Surah At-Taghabun Verse 9 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taghabunيَوۡمَ يَجۡمَعُكُمۡ لِيَوۡمِ ٱلۡجَمۡعِۖ ذَٰلِكَ يَوۡمُ ٱلتَّغَابُنِۗ وَمَن يُؤۡمِنۢ بِٱللَّهِ وَيَعۡمَلۡ صَٰلِحٗا يُكَفِّرۡ عَنۡهُ سَيِّـَٔاتِهِۦ وَيُدۡخِلۡهُ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ
ඒකරාශී කරන (විනිශ්චය) දිනය වෙනුවෙන් ඔබව ඒකරාශී කරන දිනදී (එහි ඵලවිපාක ඔබ දැන ගන්නෙහුය). එයයි (පින්, පව්) එළිදරව් වන දිනය. කවුරුන් අල්ලාහ්ව විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් කරන්නේද, ඔහුගේ පාපයන් ඔහුගෙන් ඈත් කර, සදාකල් දියදහරා ගලමින් ඇති ස්වර්ගයන්හිද ඔහුව (අල්ලාහ් වන) ඔහු ඇතුළු කරන්නේය. සදාකල්ම ඒවායෙහි ඔවුන් රැඳී සිටින්නාහ. මෙය අති විශාල භාග්‍යයකි