Surah Al-Araf Verse 44 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَنَادَىٰٓ أَصۡحَٰبُ ٱلۡجَنَّةِ أَصۡحَٰبَ ٱلنَّارِ أَن قَدۡ وَجَدۡنَا مَا وَعَدَنَا رَبُّنَا حَقّٗا فَهَلۡ وَجَدتُّم مَّا وَعَدَ رَبُّكُمۡ حَقّٗاۖ قَالُواْ نَعَمۡۚ فَأَذَّنَ مُؤَذِّنُۢ بَيۡنَهُمۡ أَن لَّعۡنَةُ ٱللَّهِ عَلَى ٱلظَّـٰلِمِينَ
(එදින) ස්වර්ගවාසීන් නිරාවාසීන්ට “අපගේ දෙවියන් අපට ලබා දුන් පොරොන්දු ඇත්තෙන්ම අපි දුටුවෙමු. ඔබත් ඔබගේ දෙවියන් ඔබට ලබා දුන් පොරොන්දු ඇත්තෙන්ම ඔබ දුටුවෙහුද?”යි (ශබ්ද නගා) විමසනු ඇත. එයට ඔවුන් “එසේය, (ලබා ගත්තෙමු)” යයි පවසනු ඇත. ඒ අතර ඔවුන් මධ්‍යයේ ‘මුඅස්සින්’ කෙනෙකු මෙසේ පවසන්නේය: “නියත වශයෙන්ම අල්ලාහ්ගේ ශාපය (සීමාව ඉක්මවා ගිය) අපරාධකරුවන් කෙරෙහි අත් වේවා!”