Surah Al-Araf Verse 155 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَٱخۡتَارَ مُوسَىٰ قَوۡمَهُۥ سَبۡعِينَ رَجُلٗا لِّمِيقَٰتِنَاۖ فَلَمَّآ أَخَذَتۡهُمُ ٱلرَّجۡفَةُ قَالَ رَبِّ لَوۡ شِئۡتَ أَهۡلَكۡتَهُم مِّن قَبۡلُ وَإِيَّـٰيَۖ أَتُهۡلِكُنَا بِمَا فَعَلَ ٱلسُّفَهَآءُ مِنَّآۖ إِنۡ هِيَ إِلَّا فِتۡنَتُكَ تُضِلُّ بِهَا مَن تَشَآءُ وَتَهۡدِي مَن تَشَآءُۖ أَنتَ وَلِيُّنَا فَٱغۡفِرۡ لَنَا وَٱرۡحَمۡنَاۖ وَأَنتَ خَيۡرُ ٱلۡغَٰفِرِينَ
මූසා අපි සඳහන් කළ වේලාවට (තූර් නමැති කන්දට තමන් සමග යාම) සඳහා තම ජනතාවගෙන් පිරිමි හැත්තෑ දෙනෙකු තෝරා ගත්තේය. ඔවුන්ව භූමි කම්පාව අල්ලා ගත් විට, (සිහි මූර්ඡා වී වැටුණු) ඔහු (තම දෙවියන්ට) “මගේ දෙවියනේ!(අපව විනාශ කර දැමිය යුතුය යයි) ඔබ අදහස් කළේ නම්, මීට පෙරම මාවද මොවුන්වද විනාශ කර දමන්නට ඉඩ තිබුණා නොවෙද? අපගෙන් වූ අඥානයන් සමහරෙක් කළ (වරදට) අප සියල්ලන්වම ඔබ විනාශ කර දමන්නෙහුද? මෙය ඔබගේ පිරික්සුම මිස, වෙන කිසිවක් නැත. මෙමගින් ඔබ අදහස් කරන්නන්ව මාර්ගය වැරද යාමට සලස්වන්නේය. ඔබ අදහස් කරන්නන්ව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය. ඔබයි අපගේ ආරක්ෂකයා. එබැවින් ඔබ අපට සමාව දී අපට ඔබ දයාව පහළ කරනු මැනව!සමාව ලබා දෙන්නන් සියල්ලන්ගෙන්ම ඔබම ඉතාමත් ශ්‍රේෂ්ඨය” යයිද (ප්‍රාර්ථනා කර) කීවේය