Surah At-Taubah - Sinhala Translation by Www.islamhouse.com
بَرَآءَةٞ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦٓ إِلَى ٱلَّذِينَ عَٰهَدتُّم مِّنَ ٱلۡمُشۡرِكِينَ
(මෙය) දේව ආදේශ කරන්නන් අතුරින් කව්රුන් වෙත නුඹලා ගිවිසුම් ඇති කර ගත්තෙහුද, (එය අවසන් කරමින්) ඔවුන් වෙතින් අල්ලාහ්ද, ඔහුගේ දූතයාණන්ද ඉවත් වීමේ ප්‍රකාශයයි
Surah At-Taubah, Verse 1
فَسِيحُواْ فِي ٱلۡأَرۡضِ أَرۡبَعَةَ أَشۡهُرٖ وَٱعۡلَمُوٓاْ أَنَّكُمۡ غَيۡرُ مُعۡجِزِي ٱللَّهِ وَأَنَّ ٱللَّهَ مُخۡزِي ٱلۡكَٰفِرِينَ
මාස හතරක් මෙම භූමියේ සැරිසරනු. නියත වශයෙන්ම නුඹලා අල්ලාහ් ව නිෂ්ඵල කරන්නට නොහැකි බවත් තවද නියත වශයෙන්ම අල්ලාහ් දේව ප්‍රතික්ෂේපකයින් අවමන් කරන බවත් නුඹලා දැන ගනු
Surah At-Taubah, Verse 2
وَأَذَٰنٞ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦٓ إِلَى ٱلنَّاسِ يَوۡمَ ٱلۡحَجِّ ٱلۡأَكۡبَرِ أَنَّ ٱللَّهَ بَرِيٓءٞ مِّنَ ٱلۡمُشۡرِكِينَ وَرَسُولُهُۥۚ فَإِن تُبۡتُمۡ فَهُوَ خَيۡرٞ لَّكُمۡۖ وَإِن تَوَلَّيۡتُمۡ فَٱعۡلَمُوٓاْ أَنَّكُمۡ غَيۡرُ مُعۡجِزِي ٱللَّهِۗ وَبَشِّرِ ٱلَّذِينَ كَفَرُواْ بِعَذَابٍ أَلِيمٍ
තවද මහා හජ් දිනයෙහි සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙතින් වූ සියඵ ජනයා වෙත කරනු ලබන දැනුම් දීමයි. (එනම්) අල්ලාහ්ට ආදේශ තබා වන්දනාමානය කරන්නන්ගෙන් අල්ලාහ් සහ ඔහුගේ දූතයාණන් ඉවත් වූහ. වෙතින් වූ දැනුම් දීමය. (එබැවින්) නුඹලා පශ්චාත්තාප වී මිදුණේ නම් එවිට එය නුඹලාට යහපත්ය. තවද නුඹලා පිටුපෑවෙහු නම් එවිට සැබැවින්ම නුඹලා අල්ලාහ් ව දුබල කරන්නට හැකියාවන්ත නොවන බව දැනගනු. ප්‍රතික්ෂේප කළවුනට වේදනීය දඬුවමක් ඇති බව නුඹ ශුභාරංචි දන් වනු
Surah At-Taubah, Verse 3
إِلَّا ٱلَّذِينَ عَٰهَدتُّم مِّنَ ٱلۡمُشۡرِكِينَ ثُمَّ لَمۡ يَنقُصُوكُمۡ شَيۡـٔٗا وَلَمۡ يُظَٰهِرُواْ عَلَيۡكُمۡ أَحَدٗا فَأَتِمُّوٓاْ إِلَيۡهِمۡ عَهۡدَهُمۡ إِلَىٰ مُدَّتِهِمۡۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُتَّقِينَ
නමුත් ආදේශ කරන්නන් අතුරින් නුඹලා ගිවිස ගත් පසු නුඹලාට (එම ගිවිසුමෙහි) කිසිදු අඩුවක් නොකර, නුඹලාට එරෙහි ව කිසිවෙකුට උදව් නොකරන අය හැර. එහෙයින් ඔවුන්ගේ නියමිත කාලය දක්වා ඔවුන්ගේ ගිවිසුම ඔවුන් වෙත පූර්ණ ව ඉටු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් ප්‍රිය කරයි
Surah At-Taubah, Verse 4
فَإِذَا ٱنسَلَخَ ٱلۡأَشۡهُرُ ٱلۡحُرُمُ فَٱقۡتُلُواْ ٱلۡمُشۡرِكِينَ حَيۡثُ وَجَدتُّمُوهُمۡ وَخُذُوهُمۡ وَٱحۡصُرُوهُمۡ وَٱقۡعُدُواْ لَهُمۡ كُلَّ مَرۡصَدٖۚ فَإِن تَابُواْ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَءَاتَوُاْ ٱلزَّكَوٰةَ فَخَلُّواْ سَبِيلَهُمۡۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ
ශුද්ධ මාස ගෙවී ගිය පසු නුඹලා ආදේශ කරන්නන්ව දුටු තැන ඝාතනය කරනු. තවද ඔවුන් ව අල්ලා ගනු. තවද ඔවුන් ව වටලනු. (ඔවුන්) යන එන සෑම තැනකම ඔවුන් ගැන විමසිල්ලෙන් (රැක) සිටිනු. නමුත් ඔවුන් පසුතැවිලි වී මිදී සලාතය විධිමත් ව ඉටු කොට zසකාත් ද පිරිනැමුවේ නම් ඔවුන්ගේ මාර්ගයේ ඔවුන් ව නුඹලා අත හැර දමනු. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය
Surah At-Taubah, Verse 5
وَإِنۡ أَحَدٞ مِّنَ ٱلۡمُشۡرِكِينَ ٱسۡتَجَارَكَ فَأَجِرۡهُ حَتَّىٰ يَسۡمَعَ كَلَٰمَ ٱللَّهِ ثُمَّ أَبۡلِغۡهُ مَأۡمَنَهُۥۚ ذَٰلِكَ بِأَنَّهُمۡ قَوۡمٞ لَّا يَعۡلَمُونَ
ආදේශ කරන්නන් අතුරින් කවරෙක් හෝ නුඹගෙන් රැකවරණය පැතුවේ නම් එවිට ඔහු අල්ලාහ්ගේ වදනට සවන් දෙන තෙක් නුඹ ඔහුට රැකවරණය දෙනු. පසු ව ඔහු ආරක්ෂිතව සිටිය හැකි ස්ථානයක් වෙත ඔහු ව සේන්දු කරනු. හේතුව නියත වශයෙන්ම ඔවුන් නොදන්නා පිරිසක් බැවිනි
Surah At-Taubah, Verse 6
كَيۡفَ يَكُونُ لِلۡمُشۡرِكِينَ عَهۡدٌ عِندَ ٱللَّهِ وَعِندَ رَسُولِهِۦٓ إِلَّا ٱلَّذِينَ عَٰهَدتُّمۡ عِندَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِۖ فَمَا ٱسۡتَقَٰمُواْ لَكُمۡ فَٱسۡتَقِيمُواْ لَهُمۡۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُتَّقِينَ
මස්ජිදුල් හරාම් අසල නුඹලා ගිවිස ගත් උදවියට හැර ආදේශ කරන්නන්හට අල්ලාහ් වෙතින් හා ඔහුගේ දූතයාණන් වෙතින් ගිවිසුමක් ඇති වන්නේ කෙසේ ද?. ඔවුන් නුඹලාට ඍජු ව කටයුතු කරන තාක් කල් නුඹලා ද ඔවුනට ඍජු ව කටයුතු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් ප්‍රිය කරයි
Surah At-Taubah, Verse 7
كَيۡفَ وَإِن يَظۡهَرُواْ عَلَيۡكُمۡ لَا يَرۡقُبُواْ فِيكُمۡ إِلّٗا وَلَا ذِمَّةٗۚ يُرۡضُونَكُم بِأَفۡوَٰهِهِمۡ وَتَأۡبَىٰ قُلُوبُهُمۡ وَأَكۡثَرُهُمۡ فَٰسِقُونَ
(ගිවිසුමක් රැඳී පවතින්නේ ) කෙසේ ද? නුඹලාට එරෙහි ව ඔවුන් ජය ලබන්නේ නම් නුඹලා සමඟ පවතින සම්බන්ධතාව ගැන හෝ ගිවිසුම ගැන ඔවුන් තැකීමක් නොකරති. ඔවුන්ගේ කටින් නුඹලා ව තෘප්තියට පත් කරති. නමුත් ඔවුන්ගේ හදවත් එයට පිළිකුල් කරති. තවද ඔවුන්ගෙන් බහුතරයක් පාපතරයෝය
Surah At-Taubah, Verse 8
ٱشۡتَرَوۡاْ بِـَٔايَٰتِ ٱللَّهِ ثَمَنٗا قَلِيلٗا فَصَدُّواْ عَن سَبِيلِهِۦٓۚ إِنَّهُمۡ سَآءَ مَا كَانُواْ يَعۡمَلُونَ
ඔවුන් අල්ලාහ්ගේ වදන් ස්වල්ප මිලකට විකුණුවෝය. එහෙයින් ඔවුහු ඔහු(අල්ලාහ්)ගේ මාර්ගයෙන් වැළැක්වූහ. නියත වශයෙන්ම ඔවුන් සිදු කරමින් සිටි දෑ නපුරු විය.
