහසින් හෝ ප්‍රසිද්ධියේ හෝ ඇති අවමන් ගෙන දෙන කාරණාවන් කිසිවකටත් ළං නොවනු. (ඝාතනය නොකළ යුතුය යයි) අල්ලාහ් තහනම් කරන ලද කිසිම මිනිසෙකු අසාධාරණයේ ඝාතනය නොකරනු. ඔබ (වැරදි නොකරන ලෙසට) වටහා ගනු පිණිස, මේවා (දෙවියන්) ඔබට (විස්තර කර) දේශනා කරන්නේය