Surah At-Taubah Verse 3 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahوَأَذَٰنٞ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦٓ إِلَى ٱلنَّاسِ يَوۡمَ ٱلۡحَجِّ ٱلۡأَكۡبَرِ أَنَّ ٱللَّهَ بَرِيٓءٞ مِّنَ ٱلۡمُشۡرِكِينَ وَرَسُولُهُۥۚ فَإِن تُبۡتُمۡ فَهُوَ خَيۡرٞ لَّكُمۡۖ وَإِن تَوَلَّيۡتُمۡ فَٱعۡلَمُوٓاْ أَنَّكُمۡ غَيۡرُ مُعۡجِزِي ٱللَّهِۗ وَبَشِّرِ ٱلَّذِينَ كَفَرُواْ بِعَذَابٍ أَلِيمٍ
අල්ලාහ්ද, ඔහුගේ දූතයාද, සමානයන් තබා නමදින්නන් සමග (කර තිබුණු ගිවිසුමෙන්) නියත වශයෙන්ම ඈත් වූහ යන කාරණාව මෙම ඉමහත් වූ හජ් දිනදී අල්ලාහ්ද, ඔහුගේ දූතයාද ජනතාවට ප්‍රසිද්ධියේ දැනුම් දෙන්නාහ. එබැවින් සමානයන් තබා නමදින්ණෙනි! සමානයන් තැබීමෙන්ද, ප්‍රතික්ෂේප කිරීමෙන්ද) ඔබ ඈත් වුවහොත් එය ඔබටම ඉතාමත් හොඳය. (එසේ නොමැතිව) ඔබ ප්‍රතික්ෂේප කළහොත් නම්, නියත වශයෙන්ම ඔබ අල්ලාහ්ව පරාජය කර දැමීමට නොහැකිය යන්න ස්ථීර වශයෙන් දැන ගනු. (නබියේ! මෙම) ප්‍රතික්ෂේප කරන්නන්ට වේදනා ගෙන දෙන දඬුවමෙන් ඔබ ශුභාරංචි දෙනු මැනව