Surah At-Taubah, Verse 9
لَا يَرۡقُبُونَ فِي مُؤۡمِنٍ إِلّٗا وَلَا ذِمَّةٗۚ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُعۡتَدُونَ
දේව විශ්වාසවන්තයකු විෂයයෙහි කිසිදු (ඥාතී) සම්බන්ධතාවක් හෝ ගිවිසුමක් ගැන හෝ ඔවුහු සැලකිලිමත් නොවෙති. තවද ඔවුහුමය සීමාව ඉක්මවා ගියවුන් වන්නෝ
Surah At-Taubah, Verse 10
فَإِن تَابُواْ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَءَاتَوُاْ ٱلزَّكَوٰةَ فَإِخۡوَٰنُكُمۡ فِي ٱلدِّينِۗ وَنُفَصِّلُ ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَعۡلَمُونَ
නමුත් ඔවුහු පශ්චාත්තාප වී (වරදින්) මිදී සලාතය ද විධිමත් ව ඉටු කර, zසකාතය ද පිරිනැමුවේ නම් එවිට ඔවුහු දහමෙහි නුඹලාගේ සහෝදරයෝ වෙති. තවද වටහා ගන්නා පිරිසට අපි මෙම වදන් පැහැදිලි කරන්නෙමු
Surah At-Taubah, Verse 11
وَإِن نَّكَثُوٓاْ أَيۡمَٰنَهُم مِّنۢ بَعۡدِ عَهۡدِهِمۡ وَطَعَنُواْ فِي دِينِكُمۡ فَقَٰتِلُوٓاْ أَئِمَّةَ ٱلۡكُفۡرِ إِنَّهُمۡ لَآ أَيۡمَٰنَ لَهُمۡ لَعَلَّهُمۡ يَنتَهُونَ
ඔවුන් ගිවිස ගත් පසු ඔවුන්ගේ ගිවිසුම කඩ කොට නුඹලාගේ දහම පිළිබඳ ව ඔවුන් දොස් නැගුවේ නම් එවිට නුඹලා දේව ප්‍රතික්ෂේපිත නායකයින් සමඟ සටන් වදිනු. (එම වැරදි ගමනින්) ඔවුන් වැළකී සිටිය හැකි වනු පිණිස නියත වශයෙන්ම ඔවුනට කිසිදු ගිවිසුමක් නොවිය යුතුය
Surah At-Taubah, Verse 12
أَلَا تُقَٰتِلُونَ قَوۡمٗا نَّكَثُوٓاْ أَيۡمَٰنَهُمۡ وَهَمُّواْ بِإِخۡرَاجِ ٱلرَّسُولِ وَهُم بَدَءُوكُمۡ أَوَّلَ مَرَّةٍۚ أَتَخۡشَوۡنَهُمۡۚ فَٱللَّهُ أَحَقُّ أَن تَخۡشَوۡهُ إِن كُنتُم مُّؤۡمِنِينَ
සිය ගිවිසුම බිඳ දමමින්, මෙම දූතයාණන් ව (මක්කාවෙන්) පිටුවහල් කිරීමට සැලසුම් කළ පිරිසක් සමඟ නුඹලා සටන් කළ යුතු නොවේ ද? නුඹලා සමඟ (සටන් කිරීමට) පළමු වර ආරම්භ කළේ ඔවුන්ය. නුඹලා ඔවුනට බිය වන්නෙහු ද? නුඹලා විශ්වාසවන්තයින් ව සිටියෙහු නම් නුඹලා බිය වීමට වඩාත් සුදුස්සා වන්නේ අල්ලාහ්ය
Surah At-Taubah, Verse 13
قَٰتِلُوهُمۡ يُعَذِّبۡهُمُ ٱللَّهُ بِأَيۡدِيكُمۡ وَيُخۡزِهِمۡ وَيَنصُرۡكُمۡ عَلَيۡهِمۡ وَيَشۡفِ صُدُورَ قَوۡمٖ مُّؤۡمِنِينَ
ඔවුන් සමඟ නුඹලා සටන් කරනු. නුඹලාගේ දෑතින් අල්ලාහ් ඔවුනට දඬුවම් කරයි. තවද ඔවුන් ව අවමානයට පත් කරයි. ඔවුනට එරෙහි ව නුඹලාට උදව් කරයි. දේව විශ්වාසවන්ත පිරිසගේ හදවත් හි ඔහු සුවය ඇති කරයි
Surah At-Taubah, Verse 14
وَيُذۡهِبۡ غَيۡظَ قُلُوبِهِمۡۗ وَيَتُوبُ ٱللَّهُ عَلَىٰ مَن يَشَآءُۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ
තවද ඔවුන්ගේ හදවත් හි ඇති කෝපය ඔහු පහ කරයි. තමන් අභිමත කරන අය වෙත අල්ලාහ් සමාව ලබා දෙයි. තවද අල්ලාහ් සර්ව ඥානීය. සියුම් ඥානය ඇත්තාය
Surah At-Taubah, Verse 15
أَمۡ حَسِبۡتُمۡ أَن تُتۡرَكُواْ وَلَمَّا يَعۡلَمِ ٱللَّهُ ٱلَّذِينَ جَٰهَدُواْ مِنكُمۡ وَلَمۡ يَتَّخِذُواْ مِن دُونِ ٱللَّهِ وَلَا رَسُولِهِۦ وَلَا ٱلۡمُؤۡمِنِينَ وَلِيجَةٗۚ وَٱللَّهُ خَبِيرُۢ بِمَا تَعۡمَلُونَ
නුඹලා අතුරින් යුද්ධ කළවුන්ද අල්ලාහ් ද ඔහුගේ රසූල්වරයා ද දේව විශ්වාසවන්තයින් ද හැර,වෙන කිසිවෙකු නුඹලා සුහඳ මිතුරන් ලෙස නොගත් බව ඔහු දැන ගන්නාතුරු නුඹලා අත හැර දමනු ඇතැයි සිතන්නෙහු ද? තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව සර්ව ඥානීය
Surah At-Taubah, Verse 16
مَا كَانَ لِلۡمُشۡرِكِينَ أَن يَعۡمُرُواْ مَسَٰجِدَ ٱللَّهِ شَٰهِدِينَ عَلَىٰٓ أَنفُسِهِم بِٱلۡكُفۡرِۚ أُوْلَـٰٓئِكَ حَبِطَتۡ أَعۡمَٰلُهُمۡ وَفِي ٱلنَّارِ هُمۡ خَٰلِدُونَ
ආදේශ තබන්නන් (තමන්ගේ) දේව ප්‍රතික්ෂේපය ගැන තමන්ට එරෙහි ව සාක්ෂි දරන්නන් ලෙස සිටිය දී අල්ලාහ්ගේ මස්ජිදයන් පරිපාලනය කිරීම ඔවුනට සුදුසු නොවේ. තම ක්‍රියාවන් නිෂ්ඵල වී ගිය අය මොවුහුය. තවද නිරා ගින්නේ ඔවුහු සදාතනිකයෝ වෙති
Surah At-Taubah, Verse 17
إِنَّمَا يَعۡمُرُ مَسَٰجِدَ ٱللَّهِ مَنۡ ءَامَنَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَأَقَامَ ٱلصَّلَوٰةَ وَءَاتَى ٱلزَّكَوٰةَ وَلَمۡ يَخۡشَ إِلَّا ٱللَّهَۖ فَعَسَىٰٓ أُوْلَـٰٓئِكَ أَن يَكُونُواْ مِنَ ٱلۡمُهۡتَدِينَ
අල්ලාහ්ගේ මස්ජිදයන් පරිපාලනය කරනුයේ අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කොට සලාතය විධිමත් ව ඉටු කර zසකාතය ද පිරිනමා අල්ලාහ් හැර වෙන කිසිවකුට බිය නොවූ අයයි. යහ මඟ ලැබූවන් අතුරින් සිටිය හැක්කේ ඔවුන්ට ම ය
Surah At-Taubah, Verse 18
۞أَجَعَلۡتُمۡ سِقَايَةَ ٱلۡحَآجِّ وَعِمَارَةَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ كَمَنۡ ءَامَنَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَجَٰهَدَ فِي سَبِيلِ ٱللَّهِۚ لَا يَسۡتَوُۥنَ عِندَ ٱللَّهِۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّـٰلِمِينَ
හජ් වන්දනාකරුවන්ට ජලය සපයා මස්ජිදුල් හරාමය පරිපාලනය කරන්නන් ව අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කොට අල්ලාහ්ගේ මාර්ගයේ කැපවූවන් මෙන් නුඹලා පත් කළෙහි ද? අල්ලාහ් අබියස ඔවුන් එක සමාන නොවෙති. තවද අල්ලාහ් අපරාධකාරී ජනයාට මඟ නොපෙන්වයි
Surah At-Taubah, Verse 19
ٱلَّذِينَ ءَامَنُواْ وَهَاجَرُواْ وَجَٰهَدُواْ فِي سَبِيلِ ٱللَّهِ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡ أَعۡظَمُ دَرَجَةً عِندَ ٱللَّهِۚ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡفَآئِزُونَ
විශ්වාස කොට (තම වාසස්ථාන වලින්) නික්ම ගොස් අල්ලාහ්ගේ මාර්ගයේ තම ධනය හා ජීවිත පරිත්‍යාග කළවුන් අල්ලාහ් අබියස නිලයෙන් අති මහත් අය වෙති. තවද ජයග්‍රහකයෝ ඔවුහුමය
Surah At-Taubah, Verse 20
يُبَشِّرُهُمۡ رَبُّهُم بِرَحۡمَةٖ مِّنۡهُ وَرِضۡوَٰنٖ وَجَنَّـٰتٖ لَّهُمۡ فِيهَا نَعِيمٞ مُّقِيمٌ
