Surah At-Taubah Verse 37 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahإِنَّمَا ٱلنَّسِيٓءُ زِيَادَةٞ فِي ٱلۡكُفۡرِۖ يُضَلُّ بِهِ ٱلَّذِينَ كَفَرُواْ يُحِلُّونَهُۥ عَامٗا وَيُحَرِّمُونَهُۥ عَامٗا لِّيُوَاطِـُٔواْ عِدَّةَ مَا حَرَّمَ ٱللَّهُ فَيُحِلُّواْ مَا حَرَّمَ ٱللَّهُۚ زُيِّنَ لَهُمۡ سُوٓءُ أَعۡمَٰلِهِمۡۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡكَٰفِرِينَ
(යුද්ධ කිරීම නොකළ යුතුය යයි තහනම් කරන ලද මාසයන්හි, ඔවුන් තමන්ගේ කැමැත්තට අනුව) ඉදිරියට පස්සට ගැනීම මගින් ප්‍රතික්ෂේපය වැඩි කරන්නේය. මෙමගින් ප්‍රතික්ෂේප කරන්නන්වම මාර්ගය වැරද යවනු ලබන්නාහ. (මන්දයත් ඔවුන් තමන්ගේ කැමැත්තට අනුව මාසයන් ඉදිරියට පස්සට කර) එක් අවුරුද්දකදී එය (එම මාසයන්හි යුද්ධ කිරීම) අනුමැතිය දෙනු ලැබූවක් බවට පත් කර ගන්නාහ. වෙනත් අවුරුද්දකදී (එම මාසයන්හිම යුද්ධ කිරීම තහනම් යයි) වළක්වා හරින්නාහ. (මෙසේ ඔවුන් කිරිමේ අපේක්ෂාව නම්, තමන් තහනම් කරන ලද මාසයන්හි ගණනය), අල්ලාහ් තහනම් කරන ලද මාසයන්හි ගණනයට සම කර, අල්ලාහ් තහනම් කළ මාසයන්ද තමන් අනුමත කර ගැනීමටය. ඔවුන්ගේ මෙම (නපුරු) ක්‍රියාවන් (ෂෙයිතාන් විසින්) ඔවුන්ට අලංකාරවත් කරනු ලැබ ඇත්තේය. අල්ලාහ් ප්‍රතික්ෂේප කරන මෙම ජනතාව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත