Surah Al-Anfal Verse 54 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalكَدَأۡبِ ءَالِ فِرۡعَوۡنَ وَٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ كَذَّبُواْ بِـَٔايَٰتِ رَبِّهِمۡ فَأَهۡلَكۡنَٰهُم بِذُنُوبِهِمۡ وَأَغۡرَقۡنَآ ءَالَ فِرۡعَوۡنَۚ وَكُلّٞ كَانُواْ ظَٰلِمِينَ
“ෆිර්අවුන්ගේ ජනතාවගේ තත්වයද, ඔවුන්ට පෙර විසූවන්ගේ තත්වය මෙන්ම (මොවුන්ගේ) තත්වයද ඇත්තේය. ඔවුන්ද (මොවුන් මෙන්ම) තමන්ගේ දෙවියන්ගේ සාධකයන් බොරු කරමින් සිටියහ. එබැවින් ඔවුන්ගේ පාපයන්හි හේතුවෙන් අපි (විවිධ වර්ගයේ දඬුවම් මගින් ෆිර්අවුන්ට පෙර විසූ) ඔවුන්ව විනාශ කර දැමූ අතර, ෆිර්අවුන්ගේ ජනතාවද ගිල්වා දැමුවෙමු. මොවුන් සියල්ල අපරාධකරුවන් වශයෙන්ම සිටියහ