Surah Al-Araf Verse 37 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafفَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوۡ كَذَّبَ بِـَٔايَٰتِهِۦٓۚ أُوْلَـٰٓئِكَ يَنَالُهُمۡ نَصِيبُهُم مِّنَ ٱلۡكِتَٰبِۖ حَتَّىٰٓ إِذَا جَآءَتۡهُمۡ رُسُلُنَا يَتَوَفَّوۡنَهُمۡ قَالُوٓاْ أَيۡنَ مَا كُنتُمۡ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِۖ قَالُواْ ضَلُّواْ عَنَّا وَشَهِدُواْ عَلَىٰٓ أَنفُسِهِمۡ أَنَّهُمۡ كَانُواْ كَٰفِرِينَ
කවුරුන් අල්ලාහ් කෙරෙහි බොරු ගොතා මනක්කල්පිත කර පවසන්නෝද, නැතහොත් ඔහුගේ ආයාවන් බොරු කරන්නෝද, ඔහුට වඩා අපරාධකරුවා කවරෙක්ද? (මෙලොවදී ඔවුන් ජීවත් වන තුරු) ඔවුන්ට නියම කර ඇති (ආහාර, වස්තුව ආදී) දැය ඔවුන්ට ලැඛෙමින්ම පවතී. (ඔවුන්ගේ කාලය අවසන් වී) ඔවුන්ගේ පණ අත්පත් කිරීමට අපගේ මලායිකාවරුන් ඔවුන් වෙත පැමිණෙන අවස්ථාවේදී, (ඔවුන්ට) “ඔබ ආරාධනා කරමින් තිබූ අල්ලාහ් නොවන දැය කොහේද?”යි ඔවුන් විමසනු ඇත. එයට ඔවුන් “(ඒවා සියල්ල) අපව අත්හැර දමා (දිව ගොස්) සැඟවී ගියහ” යයි කියා, ඇත්තෙන්ම අපි (සත්‍යය) ප්‍රතික්ෂේප කරන්නන් වශයෙන් සිටි බවද, තමන්ට විරුද්ධවම සාක්ෂි දරන්නාහ