ඔවුන්ගේ පරමාධිපති ඔහුගෙන් වූ දයාව, තෘප්තිය හා (ස්වර්ග) උයන් පිළිබඳ ව ඔවුනට ශුභාරංචි දන්වයි. එහි ඔවුන්ට නිරන්තර සුවය ඇත
Surah At-Taubah, Verse 21
خَٰلِدِينَ فِيهَآ أَبَدًاۚ إِنَّ ٱللَّهَ عِندَهُۥٓ أَجۡرٌ عَظِيمٞ
(ඔවුහු) එහි කවදත් සදාතනිකයින් වෙති. නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු අබියස අතිමහත් ප්‍රතිඵල ඇත
Surah At-Taubah, Verse 22
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُوٓاْ ءَابَآءَكُمۡ وَإِخۡوَٰنَكُمۡ أَوۡلِيَآءَ إِنِ ٱسۡتَحَبُّواْ ٱلۡكُفۡرَ عَلَى ٱلۡإِيمَٰنِۚ وَمَن يَتَوَلَّهُم مِّنكُمۡ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ
අහෝ විශ්වාස කළවුනි !, නුඹලාගේ පියවරුන් හා නුඹලාගේ සහෝදරයින් දේව විශ්වාසයට වඩා දේව ප්‍රතික්ෂේපය ප්‍රිය කළේ නම් ඔවුන් ව භාරකරුවන් ලෙස නුඹලා නොගනු. නුඹලා අතුරින් කවරෙකු ඔවුන් භාරකරුවන් ලෙස ගන්නේ ද ඔවුහුමය අපරාධකරුවෝ
Surah At-Taubah, Verse 23
قُلۡ إِن كَانَ ءَابَآؤُكُمۡ وَأَبۡنَآؤُكُمۡ وَإِخۡوَٰنُكُمۡ وَأَزۡوَٰجُكُمۡ وَعَشِيرَتُكُمۡ وَأَمۡوَٰلٌ ٱقۡتَرَفۡتُمُوهَا وَتِجَٰرَةٞ تَخۡشَوۡنَ كَسَادَهَا وَمَسَٰكِنُ تَرۡضَوۡنَهَآ أَحَبَّ إِلَيۡكُم مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦ وَجِهَادٖ فِي سَبِيلِهِۦ فَتَرَبَّصُواْ حَتَّىٰ يَأۡتِيَ ٱللَّهُ بِأَمۡرِهِۦۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡفَٰسِقِينَ
නුඹලාගේ පියවරුන්, නුඹලාගේ දරුවන්, නුඹලාගේ සහෝදරයන්, නුඹලාගේ බිරියන්, නුඹලාගේ පවුලේ ඥාතීන්, නුඹලා උපයන ධනය, පාඩු ලබනු ඇතැයි නුඹලා බිය වන ව්‍යාපාරය, නුඹලා ප්‍රිය කරන වාසස්ථාන අල්ලාහ්ටත් ඔහුගේ රසූල්වරයාටත් ඔහුගේ මාර්ගයේ කැපවීමටත් වඩා (ඒවා) නුඹලා වෙත ප්‍රිය මනාප නම්, එවිට අල්ලාහ් ඔහුගේ නියෝගය ගෙන එන තෙක් නුඹලා අපේක්ෂාවෙන් සිටිනු. තවද අල්ලාහ් පාපතර ජනයාට මඟ නොපෙන්වයි
Surah At-Taubah, Verse 24
لَقَدۡ نَصَرَكُمُ ٱللَّهُ فِي مَوَاطِنَ كَثِيرَةٖ وَيَوۡمَ حُنَيۡنٍ إِذۡ أَعۡجَبَتۡكُمۡ كَثۡرَتُكُمۡ فَلَمۡ تُغۡنِ عَنكُمۡ شَيۡـٔٗا وَضَاقَتۡ عَلَيۡكُمُ ٱلۡأَرۡضُ بِمَا رَحُبَتۡ ثُمَّ وَلَّيۡتُم مُّدۡبِرِينَ
සැබැවින්ම අල්ලාහ් බොහෝ තැන් වල නුඹලාට උදව් කළේය. තවද හුනෙයින් දිනයෙහි නුඹලාගේ අධිකත්වය නුඹලා ව මවිත කළ අවස්ථාවේ නුඹලාට කිසිවක් ප්‍රයෝජනවත් නොවීය. මහපොළොව එය පුළුල් ව තිබුණ ද නුඹලාට පටු විය. පසු ව නුඹලා පිටුපස හරවා පලා ගියෙහුය
Surah At-Taubah, Verse 25
ثُمَّ أَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَىٰ رَسُولِهِۦ وَعَلَى ٱلۡمُؤۡمِنِينَ وَأَنزَلَ جُنُودٗا لَّمۡ تَرَوۡهَا وَعَذَّبَ ٱلَّذِينَ كَفَرُواْۚ وَذَٰلِكَ جَزَآءُ ٱلۡكَٰفِرِينَ
පසු ව අල්ලාහ් ඔහුගේ ශාන්තභාවය ඔහුගේ දූතයාණන් වෙත හා දේව විශ්වාසවන්තයින් වෙත පහළ කළේය. තවද නුඹලා නුදුටු සේනාවන් ඔහු පහළ කළේය. ප්‍රතික්ෂේප කළවුන්ට දඬුවම් කළේය. එය දේව ප්‍රතික්ෂේපකයින්ගේ ප්‍රතිවිපාකයයි
Surah At-Taubah, Verse 26
ثُمَّ يَتُوبُ ٱللَّهُ مِنۢ بَعۡدِ ذَٰلِكَ عَلَىٰ مَن يَشَآءُۗ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ
ඉන් පසු ව අල්ලාහ් තමන් අභිමත කරන අයට (ඔවුන්ගේ) පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය කරුණා ගුණයෙන් යුක්තය
Surah At-Taubah, Verse 27
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّمَا ٱلۡمُشۡرِكُونَ نَجَسٞ فَلَا يَقۡرَبُواْ ٱلۡمَسۡجِدَ ٱلۡحَرَامَ بَعۡدَ عَامِهِمۡ هَٰذَاۚ وَإِنۡ خِفۡتُمۡ عَيۡلَةٗ فَسَوۡفَ يُغۡنِيكُمُ ٱللَّهُ مِن فَضۡلِهِۦٓ إِن شَآءَۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ حَكِيمٞ
විශ්වාස කළවුනි, දේව ආදේශ කරන්නන් කිලිටිය. එබැවින් ඔවුන්ගේ මෙම වසරට පසු ව ඔවුන් මස්ජිදුල් හරාමයට සමීප නොවිය යුතුය. තවද නුඹලා දිළිඳුකමට බිය වූයේ නම් ඔහු අභිමත කළේ නම් ඔහුගේ භාග්‍යය තුළින් අල්ලාහ් නුඹලා ව ධනවත්භාවයට පත් කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය. සියුම් ඥානය ඇත්තාය
Surah At-Taubah, Verse 28
قَٰتِلُواْ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱللَّهِ وَلَا بِٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَلَا يُحَرِّمُونَ مَا حَرَّمَ ٱللَّهُ وَرَسُولُهُۥ وَلَا يَدِينُونَ دِينَ ٱلۡحَقِّ مِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ حَتَّىٰ يُعۡطُواْ ٱلۡجِزۡيَةَ عَن يَدٖ وَهُمۡ صَٰغِرُونَ
දේව ග්‍රන්ථ දෙනු ලැබූවන් අතුරින් අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස නොකරන, අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් තහනම් කළ දෑ තහනම් නොකරන, සත්‍ය දහම පිළි නොපදින අය සමඟ ඔවුන් යටහත් පහත් වී (ස්ව කැමැත්තෙන්) ජිසියා බදු තම අතින් දෙන තෙක් ඔවුන් සමඟ නුඹලා සටන් වදිනු
Surah At-Taubah, Verse 29
وَقَالَتِ ٱلۡيَهُودُ عُزَيۡرٌ ٱبۡنُ ٱللَّهِ وَقَالَتِ ٱلنَّصَٰرَى ٱلۡمَسِيحُ ٱبۡنُ ٱللَّهِۖ ذَٰلِكَ قَوۡلُهُم بِأَفۡوَٰهِهِمۡۖ يُضَٰهِـُٔونَ قَوۡلَ ٱلَّذِينَ كَفَرُواْ مِن قَبۡلُۚ قَٰتَلَهُمُ ٱللَّهُۖ أَنَّىٰ يُؤۡفَكُونَ
උසෙයිර් අල්ලාහ්ගේ පුත්‍රයාණන් බව යුදෙව්වෝ පැවසූහ. එමෙන්ම මසීහ් අල්ලාහ්ගේ පුත්‍රයාණන් බව කිතුනුවෝ පැවසූහ. එය ඔවුන්ගේ මුවින් පවසන ඔවුන්ගේ ප්‍රකාශයයි. මීට පෙර ප්‍රතික්ෂේප කළවුන්ගේ ප්‍රකාශයට ඔවුහු සමාන වූහ. අල්ලාහ් ඔවුන් ව විනාශ කරයි. ඔවුන් වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද
Surah At-Taubah, Verse 30
ٱتَّخَذُوٓاْ أَحۡبَارَهُمۡ وَرُهۡبَٰنَهُمۡ أَرۡبَابٗا مِّن دُونِ ٱللَّهِ وَٱلۡمَسِيحَ ٱبۡنَ مَرۡيَمَ وَمَآ أُمِرُوٓاْ إِلَّا لِيَعۡبُدُوٓاْ إِلَٰهٗا وَٰحِدٗاۖ لَّآ إِلَٰهَ إِلَّا هُوَۚ سُبۡحَٰنَهُۥ عَمَّا يُشۡرِكُونَ
