Surah At-Talaq Verse 6 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Talaqأَسۡكِنُوهُنَّ مِنۡ حَيۡثُ سَكَنتُم مِّن وُجۡدِكُمۡ وَلَا تُضَآرُّوهُنَّ لِتُضَيِّقُواْ عَلَيۡهِنَّۚ وَإِن كُنَّ أُوْلَٰتِ حَمۡلٖ فَأَنفِقُواْ عَلَيۡهِنَّ حَتَّىٰ يَضَعۡنَ حَمۡلَهُنَّۚ فَإِنۡ أَرۡضَعۡنَ لَكُمۡ فَـَٔاتُوهُنَّ أُجُورَهُنَّ وَأۡتَمِرُواْ بَيۡنَكُم بِمَعۡرُوفٖۖ وَإِن تَعَاسَرۡتُمۡ فَسَتُرۡضِعُ لَهُۥٓ أُخۡرَىٰ
(තලාක් කීමෙන් පසු ඉද්දා සිටිය යුතු ඔබගේ) කාන්තාවන්ව ඔබ විසින් හැකි පමණ ඔබ සිටින ස්ථානයෙහිම වාසය කරන මෙන් සලස්වනු. ඔවුන්ට බලකිරීමේ (අදහසින්) ඔවුන්ට වේදනා නොකරනු. ඔවුන් ගැබ්බර කාන්තාවන් වශයෙන් සිටියහොත් ඔවුන් දරු ප්‍රසූතිය සිදු කරන තුරු ඔවුන්ට වියදමට (අවශ්‍ය මුදලක්) ලබා දෙමින් සිටිනු. (ප්‍රසුත කළායින්) පසුව (ළදරුවාට) ඔබ වෙනුවෙන් ඔවුන් කිරි දුන්නහොත් එයට අයත් කුලිය ඔවුන්ට ලබා දෙනු. (මේ ගැන කළින්ම) ඔබ අතරේ සමාදානව කතාබහ කර තීරණයකට එළඹෙනු. (මෙහිදී) ඔබ තුළ හිත් අමනාපයක් ඇති වුවහොත් (එම ළදරුවාට) වෙන කෙනෙකු ලවා කිරි දිය හැකිය