Surah Al-Araf Verse 38 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafقَالَ ٱدۡخُلُواْ فِيٓ أُمَمٖ قَدۡ خَلَتۡ مِن قَبۡلِكُم مِّنَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ فِي ٱلنَّارِۖ كُلَّمَا دَخَلَتۡ أُمَّةٞ لَّعَنَتۡ أُخۡتَهَاۖ حَتَّىٰٓ إِذَا ٱدَّارَكُواْ فِيهَا جَمِيعٗا قَالَتۡ أُخۡرَىٰهُمۡ لِأُولَىٰهُمۡ رَبَّنَا هَـٰٓؤُلَآءِ أَضَلُّونَا فَـَٔاتِهِمۡ عَذَابٗا ضِعۡفٗا مِّنَ ٱلنَّارِۖ قَالَ لِكُلّٖ ضِعۡفٞ وَلَٰكِن لَّا تَعۡلَمُونَ
(එයට දෙවියන් ඔවුන්ට) “ජින්වරුන්ගෙන්ද, මිනිසුන්ගෙන්ද, ඔබටපෙර ඉකුත් වූ (ඔබ මෙන් පාපතරයන් වන) සමූහය සමග ඔබත් එකතු වී නිරයට යනු” යයි පවසන්නේය. ඔවුන්ගේ සෑම සමූහයක්ම (නිරයට) ගිය විට, (පෙර එහි පැමිණ සිටි) තමන්ගේ වාර්ගිකයින්ව මුමුනා ශාප කරන්නාහ. (මෙසේ) මොවුන් සියල්ලන්ම නිරය අත් කර ගත් පසු (ඔවුන්ගෙන්) පසු පැමිණෙන්නන් (තමන්ට) පෙර පැමිණියන්ව ගෙනහැර දක්වා “අපගේ දෙවියනේ!මොවුන් අපිව මාර්ගය වැරද යාමට සැලැස්වූහ. එබැවින් ඔවුන්ට (අපට වඩා) දෙගුණයකින් නිරා දඬුවම දෙනු මැනව!” යයි පවසන්නාහ. එයට ඔහු “ඔබගෙන් සියල්ලන්ටම දෙගුණයක් (දඬුවම්) ඇත. එහෙත් (මීට හේතුව) ඔබ දැන ගන්නේ නැත” යයි පවසන්නේය