Surah Al-Araf Verse 158 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafقُلۡ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِنِّي رَسُولُ ٱللَّهِ إِلَيۡكُمۡ جَمِيعًا ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ لَآ إِلَٰهَ إِلَّا هُوَ يُحۡيِۦ وَيُمِيتُۖ فَـَٔامِنُواْ بِٱللَّهِ وَرَسُولِهِ ٱلنَّبِيِّ ٱلۡأُمِّيِّ ٱلَّذِي يُؤۡمِنُ بِٱللَّهِ وَكَلِمَٰتِهِۦ وَٱتَّبِعُوهُ لَعَلَّكُمۡ تَهۡتَدُونَ
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “මිනිසුනේ!(ඔබ කුමන දේශයක අය වුවද, කුමන සමූහයක අය වුවද), ඇත්තෙන්ම මා ඔබ සියල්ලන්ටම අල්ලාහ් විසින් එවන ලද එක් දූතයෙකි. අහස්හිද, භූමියෙහිද රාජ්‍යය ඔහුටම අයත්ය!(නැමදුමට හිමි) දෙවියා ඔහු මිස, වෙන කිසිවෙකුත් නැත. ඔහුම පණ දෙන්නේය. මරණයටද පත් කරන්නේය. එබැවින් එම අල්ලාහ්වද, ලියන්නට දැනුමක් නැති නබි වන ඔහුගේ දූතයාවද ඔබ විශ්වාස කරනු මැනව!ඔහු පවා අල්ලාහ්වද, ඔහුගේ ආයාවන්ද විශ්වාස කරන්නේය. එබැවින් ඔබ ඍජු මාර්ගය අත් කර ගැනීම පිණිස ඔහුවම ඔබ අනුගමනය කරනු