අල්ලාහ්ගෙන් තොර ව ඔවුහු ඔවුන්ගේ ආගමික විද්වතුන් ද, ඔවුන්ගේ ආගමික නායකයින් ද, මර්යම්ගේ පුත් මසීහ් ව ද දෙවිවරුන් ලෙස ගත්තෝය.එකම දෙවියාට නැමඳුම් කරන ලෙසටම ඔවුහු අණ කරනු ලැබූහ. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු පිවිතුරුය
Surah At-Taubah, Verse 31
يُرِيدُونَ أَن يُطۡفِـُٔواْ نُورَ ٱللَّهِ بِأَفۡوَٰهِهِمۡ وَيَأۡبَى ٱللَّهُ إِلَّآ أَن يُتِمَّ نُورَهُۥ وَلَوۡ كَرِهَ ٱلۡكَٰفِرُونَ
අල්ලාහ්ගේ ආලෝකය තම මුවින් (පිඹ) නිවා දැමීමට ඔවුහු අපේක්ෂා කරති. දේව ප්‍රතික්ෂේපකයින් පිළිකුල් කළ ද අල්ලාහ් ඔහුගේ ආලෝකය ඔහු පූර්ණවත් නොකර අත හැර නොදමයි
Surah At-Taubah, Verse 32
هُوَ ٱلَّذِيٓ أَرۡسَلَ رَسُولَهُۥ بِٱلۡهُدَىٰ وَدِينِ ٱلۡحَقِّ لِيُظۡهِرَهُۥ عَلَى ٱلدِّينِ كُلِّهِۦ وَلَوۡ كَرِهَ ٱلۡمُشۡرِكُونَ
දේව ආදේශකයින් පිළිකුල් කළ ද සියලු දහම් වලට වඩා ඔහුගේ දහම හෙළිකර (උතුම් භාවයට පත් කර)නු පිණිස යහ මඟ හා සත්‍යය දහම සමඟ තම දූතයාණන් ව එව්වේ ඔහුමය
Surah At-Taubah, Verse 33
۞يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ كَثِيرٗا مِّنَ ٱلۡأَحۡبَارِ وَٱلرُّهۡبَانِ لَيَأۡكُلُونَ أَمۡوَٰلَ ٱلنَّاسِ بِٱلۡبَٰطِلِ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِۗ وَٱلَّذِينَ يَكۡنِزُونَ ٱلذَّهَبَ وَٱلۡفِضَّةَ وَلَا يُنفِقُونَهَا فِي سَبِيلِ ٱللَّهِ فَبَشِّرۡهُم بِعَذَابٍ أَلِيمٖ
අහෝ විශ්වාස කළවුනි ! ආගමික විද්වතුන් හා ආගමික නායකයින්ගෙන් බහුතරයක් දෙනා ජනයාගේ වස්තුව වැරදි ලෙසින් අනුභව කරති. අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) වළකති. තවද ඔවුහු රන් රිදී ගොඩ ගසා ගනිති. අල්ලාහ්ගේ මාර්ගයේ ඒවා වියදම් නොකරති. එබැවින් වේදනා සහගත දඬුවමක් ඇති බව නුඹ ඔවුනට ශුභාරංචි පවසනු
Surah At-Taubah, Verse 34
يَوۡمَ يُحۡمَىٰ عَلَيۡهَا فِي نَارِ جَهَنَّمَ فَتُكۡوَىٰ بِهَا جِبَاهُهُمۡ وَجُنُوبُهُمۡ وَظُهُورُهُمۡۖ هَٰذَا مَا كَنَزۡتُمۡ لِأَنفُسِكُمۡ فَذُوقُواْ مَا كُنتُمۡ تَكۡنِزُونَ
එදින ඒවා නිරා ගින්නෙහි රත් කරනු ලැබේ. පසු ව "මේවා නුඹලා නිධන් ගත කළ දෑය. එබැවින් නුඹලා නිධන් ගත කරමින් සිටි දෑ භුක්ති විදිනු" (යැයි පවසමින්) ඔවුන්ගේ නළල් මත ද ඔවුන්ගේ ඇලපත් මත ද ඔවුන්ගේ පිටවල් මත ද පුඵස්සනු ලැබේ
Surah At-Taubah, Verse 35
إِنَّ عِدَّةَ ٱلشُّهُورِ عِندَ ٱللَّهِ ٱثۡنَا عَشَرَ شَهۡرٗا فِي كِتَٰبِ ٱللَّهِ يَوۡمَ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ مِنۡهَآ أَرۡبَعَةٌ حُرُمٞۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلۡقَيِّمُۚ فَلَا تَظۡلِمُواْ فِيهِنَّ أَنفُسَكُمۡۚ وَقَٰتِلُواْ ٱلۡمُشۡرِكِينَ كَآفَّةٗ كَمَا يُقَٰتِلُونَكُمۡ كَآفَّةٗۚ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ مَعَ ٱلۡمُتَّقِينَ
නියත වශයෙන්ම අහස් හා මහපොළොව මැවූ දින අල්ලාහ්ගේ නියමයෙහි අල්ලාහ් අබියස මාස ගණන මාස දොළොසකි. ඒවායින් සිව් මසක් පාරිශුද්ධය. එයයි ඍජු දහම වනුයේ. එබැවින් ඒවායෙහි නුඹලා නුඹලාටම අපරාධ කර නොගනු. දේව ආදේශකයින් නුඹලා සමඟ සියල්ලෙහි (සියලු මාසයන්හි) යුද වදිනාක් මෙන් නුඹලා ද ඔවුන් සමඟ සියල්ලෙහි යුද වදිනු. තවද සැබැවින්ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුත් අය සමඟ යැයි නුඹලා දැන ගනු
Surah At-Taubah, Verse 36
إِنَّمَا ٱلنَّسِيٓءُ زِيَادَةٞ فِي ٱلۡكُفۡرِۖ يُضَلُّ بِهِ ٱلَّذِينَ كَفَرُواْ يُحِلُّونَهُۥ عَامٗا وَيُحَرِّمُونَهُۥ عَامٗا لِّيُوَاطِـُٔواْ عِدَّةَ مَا حَرَّمَ ٱللَّهُ فَيُحِلُّواْ مَا حَرَّمَ ٱللَّهُۚ زُيِّنَ لَهُمۡ سُوٓءُ أَعۡمَٰلِهِمۡۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡكَٰفِرِينَ
නියත වශයෙන්ම (තහනම් කළ මාස සිතූ මනාපයට) කල් දැමීම, දේව ප්‍රතික්ෂේපයේ වර්ධනයකි. ප්‍රතික්ෂේප කළවුන් එමගින් නොමඟ යති. ඔවුහු වසරක් එය අනුමත කරති. තවත් වසරක් එය තහනම් කරති. එය අල්ලාහ් පාරිශුද්ධ කළ දෑහි ගණන සාපේක්ෂ කරනු පිණිසය. ඒ අනුව අල්ලාහ් තහනම් කළ දෑ ඔවුහු අනුමත කරති. ඔවුන්ගේ ක්‍රියාවන්හි නපුර ඔවුනට අලංකාර කර පෙන්වන ලදී. තවද අල්ලාහ් දේව ප්‍රතික්ෂේපිත ජනයාට මඟ නොපෙන්වයි
Surah At-Taubah, Verse 37
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ مَا لَكُمۡ إِذَا قِيلَ لَكُمُ ٱنفِرُواْ فِي سَبِيلِ ٱللَّهِ ٱثَّاقَلۡتُمۡ إِلَى ٱلۡأَرۡضِۚ أَرَضِيتُم بِٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا مِنَ ٱلۡأٓخِرَةِۚ فَمَا مَتَٰعُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا فِي ٱلۡأٓخِرَةِ إِلَّا قَلِيلٌ
අහෝ විශ්වාසකළවුනි ! නුඹලාට කුමක් සිදු වූයේ ද? අල්ලාහ්ගේ මාර්ගයේ පිටත් ව යනු යැයි නුඹලාට පවසනු ලැබූ විට නුඹලා පොළොවට බර වූහ. මතු ලොවට වඩා මෙලොව ජීවිතය ගැන නුඹලා තෘප්තිමත් වූයෙහු ද? මෙලොව ජීවිතයේ (සතුට) භුක්ති විඳීම මතු ලොවෙහි අල්ප ප්‍රමාණයක් මිස නැත
Surah At-Taubah, Verse 38
إِلَّا تَنفِرُواْ يُعَذِّبۡكُمۡ عَذَابًا أَلِيمٗا وَيَسۡتَبۡدِلۡ قَوۡمًا غَيۡرَكُمۡ وَلَا تَضُرُّوهُ شَيۡـٔٗاۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ
නුඹලා පිටත් ව නොයන්නෙහු නම් වේදනීය දඬුවමකින් ඔහු නුඹලාට දඬුවම් කරයි. තවද නුඹලා වෙනුවට වෙනත් පිරිසක් පත් කරයි. එවිට නුඹලා ඔහුට කිසිවකින් හානියක් සිදු කළ නොහැක. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය
Surah At-Taubah, Verse 39
