Surah Al-Mumtahana Verse 4 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Mumtahanaقَدۡ كَانَتۡ لَكُمۡ أُسۡوَةٌ حَسَنَةٞ فِيٓ إِبۡرَٰهِيمَ وَٱلَّذِينَ مَعَهُۥٓ إِذۡ قَالُواْ لِقَوۡمِهِمۡ إِنَّا بُرَءَـٰٓؤُاْ مِنكُمۡ وَمِمَّا تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ كَفَرۡنَا بِكُمۡ وَبَدَا بَيۡنَنَا وَبَيۡنَكُمُ ٱلۡعَدَٰوَةُ وَٱلۡبَغۡضَآءُ أَبَدًا حَتَّىٰ تُؤۡمِنُواْ بِٱللَّهِ وَحۡدَهُۥٓ إِلَّا قَوۡلَ إِبۡرَٰهِيمَ لِأَبِيهِ لَأَسۡتَغۡفِرَنَّ لَكَ وَمَآ أَمۡلِكُ لَكَ مِنَ ٱللَّهِ مِن شَيۡءٖۖ رَّبَّنَا عَلَيۡكَ تَوَكَّلۡنَا وَإِلَيۡكَ أَنَبۡنَا وَإِلَيۡكَ ٱلۡمَصِيرُ
ඉබ්රාහීම් වෙතින්ද, ඔහු සමග සිටි අය වෙතින්ද, ඔබට එක් අලංකාරවත් ආදර්ශයක් නියත වශයෙන්ම ඇත්තේය. ඔවුන් තම ජනතාවට “නියත වශයෙන්ම අපි ඔබගෙන්ද, අල්ලාහ් හැර ඔබ නමදිමින් සිටින දැයෙන්ද, ඈත් වුනෙමු. නියත වශයෙන්ම අපි ඔබවද, (ඒවාද) ප්‍රතික්ෂේප කර හැරියෙමු. අල්ලාහ් එක් කෙනෙකුවම ඔබ විශ්වාස කරන තුරු අපටත් ඔබටත් අතරේ විරෝධයද, ක්‍රෝධයද ඇති වී ගියේය” යයි පැවසූහ. තවද ඉබ්රාහීම් තම (වදන නොඇසූ තම) පියාට “අල්ලාහ් වෙතින් ඔබ වෙනුවෙන් (ඔහුගේ දඬුවමෙන්) යම් කිසිවක් වැළැක්වීමට මට ශක්තියක් නැත. එහෙත් ඔබ වෙනුවෙන් ඔහු වෙතින් පසුව මා සමාව අයදිමි” යයි පවසා, “මගේ දෙවියනේ! ඔබවම අපි විශ්වාස කළෙමු. ඔබ වෙතම අපි බැල්ම හෙලූවෙමු. ඔබ වෙතම (අපි සියල්ලන්ම) පැමිණිය යුතුව ඇත්තේය”