Surah As-Saff Verse 14 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah As-Saffيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُونُوٓاْ أَنصَارَ ٱللَّهِ كَمَا قَالَ عِيسَى ٱبۡنُ مَرۡيَمَ لِلۡحَوَارِيِّـۧنَ مَنۡ أَنصَارِيٓ إِلَى ٱللَّهِۖ قَالَ ٱلۡحَوَارِيُّونَ نَحۡنُ أَنصَارُ ٱللَّهِۖ فَـَٔامَنَت طَّآئِفَةٞ مِّنۢ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ وَكَفَرَت طَّآئِفَةٞۖ فَأَيَّدۡنَا ٱلَّذِينَ ءَامَنُواْ عَلَىٰ عَدُوِّهِمۡ فَأَصۡبَحُواْ ظَٰهِرِينَ
විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්ට උදව් කරන්නන් බවට පත් වනු. මර්යම්ගේ පුත් ඊසා (තමන්ගේ) ගෝලයින්ට “අල්ලාහ් වෙනුවෙන් මට උදව් කරන්නා කවරෙක්ද?”යි විමසූ අවස්ථාවේදී “අපි අල්ලාහ් වෙනුවෙන් උදව් කරන්නෙමු” යයි එම ගෝලයින් පැවසූ අන්දමටම (විශ්වාසවන්තයිනි! ඔබත් අල්ලාහ්ට උදව් කරන්නන් බවට පත් වනු). එහෙත් ඉස්රායීල පරම්පරාවේ දරුවන්ගෙන් එක් (කුඩා) සමූහයක්ම (ඔහුව) විශ්වාස කළහ. අනිත් (විශාල) සමූහයක් (ඔහුව) ප්‍රතික්ෂේප කළහ. එබැවින් විශ්වාස කළ ඔවුන්ට ඔවුන්ගේ සතුරන් කෙරෙහි (ජයග්‍රහණය කිරීමට) අපිම උදව් කළෙමු. එබැවින් ඔවුන් ජයග්‍රහණය කළහ