Surah Al-Araf Verse 157 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafٱلَّذِينَ يَتَّبِعُونَ ٱلرَّسُولَ ٱلنَّبِيَّ ٱلۡأُمِّيَّ ٱلَّذِي يَجِدُونَهُۥ مَكۡتُوبًا عِندَهُمۡ فِي ٱلتَّوۡرَىٰةِ وَٱلۡإِنجِيلِ يَأۡمُرُهُم بِٱلۡمَعۡرُوفِ وَيَنۡهَىٰهُمۡ عَنِ ٱلۡمُنكَرِ وَيُحِلُّ لَهُمُ ٱلطَّيِّبَٰتِ وَيُحَرِّمُ عَلَيۡهِمُ ٱلۡخَبَـٰٓئِثَ وَيَضَعُ عَنۡهُمۡ إِصۡرَهُمۡ وَٱلۡأَغۡلَٰلَ ٱلَّتِي كَانَتۡ عَلَيۡهِمۡۚ فَٱلَّذِينَ ءَامَنُواْ بِهِۦ وَعَزَّرُوهُ وَنَصَرُوهُ وَٱتَّبَعُواْ ٱلنُّورَ ٱلَّذِيٓ أُنزِلَ مَعَهُۥٓ أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ
(එබැවින් ඔවුන්ගෙන්) කවුරුන් ලියන්නට දැනුමක් නැති (අපගේ) දුතයා වන මෙම නබිව අනුගමනය කරන්නෝද, ඔවුන් තමන් වෙත ඇති තව්රාතයෙහිද, ඉන්ජීල්හිද මොහු ගැන ලියනු ලැබ ඇති දැය දකින්නෙහුය. (මෙම දුතයා නම්), ඔවුන්ව දැහැමි කාරණාවන් (කරන මෙන්) අණ කර, පාපතර ක්‍රියාවන්ගෙන් ඔවුන්ව ඈත් කරනු ඇත. හොඳ දැයම ඔවුන්ට අනුමත කර තබනු ඇත. නපුරු දැය ඔවුන්ට වළක්වා හරිනු ඇත. තවද ඔවුන්ගේ අමාරුකම් ඔවුන්ගෙන් පහ කර, ඔවුන් කෙරෙහි වූ බැමි බන්ධනයන්ද, (දෙවියන්ගේ විවිධ දැඩි නියෝගයන්ද දෙවියන්ගේ අනුමැතියෙන්) පහ කර හරිනු ඇත. එබැවින් ඔවුන්, ඔහුව (ඇත්තෙන්ම) විශ්වාස කර, ඔහුව ශක්තිමත් කර, ඔහුට උදව් උපකාර කර, ඔහු කෙරෙහි පහළ කරන ලද ආලෝකය (මෙම ධර්මය) අනුගමනය කරන්නෝද, ඔවුන්ම ජයග්‍රාහකයින්ය