إِلَّا تَنصُرُوهُ فَقَدۡ نَصَرَهُ ٱللَّهُ إِذۡ أَخۡرَجَهُ ٱلَّذِينَ كَفَرُواْ ثَانِيَ ٱثۡنَيۡنِ إِذۡ هُمَا فِي ٱلۡغَارِ إِذۡ يَقُولُ لِصَٰحِبِهِۦ لَا تَحۡزَنۡ إِنَّ ٱللَّهَ مَعَنَاۖ فَأَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَيۡهِ وَأَيَّدَهُۥ بِجُنُودٖ لَّمۡ تَرَوۡهَا وَجَعَلَ كَلِمَةَ ٱلَّذِينَ كَفَرُواْ ٱلسُّفۡلَىٰۗ وَكَلِمَةُ ٱللَّهِ هِيَ ٱلۡعُلۡيَاۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌ
නුඹලා (අපගේ දූතයාණන් වන) මොහුට උදව් නොකරන්නෙහු නම් (දැන ගනු) දෙදෙනාගෙන් දෙවැන්නා ලෙස ඔහු සිටියදීත්, දේව ප්‍රතික්ෂේප කළවුන් ඔහු ව පිටුවහල් කළ අවස්ථාවේ දීත්, ඔවුන් දෙදෙනාම එම ගුහාවෙහි සිටි අවස්ථාවේදීත් "නුඹ දුක් නොවනු. නියත වශයෙන්ම අල්ලාහ් අප සමඟය" යැයි ඔහු තම සඟයාට කියූ අවස්ථාවේදීත්, සැබැවින්ම අල්ලාහ් ඔහුට උදව් කර ඇත. එවිට අල්ලාහ් ඔහුගේ ශාන්තිය ඔහු වෙත පහළ කළේය. නුඹලා නුදුටු සේනාවක් මඟින් ඔහු ව ශක්තිමත් කළේය. ප්‍රතික්ෂේප කළවුන්ගේ ප්‍රකාශය පහත් බවට පත් කළේය. තවද අල්ලාහ්ගේ ප්‍රකාශය වන එයමය උසස් වන්නේ. තවද අල්ලාහ් සර්ව බලධාරීය. සියුම් ඥානීය
Surah At-Taubah, Verse 40
ٱنفِرُواْ خِفَافٗا وَثِقَالٗا وَجَٰهِدُواْ بِأَمۡوَٰلِكُمۡ وَأَنفُسِكُمۡ فِي سَبِيلِ ٱللَّهِۚ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ
(සේනා බලය) ස්වල්ප වශයෙන් වුව ද, අධික වශයෙන් වුව ද නුඹලා පිටත් ව යනු. තවද නුඹලාගේ වස්තුව හා නුඹලාගේ ජීවිත අල්ලාහ්ගේ මාර්ගයේ කැප කරනු. නුඹලා දැන සිටින්නෙහු නම් එය නුඹලාට ශ්‍රේෂ්ඨය
Surah At-Taubah, Verse 41
لَوۡ كَانَ عَرَضٗا قَرِيبٗا وَسَفَرٗا قَاصِدٗا لَّٱتَّبَعُوكَ وَلَٰكِنۢ بَعُدَتۡ عَلَيۡهِمُ ٱلشُّقَّةُۚ وَسَيَحۡلِفُونَ بِٱللَّهِ لَوِ ٱسۡتَطَعۡنَا لَخَرَجۡنَا مَعَكُمۡ يُهۡلِكُونَ أَنفُسَهُمۡ وَٱللَّهُ يَعۡلَمُ إِنَّهُمۡ لَكَٰذِبُونَ
(නබිවරය) එය සමීපයෙන් ගත හැකි භාණ්ඩයක් හා මධ්‍යස්ථ (සාමාන්‍ය) ගමනක් වී නම් ඔවුහු නුඹ ව අනුගමනය කරන්නට තිබුණි. එනමුත් යා යුතු සීමාව ඔවුනට දුරස්ථ විය. අපට හැකි නම් අප ද නුඹලා සමඟ පිට වී එන්නට තිබුණි යැයි ඔවුහු අල්ලාහ් මත දිවුරා පවසති. ඔවුහු ඔවුන්වම විනාශ කර ගනිති. තවද සැබැවින්ම ඔවුහු මුසාවාදීහු බව අල්ලා දනී
Surah At-Taubah, Verse 42
عَفَا ٱللَّهُ عَنكَ لِمَ أَذِنتَ لَهُمۡ حَتَّىٰ يَتَبَيَّنَ لَكَ ٱلَّذِينَ صَدَقُواْ وَتَعۡلَمَ ٱلۡكَٰذِبِينَ
(නබිවරය !) අල්ලාහ් නුඹට සමාව දෙත්වා! සත්‍ය පැවසූවන් ගැන නුඹට පැහැදිලි වී, මුසාවාදීන් පිළිබඳ නුඹ දැන ගන්නා තෙක්, නුඹ ඔවුනට (සටනට නොයන්නට ) අවසර දුන්නේ කුමකටද
Surah At-Taubah, Verse 43
لَا يَسۡتَـٔۡذِنُكَ ٱلَّذِينَ يُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ أَن يُجَٰهِدُواْ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡۗ وَٱللَّهُ عَلِيمُۢ بِٱلۡمُتَّقِينَ
අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නන් තම වස්තුව හා තම ජීවිතය කැප කිරීමෙන් (ඉවත් වීමට) ඔවුහු නුඹෙන් අවසර නොපතති. තවද අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් පිළිබඳ සර්ව ඥානීය
Surah At-Taubah, Verse 44
إِنَّمَا يَسۡتَـٔۡذِنُكَ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَٱرۡتَابَتۡ قُلُوبُهُمۡ فَهُمۡ فِي رَيۡبِهِمۡ يَتَرَدَّدُونَ
(එසේ ඉවත් වීමට) නුඹෙන් අවසර පතනුයේ අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස නොකරන්නන්ය. ඔවුන්ගේ හදවත් සැක කළේය. එබැවින් ඔවුහු ඔවුන්ගේ සැකයෙහි පැකිළෙති
Surah At-Taubah, Verse 45
۞وَلَوۡ أَرَادُواْ ٱلۡخُرُوجَ لَأَعَدُّواْ لَهُۥ عُدَّةٗ وَلَٰكِن كَرِهَ ٱللَّهُ ٱنۢبِعَاثَهُمۡ فَثَبَّطَهُمۡ وَقِيلَ ٱقۡعُدُواْ مَعَ ٱلۡقَٰعِدِينَ
තවද ඔවුන් පිටත් වීමට සිතුවේ නම් ඒ සඳහා සූදානමකින් සූදානම් වන්නට තිබුණි. එනමුත් ඔවුන් පිටත් ව යෑම අල්ලාහ් පිළිකුල් කළේය. එබැවින් ඔවුනට ඔහු මැළිකම ඇති කළේය. තවද වාඩි වී සිටින්නන් සමඟ නුඹලා ද වාඩි වී සිටිනු යැයි පවසනු ලැබීය
Surah At-Taubah, Verse 46
لَوۡ خَرَجُواْ فِيكُم مَّا زَادُوكُمۡ إِلَّا خَبَالٗا وَلَأَوۡضَعُواْ خِلَٰلَكُمۡ يَبۡغُونَكُمُ ٱلۡفِتۡنَةَ وَفِيكُمۡ سَمَّـٰعُونَ لَهُمۡۗ وَٱللَّهُ عَلِيمُۢ بِٱلظَّـٰلِمِينَ
ඔවුන් නුඹලා සමඟ පිටත් ව ගියේ නම් නුඹලාට නපුර මිස වෙන කිසිවක් වර්ධනය නොවන්නට තිබුණි. තවද නුඹලා අතර අර්බුද ඇති කිරීමට මාන බලමින් නුඹලා අතර (කේලාම්) කියන්නට තිබුණි. තවද ඔවුනට සවන් දෙන්නන් ද නුඹලා අතර වෙති. අපරාධකරුවන් පිළිබඳ අල්ලාහ් සර්ව ඥානීය
Surah At-Taubah, Verse 47
لَقَدِ ٱبۡتَغَوُاْ ٱلۡفِتۡنَةَ مِن قَبۡلُ وَقَلَّبُواْ لَكَ ٱلۡأُمُورَ حَتَّىٰ جَآءَ ٱلۡحَقُّ وَظَهَرَ أَمۡرُ ٱللَّهِ وَهُمۡ كَٰرِهُونَ
මීට පෙර ද ඔවුහු අර්බුද සොයා ගත්තෝය. තවද (අවුල් සහගත) කරුණු නුඹ වෙතට හැරෙව්වෝය. අවසානයේ සත්‍යය පැමිණියේය. තවද ඔවුන් පිළිකුල් කරන්නන් ව සිටිය දී අල්ලාහ්ගේ නියෝගය ප්‍රත්‍යක්ෂ විය
Surah At-Taubah, Verse 48
وَمِنۡهُم مَّن يَقُولُ ٱئۡذَن لِّي وَلَا تَفۡتِنِّيٓۚ أَلَا فِي ٱلۡفِتۡنَةِ سَقَطُواْۗ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةُۢ بِٱلۡكَٰفِرِينَ
මට අවසර දෙනු. මා පරීක්ෂාවට ලක් නොකරනු යැයි පවසන්නන් ද ඔවුන් අතුරින් වූහ. දැන ගනු. ඔවුහු අර්බුදයෙහි වැටුණහ. තවද සැබැවින්ම නිරය දේව ප්‍රතික්ෂේපකයින් වටලන්නකි
Surah At-Taubah, Verse 49
إِن تُصِبۡكَ حَسَنَةٞ تَسُؤۡهُمۡۖ وَإِن تُصِبۡكَ مُصِيبَةٞ يَقُولُواْ قَدۡ أَخَذۡنَآ أَمۡرَنَا مِن قَبۡلُ وَيَتَوَلَّواْ وَّهُمۡ فَرِحُونَ
නුඹට යම් යහපතක් ඇති වන්නේ නම් එය ඔවුන් දුකට පත් කරයි. තවද නුඹට යම් අභාග්‍යයක් ඇති වන්නේ නම් අපි මීට පෙරම අපගේ විෂය අපි (සූදානම් කර) ගත්තෙමු යැයි පවසා ඔවුන් සතුටුවන්නන් ලෙසින් හැරී යති
Surah At-Taubah, Verse 50
