Surah Al-Anaam Verse 93 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوۡ قَالَ أُوحِيَ إِلَيَّ وَلَمۡ يُوحَ إِلَيۡهِ شَيۡءٞ وَمَن قَالَ سَأُنزِلُ مِثۡلَ مَآ أَنزَلَ ٱللَّهُۗ وَلَوۡ تَرَىٰٓ إِذِ ٱلظَّـٰلِمُونَ فِي غَمَرَٰتِ ٱلۡمَوۡتِ وَٱلۡمَلَـٰٓئِكَةُ بَاسِطُوٓاْ أَيۡدِيهِمۡ أَخۡرِجُوٓاْ أَنفُسَكُمُۖ ٱلۡيَوۡمَ تُجۡزَوۡنَ عَذَابَ ٱلۡهُونِ بِمَا كُنتُمۡ تَقُولُونَ عَلَى ٱللَّهِ غَيۡرَ ٱلۡحَقِّ وَكُنتُمۡ عَنۡ ءَايَٰتِهِۦ تَسۡتَكۡبِرُونَ
(නබියේ!) මනක්කල්පිතව අල්ලාහ් මත බොරු ගොතා කියන්නන්ට වඩා, නැතහොත් වහී මගින් ඔහුට කිසිවක් දැනුම් නොදී තිබියදී “මටත් වහී පහළ විය” යයි පවසන්නාට වඩා, නැතහොත් “අල්ලාහ් පහළ කළ මෙ(ම ධර්ම)ය වැන්නක් මමත් පහළ කරන්නෙමි” යයි පවසන්නාට වඩා අපරාධකාරයා කවරෙක්ද? මෙම අපරාධකාරයින් මරණ මංචකයෙහි සිටින අවස්ථාවේදී ඔබ ඔවුන්ව දකින්නෙහි නම්, මලායිකාවරුන් තමන්ගේ අත් දිගු කර, (ඔවුන්ට) “ඔබගේ පණ ලබා දෙනු. අද දින අවමන් ගෙන දෙන දඬුවමම ඔබට ඵලවිපාක වශයෙන් දෙනු ලබනු ඇත. ඔබ සත්‍යය නොවන දැය අල්ලාහ් කෙරෙහි (බොරු) කියා ඔහුගේ ආයාවන්ද උ~ගුකම මගින් ඔබ ප්‍රතික්ෂේප කිරීමම මෙයට හේතු වේ” (යයි පවසනු ඔබ දකින්නෙහිය)