Surah At-Talaq Verse 12 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Talaqٱللَّهُ ٱلَّذِي خَلَقَ سَبۡعَ سَمَٰوَٰتٖ وَمِنَ ٱلۡأَرۡضِ مِثۡلَهُنَّۖ يَتَنَزَّلُ ٱلۡأَمۡرُ بَيۡنَهُنَّ لِتَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ وَأَنَّ ٱللَّهَ قَدۡ أَحَاطَ بِكُلِّ شَيۡءٍ عِلۡمَۢا
අහස් හතක්ද, ඒවා මෙන් භූමියද අල්ලාහ්ම උත්පාදනය කළේය. ඒවා අතර (දිනපතා සිදු විය හැකි සියලූ කාරණාවන් ගැන වූ) නියෝගයන් පහළ කරමින්ම සිටින්නේය. (එබැවින් විශ්වාසවන්තයිනි!) නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල කෙරෙහි බලසම්පන්නයෙකු යනුවෙන්ද, නියත වශයෙන්ම අල්ලාහ් තම ඥානයෙන් සියල්ල වටකරගෙන සිටින්නේය යනුවෙන්ද, ඔබ (නියත වශයෙන්ම) දැන ගනු මැනව