Surah Al-Araf Verse 73 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafوَإِلَىٰ ثَمُودَ أَخَاهُمۡ صَٰلِحٗاۚ قَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥۖ قَدۡ جَآءَتۡكُم بَيِّنَةٞ مِّن رَّبِّكُمۡۖ هَٰذِهِۦ نَاقَةُ ٱللَّهِ لَكُمۡ ءَايَةٗۖ فَذَرُوهَا تَأۡكُلۡ فِيٓ أَرۡضِ ٱللَّهِۖ وَلَا تَمَسُّوهَا بِسُوٓءٖ فَيَأۡخُذَكُمۡ عَذَابٌ أَلِيمٞ
සමූද් (නමැති) ජනතාව වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ් ව (අපගේ දූතයා වශයෙන් යැවුවෙමු). ඔහු (ඔවුන්ට) “මගේ ජනතාවෙනි!අල්ලාහ් එක් කෙනෙකුවම නමදිනු. ඔබට ඔහු හැර වෙන කිසිම දෙවියෙක් නැත. (මේ වෙනුවෙන්) ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙන් පැහැදිලි සාධකයක් ඔබ වෙත පැමිණ ඇත්තේය. මෙය අල්ලාහ්ගේ ඔටුවෙකි. (මෙය) ඔබට එක් සාධකයක් වශයෙන්ද ඇත්තේය. එබැවින් ඌව අල්ලාහ්ගේ භූමියෙහි (ඕනෑම තැනක කිසිම බාධාවකින් තොරව ඕනෑ තරම්) ආහාර ගැනීමට ඉඩ හරිනු. ඌට කිසිම හානියක් නොකරනු. (එසේ කළහොත්) වේදනා ගෙන දෙන දඬුවම ඔබව අල්ලා ගනු ඇත”යි පැවසුවේය