قُل لَّن يُصِيبَنَآ إِلَّا مَا كَتَبَ ٱللَّهُ لَنَا هُوَ مَوۡلَىٰنَاۚ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ
අල්ලාහ් අපහට නියම කළ දෑ හැර වෙනත් කිසිවක් අපට සිදු නොවන්නේමය. ඔහු අපගේ භාරකරුය. තවද දේව විශ්වාසවන්තයින් අල්ලාහ් වෙතම (සියල්ල) භාර කළ යුතු යැයි පවසනු
Surah At-Taubah, Verse 51
قُلۡ هَلۡ تَرَبَّصُونَ بِنَآ إِلَّآ إِحۡدَى ٱلۡحُسۡنَيَيۡنِۖ وَنَحۡنُ نَتَرَبَّصُ بِكُمۡ أَن يُصِيبَكُمُ ٱللَّهُ بِعَذَابٖ مِّنۡ عِندِهِۦٓ أَوۡ بِأَيۡدِينَاۖ فَتَرَبَّصُوٓاْ إِنَّا مَعَكُم مُّتَرَبِّصُونَ
(ජය හෝ වීර මරණය යන) කුසල් දෙකින් එක් ප්‍රතිලාභයක් හැර වෙනත් කිසිවක් අපහට නුඹලා බලාපොරොත්තු වන්නෙහු ද? නමුත් නුඹලාගේ විෂයෙහි අපි අපේක්ෂා කරන්නේ අල්ලාහ් ඔහු වෙතින් වූ දඬුවමකින් නුඹලා හසු කර ගන්නවාද? නැත්නම් එය අපේ අතින් දෙන්නට සළස්වනවාද යන්නයි. එබැවින් නියත වශයෙන්ම (ඔබ වෙත පැමිණිය යුතු දේ) අප ද නුඹලා සමඟ බලාපොරොත්තුවෙන් සිටින්නන් වෙමු යැයි (නබිවරය) නුඹ පවසනු
Surah At-Taubah, Verse 52
قُلۡ أَنفِقُواْ طَوۡعًا أَوۡ كَرۡهٗا لَّن يُتَقَبَّلَ مِنكُمۡ إِنَّكُمۡ كُنتُمۡ قَوۡمٗا فَٰسِقِينَ
කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ නුඹලා වියදම් කරනු. නුඹලාගෙන් එය පිළිගනු නොලබනු ඇත. නියත වශයෙන්ම නුඹලා පාපතර පිරිසක් ලෙසින් සිටියෙහුය
Surah At-Taubah, Verse 53
وَمَا مَنَعَهُمۡ أَن تُقۡبَلَ مِنۡهُمۡ نَفَقَٰتُهُمۡ إِلَّآ أَنَّهُمۡ كَفَرُواْ بِٱللَّهِ وَبِرَسُولِهِۦ وَلَا يَأۡتُونَ ٱلصَّلَوٰةَ إِلَّا وَهُمۡ كُسَالَىٰ وَلَا يُنفِقُونَ إِلَّا وَهُمۡ كَٰرِهُونَ
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව ප්‍රතික්ෂේප කොට, කම්මැළියන් ලෙසින් සලාතයට පැමිණෙන (යහපත් දෑ සඳහා) අකමැත්තෙන් මිස වියදම් නොකරන හේතුවෙන් මිස, ඔවුන්ගේ වියදම් කිරීම පිළි ගනු ලබන්නට (වෙන කිසිදු) බාධාවක් නොවීය
Surah At-Taubah, Verse 54
فَلَا تُعۡجِبۡكَ أَمۡوَٰلُهُمۡ وَلَآ أَوۡلَٰدُهُمۡۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ لِيُعَذِّبَهُم بِهَا فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَتَزۡهَقَ أَنفُسُهُمۡ وَهُمۡ كَٰفِرُونَ
ඔවුන්ගේ වස්තුව හා ඔවුන්ගේ දරුවන් නුඹ ව මවිතයට පත් නොකළ යුතුය. අල්ලාහ් අපේක්ෂා කරනුයේ මෙලොව ජීවිතයේ දී ඒවා මගින් ඔවුනට දඬුවම් කිරීමට හා ඔවුන් ප්‍රතික්ෂේප කරන්නන් ව සිටියදී ඔවුන්ගේ ජීවිත බැහැර වී යාමටය
Surah At-Taubah, Verse 55
وَيَحۡلِفُونَ بِٱللَّهِ إِنَّهُمۡ لَمِنكُمۡ وَمَا هُم مِّنكُمۡ وَلَٰكِنَّهُمۡ قَوۡمٞ يَفۡرَقُونَ
නියත වශයෙන්ම තමන් නුඹලා අතුරින් වූවන් යැයි ඔවුහු අල්ලාහ් මත දිවුරා පවසති. නමුත් ඔවුහු නුඹලා අතුරින් නොවෙති. එනමුත් ඔවුන් (මරණයට බිය වන) බියගුඵ පිරිසකි
Surah At-Taubah, Verse 56
لَوۡ يَجِدُونَ مَلۡجَـًٔا أَوۡ مَغَٰرَٰتٍ أَوۡ مُدَّخَلٗا لَّوَلَّوۡاْ إِلَيۡهِ وَهُمۡ يَجۡمَحُونَ
සැඟවෙන්නට තැනක් හෝ ගුහාවන් හෝ උමගක් හෝ ඔවුන් දුටුවේ නම් ඔවුහු ඒ වෙත වේගයෙන් පලා යනු ඇත
Surah At-Taubah, Verse 57
وَمِنۡهُم مَّن يَلۡمِزُكَ فِي ٱلصَّدَقَٰتِ فَإِنۡ أُعۡطُواْ مِنۡهَا رَضُواْ وَإِن لَّمۡ يُعۡطَوۡاْ مِنۡهَآ إِذَا هُمۡ يَسۡخَطُونَ
දානමානයන් සම්බන්ධයෙන් නුඹට දොස් නගන අය ද ඔවුන් අතුරින් වෙති. එවිට ඔවුනට එයින් දෙනු ලැබුවේ නම් ඔවුහු තෘප්තිමත් වෙති. තවද ඔවුනට එයින් දෙනු නොලැබුවේ නම් එවිට ඔවුහු කෝප වෙති
Surah At-Taubah, Verse 58
وَلَوۡ أَنَّهُمۡ رَضُواْ مَآ ءَاتَىٰهُمُ ٱللَّهُ وَرَسُولُهُۥ وَقَالُواْ حَسۡبُنَا ٱللَّهُ سَيُؤۡتِينَا ٱللَّهُ مِن فَضۡلِهِۦ وَرَسُولُهُۥٓ إِنَّآ إِلَى ٱللَّهِ رَٰغِبُونَ
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඔවුනට පිරිනැමූ දෑ ගැන සැබැවින්ම ඔවුන් තෘප්තියට පත්ව "අල්ලාහ් අපට ප්‍රමාණවත්ය. අල්ලාහ් ඔහුගේ භාග්‍යය තුළින් ද ඔහුගේ දූතයාණන් ද අපට පිරිනමනු ඇත. නියත වශයෙන්ම අපි අල්ලාහ් වෙතම ආශා කරන්නන් වෙමු" යැයි පැවසුවේ නම් (එය කෙතරම් අගනේ ද)
Surah At-Taubah, Verse 59
۞إِنَّمَا ٱلصَّدَقَٰتُ لِلۡفُقَرَآءِ وَٱلۡمَسَٰكِينِ وَٱلۡعَٰمِلِينَ عَلَيۡهَا وَٱلۡمُؤَلَّفَةِ قُلُوبُهُمۡ وَفِي ٱلرِّقَابِ وَٱلۡغَٰرِمِينَ وَفِي سَبِيلِ ٱللَّهِ وَٱبۡنِ ٱلسَّبِيلِۖ فَرِيضَةٗ مِّنَ ٱللَّهِۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ
අල්ලාහ්ගෙන් වූ නියමයක් වශයෙන් සදකාවන් ( zසකාත්) හිමි විය යුත්තේ දිළින්දන්ට ද, දුගියන්ට ද, ඒ සම්බන්ධ ව කටයුතු කරන සේවා දායකයින්ට ද ,තම හදවත් (ඉස්ලාමය වෙත) නැඹුරු වූවන්ට ද, වහලුන් නිදහස් කිරීමේ දී ද, ණය ගැතියන්ට ද , අල්ලාහ්ගේ මාර්ගයෙහි සහ මගියන්ට ද වේ. තවද අල්ලාහ් සර්ව ඥානීය. සියුම් ඥානවන්තය
Surah At-Taubah, Verse 60
وَمِنۡهُمُ ٱلَّذِينَ يُؤۡذُونَ ٱلنَّبِيَّ وَيَقُولُونَ هُوَ أُذُنٞۚ قُلۡ أُذُنُ خَيۡرٖ لَّكُمۡ يُؤۡمِنُ بِٱللَّهِ وَيُؤۡمِنُ لِلۡمُؤۡمِنِينَ وَرَحۡمَةٞ لِّلَّذِينَ ءَامَنُواْ مِنكُمۡۚ وَٱلَّذِينَ يُؤۡذُونَ رَسُولَ ٱللَّهِ لَهُمۡ عَذَابٌ أَلِيمٞ
මෙම නබිවරයාට පීඩා කරන්නන් ද ඔවුන් අතුරින් වෙති. ඔහු (සියල්ලන්ට ඇහුම්) කන්දෙන්නෙක් යැයි පවසති. ඔහු නුඹලාට යහපත ගෙන දෙන දෑට කන් දෙන්නෙකි. ඔහු අල්ලාහ් පිළිබඳ විශ්වාස කරනු ඇත. දේව විශ්වාසවන්තයින්ට විශ්වාසවන්ත ව කටයුතු කරනු ඇත. නුඹලා අතුරින් විශ්වාස කළවුනට ඔහු දයාවකි. යැයි (නබිවරය) නුඹ පවසනු. තවද අල්ලාහ්ගේ දූතයාණන්ට පීඩා කරන ඔවුනට වේදනීය දඬුවමක් ඇත
Surah At-Taubah, Verse 61
يَحۡلِفُونَ بِٱللَّهِ لَكُمۡ لِيُرۡضُوكُمۡ وَٱللَّهُ وَرَسُولُهُۥٓ أَحَقُّ أَن يُرۡضُوهُ إِن كَانُواْ مُؤۡمِنِينَ
