Surah Al-Araf Verse 150 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَلَمَّا رَجَعَ مُوسَىٰٓ إِلَىٰ قَوۡمِهِۦ غَضۡبَٰنَ أَسِفٗا قَالَ بِئۡسَمَا خَلَفۡتُمُونِي مِنۢ بَعۡدِيٓۖ أَعَجِلۡتُمۡ أَمۡرَ رَبِّكُمۡۖ وَأَلۡقَى ٱلۡأَلۡوَاحَ وَأَخَذَ بِرَأۡسِ أَخِيهِ يَجُرُّهُۥٓ إِلَيۡهِۚ قَالَ ٱبۡنَ أُمَّ إِنَّ ٱلۡقَوۡمَ ٱسۡتَضۡعَفُونِي وَكَادُواْ يَقۡتُلُونَنِي فَلَا تُشۡمِتۡ بِيَ ٱلۡأَعۡدَآءَ وَلَا تَجۡعَلۡنِي مَعَ ٱلۡقَوۡمِ ٱلظَّـٰلِمِينَ
(මෙයට සවන් දුන්) මූසා කෝපයෙන් යුතුවද, ශෝකයෙන් යුතුවද, තම ජනතාව වෙත ආපසු හැරී පැමිණි අවස්ථාවේදී, (ඔවුන්ට) “මා නොසිටි අවස්ථාවේදී ඔබ කළ මෙම කාරණාව ඉතාමත් නපුරුය. ඔබගේ දෙවියන්ගේ නියෝගය (වන දඬුවම) ඔබ ඉක්මන් කරන්නෙහුද?”යි විමසා (දෙවියන්ගේ අණ ලියන ලද ගල්) ලෑල්ල වීසි කර දමා, තම සහෝදරයාගේ හිස (කෙස්) වලින් අල්ලා තමන් දෙසට ඇද්දේය. (එයට) ඔහු “මගේ මවගේ පුතුනේ!මෙම ජනතාව නියත වශයෙන්ම මාව ඛෙලහීන කර, මාව මරා දමන්නටද ඉදිරිපත් වූහ. (එයින් මා කිසිවක් කර කියා ගත නොහැකි විය. එබැවින් මාව අවමන් කර) මගේ සතුරන් සිනහවීමට ඔබ ඉඩ නොතබනු (මැනව!) මෙම අපරාධකාර ජනතාව සමග මාව එක්කාසු නොකරනු (මැනව!)” යයි කීවේය