Surah Al-Araf Verse 46 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَبَيۡنَهُمَا حِجَابٞۚ وَعَلَى ٱلۡأَعۡرَافِ رِجَالٞ يَعۡرِفُونَ كُلَّۢا بِسِيمَىٰهُمۡۚ وَنَادَوۡاْ أَصۡحَٰبَ ٱلۡجَنَّةِ أَن سَلَٰمٌ عَلَيۡكُمۡۚ لَمۡ يَدۡخُلُوهَا وَهُمۡ يَطۡمَعُونَ
(නිරාවාසීන්ද, ස්වර්ගවාසීන්ද ආදී) මේ දෙපක්ෂයටම අතරේ එක් තාප්පයක් ඇත. එහි මුදුනේ සමහර මිනිසුන් සිටිනු ඇත. (නිරාවාසීන් හා ස්වර්ගවාසීන් ආදී) සෑම කෙනෙකුම ඔවුන්ගේ (මුහුණු වල ඇති) සළකුණු මගින්ම මොවුන්ව හඳුනා ගන්නාහ. මොවුන් ස්වර්ගවාසීන්ට “(දෙවියන්ගේ) ශාන්තිය හා සමාදානයද ඔබ කෙරෙහි අත් වේවා!” යයි ශබ්ද නගා පවසන්නාහ. (මුදුනේ සිටින) මොවුන් (මෙතෙක්) ස්වර්ගයෙහි ඇතුළු වූවේ නැත. එහෙත් ඔවුන් (එහි අතුළු වීමට ඉමහත්) ආශාවෙන් බලාගෙන සිටින්නාහ