Surah Al-Araf Verse 189 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Araf۞هُوَ ٱلَّذِي خَلَقَكُم مِّن نَّفۡسٖ وَٰحِدَةٖ وَجَعَلَ مِنۡهَا زَوۡجَهَا لِيَسۡكُنَ إِلَيۡهَاۖ فَلَمَّا تَغَشَّىٰهَا حَمَلَتۡ حَمۡلًا خَفِيفٗا فَمَرَّتۡ بِهِۦۖ فَلَمَّآ أَثۡقَلَت دَّعَوَا ٱللَّهَ رَبَّهُمَا لَئِنۡ ءَاتَيۡتَنَا صَٰلِحٗا لَّنَكُونَنَّ مِنَ ٱلشَّـٰكِرِينَ
එක ආත්මයකින් (ආදම්ගෙන්) නුඹලා ව මවා ඇය සමඟ වාසය කරනු පිණිස එයින් එහි සහකාරිය (හව්වා-ඒවා) ඇති කළේ ඔහුය. ඔහු ඇය වෙළා ගත් කල්හි ඇය ( දරුවෙකු පිළිසිඳ) සැහැල්ලු බරක් ඉසිලුවාය. පසු ව ඇය ඒ සමඟ ගමන් ගත්තාය. ඇයට එය බරින් වැඩි වූ කල්හි ‘ඔබ අපට (අඩුපාඩු වලින් තොර) යහපත් කෙනෙකු පිරිනැමුවෙහි නම් අපි කෘතවේදීන් අතුරින් වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා ඔවුන් දෙදෙනාගේ පරමාධිපතිගෙන් අයැද සිටියහ