Surah Al-Anfal Verse 42 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalإِذۡ أَنتُم بِٱلۡعُدۡوَةِ ٱلدُّنۡيَا وَهُم بِٱلۡعُدۡوَةِ ٱلۡقُصۡوَىٰ وَٱلرَّكۡبُ أَسۡفَلَ مِنكُمۡۚ وَلَوۡ تَوَاعَدتُّمۡ لَٱخۡتَلَفۡتُمۡ فِي ٱلۡمِيعَٰدِ وَلَٰكِن لِّيَقۡضِيَ ٱللَّهُ أَمۡرٗا كَانَ مَفۡعُولٗا لِّيَهۡلِكَ مَنۡ هَلَكَ عَنۢ بَيِّنَةٖ وَيَحۡيَىٰ مَنۡ حَيَّ عَنۢ بَيِّنَةٖۗ وَإِنَّ ٱللَّهَ لَسَمِيعٌ عَلِيمٌ
ඔබ (බද්රු යුද පිටියේ සිට මදීනාවට) සමීපව ඇති මිටියාවතේද, ඔවුන් (ඔබට ඉදිරිපසින් ඇති) ඈතින් පිහිටි මිටියාවතේද, (ව්‍යාපාරිකයින් වන) තවලම්කරුවන් ඔබට පහතින් සිටීම ගැනද ඔබ සිතා බලනු. ඔබ කෙනෙකුට කෙනෙකු (හමු වන කාලයද, ස්ථානයද සඳහන් කර) පොරොන්දු ඇති කරගෙන සිටියද, (ඔබ සඳහන් කළ කාලයේදී එහි පැමිණ සේන්දු වී) එම පොරොන්දුව ඉටු කර තැබීමෙහි ඔබ (යම්කිසි) වැරැද්දක් කරම ඇත්තෙහිය. එහෙත් අල්ලාහ් මනක්කල්පිත කළ කාරණාව ඉෂ්ඨ වීම සඳහා (ඔබ සියල්ලන්වම එකම වේලාවකදී ඔහු ඒකරාශී කළේය). විනාශ වී ගිය අය, පැහැදිලි කාරණාවකට විනාශ වීම සඳහාද, (බේරී) ජීවත් වූවන් පැහැදිලි කාරණාවක් මගින්ම (බේරී) ජීවත් වීම සඳහාද (අල්ලාහ් මේ අන්දමට සැලසුම් කළේය). නියත වශයෙන්ම අල්ලාහ් සවන් දෙන්නෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය