Surah Al-Anfal Verse 1 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalيَسۡـَٔلُونَكَ عَنِ ٱلۡأَنفَالِۖ قُلِ ٱلۡأَنفَالُ لِلَّهِ وَٱلرَّسُولِۖ فَٱتَّقُواْ ٱللَّهَ وَأَصۡلِحُواْ ذَاتَ بَيۡنِكُمۡۖ وَأَطِيعُواْ ٱللَّهَ وَرَسُولَهُۥٓ إِن كُنتُم مُّؤۡمِنِينَ
(නබියේ!) අන්ෆාල් (නමැති යුද පිටියේදී ලැබුණු වස්තූන්) ගැන ඔවුන් ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: අන්ෆාල් අල්ලාහ්ටද, (අල්ලාහ්ගේ) දූතයාටද අයිති දැයයි. එබැවින් ඔබ අල්ලාහ්ට බිය වී (එහි කිසි දැයක් නොස`ගවා) ඔබ අතරේ නියම ආකාරයට කටයුතු කරනු. ඇත්තෙන්ම ඔබ සත්‍ය විශ්වාසවන්තයින් නම්, අල්ලාහ්ටද, අල්ලාහ්ගේ දූතයාටද අවනත වී කටයුතු කරනු