Surah Al-Anaam Verse 99 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَهُوَ ٱلَّذِيٓ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَخۡرَجۡنَا بِهِۦ نَبَاتَ كُلِّ شَيۡءٖ فَأَخۡرَجۡنَا مِنۡهُ خَضِرٗا نُّخۡرِجُ مِنۡهُ حَبّٗا مُّتَرَاكِبٗا وَمِنَ ٱلنَّخۡلِ مِن طَلۡعِهَا قِنۡوَانٞ دَانِيَةٞ وَجَنَّـٰتٖ مِّنۡ أَعۡنَابٖ وَٱلزَّيۡتُونَ وَٱلرُّمَّانَ مُشۡتَبِهٗا وَغَيۡرَ مُتَشَٰبِهٍۗ ٱنظُرُوٓاْ إِلَىٰ ثَمَرِهِۦٓ إِذَآ أَثۡمَرَ وَيَنۡعِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكُمۡ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ
ඔහුම වලාකුළෙන් වැස්ස පහළ කර තබන්නේය. එමගින්ම සියලූම වර්ගයේ පැළෑටි අපි පැළවීමට සලස්වා, එයින් සාරවත් තලයන්ද අපි ඉකුත් කළෙමු. එයින් ඝනට වැඩුණු ධාන්‍යයෙන් (පිරි කරල්ද) අපි ඉකුත් කරන්නෙමු. ඉඳි ගසේ අතුවලින් නැමී එල්ලෙන පලතුරු වලූද ඇත්තේය. (ඒවාද අපිම ඉකුත් කරන්නෙමු). මිදි වතුද (බැලු බැල්මට) එකම ආකාරයටද, (රසයෙන්) විවිධවද ඇති දෙළුම්, සෙයිතූන් (ඔලිව්), ආදියද (අපිම ඉකුත් කළෙමු). ඒවායේ පලතුරු බලනු මැනව! ඒවා (මල් පිපී) ගෙඩි හට ගැනීමද, පසුව ඉදී, ඉදුණු පලතුරු බවට පෙරළෙන අන්දමද (අවධානයෙන් යුතුව බලනු මැනව!) විශ්වාසය තබන ජනතාවට නියත වශයෙන්ම මෙහි සාධකයන් බොහොමයක් ඇත