Surah Al-Anaam Verse 94 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَلَقَدۡ جِئۡتُمُونَا فُرَٰدَىٰ كَمَا خَلَقۡنَٰكُمۡ أَوَّلَ مَرَّةٖ وَتَرَكۡتُم مَّا خَوَّلۡنَٰكُمۡ وَرَآءَ ظُهُورِكُمۡۖ وَمَا نَرَىٰ مَعَكُمۡ شُفَعَآءَكُمُ ٱلَّذِينَ زَعَمۡتُمۡ أَنَّهُمۡ فِيكُمۡ شُرَكَـٰٓؤُاْۚ لَقَد تَّقَطَّعَ بَيۡنَكُمۡ وَضَلَّ عَنكُم مَّا كُنتُمۡ تَزۡعُمُونَ
හැරත් (දෙවියන් පරලොවදී ඔවුන්ට) “පළමු වාරයේදී අපි ඔබව උත්පාදනය කළ අන්දමටම (ඔබ සමග කිසිවක් නොමැතිව) ඔබ නියත වශයෙන්ම තනියෙන්ම අප වෙත පැමිණ සේන්දු වී ඇත්තෙහුය. අපි ඔබට ලබා දී තිබුණු දැයද, ඔබගේ පිට කොන්ද පැත්තෙන් අත්හැර දැමුවා නොවෙද! (ඔබව උත්පාදනය කිරීමෙහිද, පෝෂණය කිරීමෙහිද, දෙවියන්ට) සහායකයන් වශයෙන් ඔබ කවුරුන්ව සිතාගෙන සිටින්නෙහුද, ඔවුන් ඔබට මැදිහත් වී කතා කිරීමට ඔබ සමග දකින්නට නැත නොවෙද! (ඔවුන්ටද), ඔබටද අතරේ තිබුණු සම්බන්ධතාවයන් සියල්ල පහ වී ඔබගේ විශ්වාසයන් සියල්ල වැරද ගියේය” (යයි පවසනු ඇත)