ඔවුහු නුඹලා ව තෘප්තියට පත් කරනු පිණිස නුඹලා ඉදිරියේ අල්ලාහ් මත දිවුරති. තවද ඔවුහු දේව විශ්වාසවන්තයින් ව සිටියෙහු නම් ඔවුහු තෘප්තියට පත් කිරීමට වඩාත් සුදුස්සන් වනුයේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ය
Surah At-Taubah, Verse 62
أَلَمۡ يَعۡلَمُوٓاْ أَنَّهُۥ مَن يُحَادِدِ ٱللَّهَ وَرَسُولَهُۥ فَأَنَّ لَهُۥ نَارَ جَهَنَّمَ خَٰلِدٗا فِيهَاۚ ذَٰلِكَ ٱلۡخِزۡيُ ٱلۡعَظِيمُ
කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට පටහැණි ව කටයුතු කරන්නේ ද එවිට නියත වශයෙන්ම ඔහුට නිරා ගින්න හිමි බවත් ඔහු එහි සදාතනිකයකු වන බවත් ඔවුහු දැන සිටිය යුතු නොවේ ද? එය මහත් වූ අවමානයකි
Surah At-Taubah, Verse 63
يَحۡذَرُ ٱلۡمُنَٰفِقُونَ أَن تُنَزَّلَ عَلَيۡهِمۡ سُورَةٞ تُنَبِّئُهُم بِمَا فِي قُلُوبِهِمۡۚ قُلِ ٱسۡتَهۡزِءُوٓاْ إِنَّ ٱللَّهَ مُخۡرِجٞ مَّا تَحۡذَرُونَ
ඔවුන්ගේ හදවත් තුළ ඇති දෑ ඔවුනට දන්වන පරිච්ඡේදයක් ඔවුන් මත පහළ වීම ගැන කුහකයෝ බිය වෙති. "නුඹලා සමච්චල් කරමින් සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා බියවෙමින් සිටින දෑ හෙළි කරන්නේය" යැයි (නබිවරය!) නුඹ පවසනු
Surah At-Taubah, Verse 64
وَلَئِن سَأَلۡتَهُمۡ لَيَقُولُنَّ إِنَّمَا كُنَّا نَخُوضُ وَنَلۡعَبُۚ قُلۡ أَبِٱللَّهِ وَءَايَٰتِهِۦ وَرَسُولِهِۦ كُنتُمۡ تَسۡتَهۡزِءُونَ
තවද නුඹ (මේ ගැන) ඔවුන් ගෙන් විමසුවේ නම් ‘අපි (අනවශ්‍ය කතාවන්හි) නිරත වෙමින් ද කෙළිලොල් කරමින් ද සිටියෙමු යැයි ඔවුහු පවසති. නුඹලා සමච්චල් කරමින් සිටියේ අල්ලාහ් පිළිබඳ ව ද, ඔහුගේ වදන් හා ඔහුගේ දූතයාණන් පිළිබඳ ව දැයි නුඹ අසනු
Surah At-Taubah, Verse 65
لَا تَعۡتَذِرُواْ قَدۡ كَفَرۡتُم بَعۡدَ إِيمَٰنِكُمۡۚ إِن نَّعۡفُ عَن طَآئِفَةٖ مِّنكُمۡ نُعَذِّبۡ طَآئِفَةَۢ بِأَنَّهُمۡ كَانُواْ مُجۡرِمِينَ
නුඹලා නිදහසට කරුණු නොකියනු. නුඹලා විශ්වාස කිරීමෙන් පසු ව සැබැවින්ම ප්‍රතික්ෂේප කළෙහුය. නුඹලා අතුරින් පිරිසකට අපි සමාව පිරිනැමුව ද තවත් පිරිසකට දඬුවම් කරන්නෙමු. හේතුව ඔවුන් වැරදි කරන්නන් ලෙස සිටී බැවිනි
Surah At-Taubah, Verse 66
ٱلۡمُنَٰفِقُونَ وَٱلۡمُنَٰفِقَٰتُ بَعۡضُهُم مِّنۢ بَعۡضٖۚ يَأۡمُرُونَ بِٱلۡمُنكَرِ وَيَنۡهَوۡنَ عَنِ ٱلۡمَعۡرُوفِ وَيَقۡبِضُونَ أَيۡدِيَهُمۡۚ نَسُواْ ٱللَّهَ فَنَسِيَهُمۡۚ إِنَّ ٱلۡمُنَٰفِقِينَ هُمُ ٱلۡفَٰسِقُونَ
කුහක පිරිමින්ද, කුහක කාන්තාවන්ද, ඔවුන් සියල්ල එකම අකාරයක වාර්ගිකයින් වේ. ඔවුහු පිළිකුල් සහගත දෑ නියෝග කරති. යහපත් දැයින් වළක්වති. (වියදම් නොකර) ඔවුන්ගේ අත් මිට මොළවා ගනිති. ඔවුහු අල්ලාහ් ව අමතක කළෝය. එබැවින් ඔහු ද ඔවුන් ව අමතක කර දැමීය. නියත වශයෙන්ම කුහකයින් වන ඔවුහු පාපතරයින් වෙති
Surah At-Taubah, Verse 67
وَعَدَ ٱللَّهُ ٱلۡمُنَٰفِقِينَ وَٱلۡمُنَٰفِقَٰتِ وَٱلۡكُفَّارَ نَارَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَاۚ هِيَ حَسۡبُهُمۡۚ وَلَعَنَهُمُ ٱللَّهُۖ وَلَهُمۡ عَذَابٞ مُّقِيمٞ
කුහකයින් හා කුහක කාන්තාවන්ට ද දේව ප්‍රතික්ෂේපකයින්ට ද නිරා ගින්න සතු බව අල්ලාහ් ප්‍රතිඥා කළේය. ඔවුන් එහි සදාතනිකයෝ වෙති. එය ඔවුනට ප්‍රමාණවත්ය. තවද අල්ලාහ් ඔවුනට ශාප කළේය. තවද ඔවුනට ස්ථීර දඬුවමක් ද ඇත
Surah At-Taubah, Verse 68
كَٱلَّذِينَ مِن قَبۡلِكُمۡ كَانُوٓاْ أَشَدَّ مِنكُمۡ قُوَّةٗ وَأَكۡثَرَ أَمۡوَٰلٗا وَأَوۡلَٰدٗا فَٱسۡتَمۡتَعُواْ بِخَلَٰقِهِمۡ فَٱسۡتَمۡتَعۡتُم بِخَلَٰقِكُمۡ كَمَا ٱسۡتَمۡتَعَ ٱلَّذِينَ مِن قَبۡلِكُم بِخَلَٰقِهِمۡ وَخُضۡتُمۡ كَٱلَّذِي خَاضُوٓاْۚ أُوْلَـٰٓئِكَ حَبِطَتۡ أَعۡمَٰلُهُمۡ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۖ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ
(මුනාෆික්වරුනි!) නුඹලාද නුඹලාට පෙර සිටියවුන් මෙන්ය. ඔවුහු බලයෙන් නුඹලාට වඩා ශක්තිමත් වූහ. තවද ඔවුහු දරුවන්ගෙන් හා වස්තුවෙන් අධික වූහ. ඒ අනුව තමන්ට හිමි කොටස ඔවුහු භුක්ති වින්දෝය. නුඹලාට පෙර සිටියවුන් ඔවුන්ගේ කොටස භුක්ති වින්දාක් මෙන් නුඹලා ද නුඹලාට හිමි කොටස භුක්ති විදිනු. නමුත් ඔවුහු (බොරු කිරීමෙහි) නිරතවී සිටි ආකාරයට නුඹලා ද නිරත වී සිටින්නෙහුය. මෙලොවෙහි හා මතු ලොවෙහි තම ක්‍රියාවන් නිෂ්ඵල වී ගිය අය මොවුන්ය. තවද අලාභවන්තයෝද මොවුන්ය
Surah At-Taubah, Verse 69
أَلَمۡ يَأۡتِهِمۡ نَبَأُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ قَوۡمِ نُوحٖ وَعَادٖ وَثَمُودَ وَقَوۡمِ إِبۡرَٰهِيمَ وَأَصۡحَٰبِ مَدۡيَنَ وَٱلۡمُؤۡتَفِكَٰتِۚ أَتَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِۖ فَمَا كَانَ ٱللَّهُ لِيَظۡلِمَهُمۡ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ
ඔවුනට පෙර සිටි නූහ්, ආද් හා සමූද්ගේ ජනයාගේ ද ඉබ්‍රාහීම්ගේ ජනයා, මද්යන් වාසීහු හා උඩු යටිකුරු ව පෙරළා දෑමූවන්ගේ ද පුවත ඔවුන් වෙත නොපැමිණියේ ද? ඔවුන්ගේ දූතයෝ ඔවුන් වෙත පැහැදිලි සාධක සමඟ පැමිණියෝය. එබැවින් ඔවුනට අපරාධයක් කිරීම අල්ලාහ්ට නොවීය. නමුත් ඔවුහු තමන්ටම අපාරධ කර ගන්නන් වූහ
Surah At-Taubah, Verse 70
وَٱلۡمُؤۡمِنُونَ وَٱلۡمُؤۡمِنَٰتُ بَعۡضُهُمۡ أَوۡلِيَآءُ بَعۡضٖۚ يَأۡمُرُونَ بِٱلۡمَعۡرُوفِ وَيَنۡهَوۡنَ عَنِ ٱلۡمُنكَرِ وَيُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَيُطِيعُونَ ٱللَّهَ وَرَسُولَهُۥٓۚ أُوْلَـٰٓئِكَ سَيَرۡحَمُهُمُ ٱللَّهُۗ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٞ
(දේව) විශ්වාසවන්තයෝ හා දේව විශ්වාසවන්ත කාන්තාවෝ ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ සමීප මිතුරන් වෙති. ඔවුහු යහපත් දේ නියෝග කරන අතර පිළිකුල් සහගත දෙයින් වළක්වති. සලාතය විධිමත් ලෙසින් ඉටු කරති. සකාත්ද පිරිනමති. තවද අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වෙති. අල්ලාහ් කරුණාව පෙන්වන අය මොවුහුය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරීය. සියුම් ඥානය ඇත්තාය
