Surah Al-Anaam Verse 160 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamمَن جَآءَ بِٱلۡحَسَنَةِ فَلَهُۥ عَشۡرُ أَمۡثَالِهَاۖ وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَلَا يُجۡزَىٰٓ إِلَّا مِثۡلَهَا وَهُمۡ لَا يُظۡلَمُونَ
කවුරුන් හෝ එක් දැහැමි දැයක් කළහොත් ඔහුට එවැනි දහ ගුණයක් (පින්) ඇත. කවුරුන් හෝ එක් පාපයක් කළහොත් එවැනිම දැයක් මිස, (අධික වශයෙන්) ඔහුට ඵලවිපාක දෙනු ලබන්නේ නැත. (වැරැද්දට අධික වශයෙන් දඬුවම් ලබා දී හෝ නැතහොත් පින් ඇති දැයට සරිලන ඵලවිපාක අඩු කර හෝ) ඔවුන්ට අපරාධයක් කරනු නොලබන්නාහ