Surah At-Taubah Verse 40 - Sinhala Translation by Www.islamhouse.com
Surah At-Taubahإِلَّا تَنصُرُوهُ فَقَدۡ نَصَرَهُ ٱللَّهُ إِذۡ أَخۡرَجَهُ ٱلَّذِينَ كَفَرُواْ ثَانِيَ ٱثۡنَيۡنِ إِذۡ هُمَا فِي ٱلۡغَارِ إِذۡ يَقُولُ لِصَٰحِبِهِۦ لَا تَحۡزَنۡ إِنَّ ٱللَّهَ مَعَنَاۖ فَأَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَيۡهِ وَأَيَّدَهُۥ بِجُنُودٖ لَّمۡ تَرَوۡهَا وَجَعَلَ كَلِمَةَ ٱلَّذِينَ كَفَرُواْ ٱلسُّفۡلَىٰۗ وَكَلِمَةُ ٱللَّهِ هِيَ ٱلۡعُلۡيَاۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌ
නුඹලා (අපගේ දූතයාණන් වන) මොහුට උදව් නොකරන්නෙහු නම් (දැන ගනු) දෙදෙනාගෙන් දෙවැන්නා ලෙස ඔහු සිටියදීත්, දේව ප්‍රතික්ෂේප කළවුන් ඔහු ව පිටුවහල් කළ අවස්ථාවේ දීත්, ඔවුන් දෙදෙනාම එම ගුහාවෙහි සිටි අවස්ථාවේදීත් "නුඹ දුක් නොවනු. නියත වශයෙන්ම අල්ලාහ් අප සමඟය" යැයි ඔහු තම සඟයාට කියූ අවස්ථාවේදීත්, සැබැවින්ම අල්ලාහ් ඔහුට උදව් කර ඇත. එවිට අල්ලාහ් ඔහුගේ ශාන්තිය ඔහු වෙත පහළ කළේය. නුඹලා නුදුටු සේනාවක් මඟින් ඔහු ව ශක්තිමත් කළේය. ප්‍රතික්ෂේප කළවුන්ගේ ප්‍රකාශය පහත් බවට පත් කළේය. තවද අල්ලාහ්ගේ ප්‍රකාශය වන එයමය උසස් වන්නේ. තවද අල්ලාහ් සර්ව බලධාරීය. සියුම් ඥානීය