Surah Al-Araf Verse 187 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafيَسۡـَٔلُونَكَ عَنِ ٱلسَّاعَةِ أَيَّانَ مُرۡسَىٰهَاۖ قُلۡ إِنَّمَا عِلۡمُهَا عِندَ رَبِّيۖ لَا يُجَلِّيهَا لِوَقۡتِهَآ إِلَّا هُوَۚ ثَقُلَتۡ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ لَا تَأۡتِيكُمۡ إِلَّا بَغۡتَةٗۗ يَسۡـَٔلُونَكَ كَأَنَّكَ حَفِيٌّ عَنۡهَاۖ قُلۡ إِنَّمَا عِلۡمُهَا عِندَ ٱللَّهِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ
(නබියේ! විනිශ්චය) කාලය ගැන එය කවදා එන්නේදැයි ඔවුන් ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: “එහි විනාශය මගේ දෙවියන්ගේ සන්නිධානයෙහිම ඇත්තේය. එය පැමිණෙන වේලාව ඔහු මිස, වෙන කිසිවෙකුටත් පැහැදිලි කිරීමක්ද කළ නොහැකිය. (ඒ අතරම) අහස්හිද, භූමියෙහිද ඉමහත් වූ සිදුවීම් සිදු වනු ඇත. හදිසියේ මිස, (එය) ඔබ වෙත පැමිණෙන්නේ නැත”. එය සම්පූර්ණයෙන්ම දැන ගත් කෙනෙකු වශයෙන් ඔබව ඔවුන් සළකා, (ඒ ගැන) ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: “එහි දැනුම අල්ලාහ්ගේ සන්නිධානයෙහිම ඇත්තේය. මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (එය) දැන නොගන්නාහ”