Surah At-Tahrim Verse 8 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Tahrimيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ تُوبُوٓاْ إِلَى ٱللَّهِ تَوۡبَةٗ نَّصُوحًا عَسَىٰ رَبُّكُمۡ أَن يُكَفِّرَ عَنكُمۡ سَيِّـَٔاتِكُمۡ وَيُدۡخِلَكُمۡ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ يَوۡمَ لَا يُخۡزِي ٱللَّهُ ٱلنَّبِيَّ وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥۖ نُورُهُمۡ يَسۡعَىٰ بَيۡنَ أَيۡدِيهِمۡ وَبِأَيۡمَٰنِهِمۡ يَقُولُونَ رَبَّنَآ أَتۡمِمۡ لَنَا نُورَنَا وَٱغۡفِرۡ لَنَآۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ
විශ්වාසවන්තයිනි! ඔබ කළවම් නොවුන මනසින් යුතුව (පාපයන්ගෙන් ඈත් වී) අල්ලාහ් දෙසට හැරෙනු. ඔබගේ දෙවියන් නම්, ඔබගේ පාපයන් ඔබගෙන් ඈත් කර, (ක්ෂමා කර) ස්වර්ගයන්හිද ඔබව ඇතුළු කර හරින්නේය. ඒවායෙහි දිය දහරා සදාකල් ගලා බසිමින්ම ඇත්තේය. (තමන්ගේ නබිවද, ඔහු සමග විශ්වාසය තැබූවන්වද, එදිනදී අල්ලාහ් අවමන් කරන්නේ නැත. (එදිනදී) මොවුන්ගේ ආලෝකය මොවුන්ගේ ඉදිරියෙන්ද, මොවුන්ගේ දකුණු පැත්තෙන්ද, ඇතුළු වී දිවෙමින්ම ඇත්තේය. තවද ඔවුන් “අපගේ දෙවියනේ! අපට අපගේ ආලෝකය (නොනිවී) ඔබ පරිපූරණය කර තබනු. අපගේ වැරදිවලටද ඔබ ක්ෂමා කර දයාව පහළ කරනු මැනව! නියත වශයෙන්ම ඔබ සියලූ දැය කෙරෙහි බලසම්පන්නයෙකි” යයි ප්‍රාර්ථනා කරමින් සිටින්නාහ