Surah At-Taubah, Verse 71
وَعَدَ ٱللَّهُ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَا وَمَسَٰكِنَ طَيِّبَةٗ فِي جَنَّـٰتِ عَدۡنٖۚ وَرِضۡوَٰنٞ مِّنَ ٱللَّهِ أَكۡبَرُۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ
දේව විශ්වාසවන්තයින් හා දේව විශ්වාසවන්ත කාන්තාවන්හට පහළින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන් ඇති බවට අල්ලාහ් ප්‍රතිඥා කළේය. ඔවුහු එහි සදාතනිකයින් වෙති. අද්න් (නම් සදාතනික ස්වර්ග) උයන්හි යහපත් වාසස්ථාන ඇත. තවද අල්ලාහ්ගේ පිළිගැනීම අතිමහත්ය. එයයි මහත් වූ ජයග්‍රහණය
Surah At-Taubah, Verse 72
يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ جَٰهِدِ ٱلۡكُفَّارَ وَٱلۡمُنَٰفِقِينَ وَٱغۡلُظۡ عَلَيۡهِمۡۚ وَمَأۡوَىٰهُمۡ جَهَنَّمُۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ
අහෝ නබිවරය! දේව ප්‍රතික්ෂේපකයින් හා කුහකයින් සමඟ නුඹ සටන් කරනු. ඔවුන් කෙරෙහි දැඩි ලෙස කටයුතු කරනු. ඔවුන්ගේ පිවිසුම් ස්ථානය නිරයයි. තවද (ඔවුන්) යොමු වන එම ස්ථානය නපුරු විය
Surah At-Taubah, Verse 73
يَحۡلِفُونَ بِٱللَّهِ مَا قَالُواْ وَلَقَدۡ قَالُواْ كَلِمَةَ ٱلۡكُفۡرِ وَكَفَرُواْ بَعۡدَ إِسۡلَٰمِهِمۡ وَهَمُّواْ بِمَا لَمۡ يَنَالُواْۚ وَمَا نَقَمُوٓاْ إِلَّآ أَنۡ أَغۡنَىٰهُمُ ٱللَّهُ وَرَسُولُهُۥ مِن فَضۡلِهِۦۚ فَإِن يَتُوبُواْ يَكُ خَيۡرٗا لَّهُمۡۖ وَإِن يَتَوَلَّوۡاْ يُعَذِّبۡهُمُ ٱللَّهُ عَذَابًا أَلِيمٗا فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۚ وَمَا لَهُمۡ فِي ٱلۡأَرۡضِ مِن وَلِيّٖ وَلَا نَصِيرٖ
තමන් නොපැවසූ බවට අල්ලාහ් මත ඔවුහු දිවුරති. නමුත් ඔවුහු ප්‍රතික්ෂේපයේ වදන පැවසුවෝය. ඔවුහු ඉස්ලාමය පිළි ගත් පසු එය ප්‍රතික්ෂේප කළෝය. ඔවුනට නොලැබුණු දෑ පිළිබඳ උත්සාහ දැරූහ. තම භාග්‍යයෙන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඔවුන් ව ධනවත් කිරීමේ හේතුව මිස ඔවුන් කෝප වීමට වෙනෙකක් නොවීය. ඔවුන් පාපයෙන් ගැළවෙන්නේ නම් එය ඔවුනට යහපතක් වනු ඇත. නමුත් ඔවුන් පිටුපා යන්නේ නම් මෙලොවදී හා මතු ලොවදී අල්ලාහ් ඔවුනට වේදනීය දඬුවමකින් දඬුවම් කරනු ඇත. තවද මහපොළොවේ කිසිදු භාරකරුවකු හෝ උදව්කරුවකු හෝ ඔවුනට නොමැත
Surah At-Taubah, Verse 74
۞وَمِنۡهُم مَّنۡ عَٰهَدَ ٱللَّهَ لَئِنۡ ءَاتَىٰنَا مِن فَضۡلِهِۦ لَنَصَّدَّقَنَّ وَلَنَكُونَنَّ مِنَ ٱلصَّـٰلِحِينَ
ඔවුන් අතුරින් පිරිසක් සිටිති. ඔවුහු "(අල්ලාහ්) ඔහුගේ භාග්‍යයෙන් ඔහු අපට පිරිනමා ඇත්නම් සැබැවින්ම අපි දන් දෙන්නෙමු. තවද සැබැවින් ම අපි දැහැමියන් අතුරින් වන්නෙමු" යනුවෙන් අල්ලාහ් සමඟ ගිවිස ගත්හ
Surah At-Taubah, Verse 75
فَلَمَّآ ءَاتَىٰهُم مِّن فَضۡلِهِۦ بَخِلُواْ بِهِۦ وَتَوَلَّواْ وَّهُم مُّعۡرِضُونَ
නමුත් ඔහු ඔවුනට ඔහුගේ භාග්‍යයෙන් පිරිනැමූ කල්හි ඔවුහු ඒ පිළිබඳ ව මසුරුකම් පෑහ. තවද ඔවුහු පිටුපාන්නන් ලෙසින් හැරී ගියෝය
Surah At-Taubah, Verse 76
فَأَعۡقَبَهُمۡ نِفَاقٗا فِي قُلُوبِهِمۡ إِلَىٰ يَوۡمِ يَلۡقَوۡنَهُۥ بِمَآ أَخۡلَفُواْ ٱللَّهَ مَا وَعَدُوهُ وَبِمَا كَانُواْ يَكۡذِبُونَ
අල්ලාහ් වෙත කළ ප්‍රතිඥාව ඔවුන් කඩ කළ බැවින් ද, ඔවුන් බොරු පවසමින් සිටි බැවින් ද, ඔහු ව ඔවුන් හමු වන දිනය තෙක් ඔවුන්ගේ හදවත් තුළ පැවැති කුහකත්වය ඔවුන් ව අවසානය දක්වා තිබෙන්නට ඉඩ හැරියේය
Surah At-Taubah, Verse 77
أَلَمۡ يَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يَعۡلَمُ سِرَّهُمۡ وَنَجۡوَىٰهُمۡ وَأَنَّ ٱللَّهَ عَلَّـٰمُ ٱلۡغُيُوبِ
නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන්ගේ රහස්‍ය දෑ හා රහස් සාකච්ඡාවන් දන්නා බවත්, තවද නියත වශයෙන්ම අල්ලාහ් ගුප්ත දෑ පිළිබඳ මැනවින් දන්නා බවත් ඔවුහු නොදැන සිටියෝද
Surah At-Taubah, Verse 78
ٱلَّذِينَ يَلۡمِزُونَ ٱلۡمُطَّوِّعِينَ مِنَ ٱلۡمُؤۡمِنِينَ فِي ٱلصَّدَقَٰتِ وَٱلَّذِينَ لَا يَجِدُونَ إِلَّا جُهۡدَهُمۡ فَيَسۡخَرُونَ مِنۡهُمۡ سَخِرَ ٱللَّهُ مِنۡهُمۡ وَلَهُمۡ عَذَابٌ أَلِيمٌ
දේව විශ්වාසවන්තයින් අතුරින් දානයන් සම්බන්ධයෙන් සිය කැමැත්තෙන් පරිත්‍යාග කරන්නන්හට හා තම වෙහෙසට හැර වෙනත් කිසිවක් නොලබන්නන්හට ඔවුහු දොස් නගා ඔවුනට අවමන් කරති. අල්ලාහ් ඔවුන් අවමානයට ලක් කළේය. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත
Surah At-Taubah, Verse 79
ٱسۡتَغۡفِرۡ لَهُمۡ أَوۡ لَا تَسۡتَغۡفِرۡ لَهُمۡ إِن تَسۡتَغۡفِرۡ لَهُمۡ سَبۡعِينَ مَرَّةٗ فَلَن يَغۡفِرَ ٱللَّهُ لَهُمۡۚ ذَٰلِكَ بِأَنَّهُمۡ كَفَرُواْ بِٱللَّهِ وَرَسُولِهِۦۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡفَٰسِقِينَ
(නබිවරය) ඔවුන් වෙනුවෙන් නුඹ සමාව අයදිනු. නැතහොත් ඔවුන් වෙනුවෙන් සමාව අයැද නොසිටිනු. නුඹ ඔවුන් වෙනුවෙන් හැත්තෑ වාරයක් සමාව අයැද සිටිය ද අල්ලාහ් ඔවුනට සමාව නොදෙන්නේමය. හේතුව සැබැවින්ම ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව ප්‍රතික්ෂේප කළ බැවිනි. තවද අල්ලාහ් පාපතර ජනයාට මඟ නොපෙන්වයි
Surah At-Taubah, Verse 80
فَرِحَ ٱلۡمُخَلَّفُونَ بِمَقۡعَدِهِمۡ خِلَٰفَ رَسُولِ ٱللَّهِ وَكَرِهُوٓاْ أَن يُجَٰهِدُواْ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡ فِي سَبِيلِ ٱللَّهِ وَقَالُواْ لَا تَنفِرُواْ فِي ٱلۡحَرِّۗ قُلۡ نَارُ جَهَنَّمَ أَشَدُّ حَرّٗاۚ لَّوۡ كَانُواْ يَفۡقَهُونَ
තම ස්ථානයන්හිම රැඳී සිටියවුන් අල්ලාහ්ගේ දූතයාණන් (තබූක් මෙහෙයුමට) ගිය පසු ව සතුටු වූහ. තම වස්තුව හා තම ජීවිත අල්ලාහ්ගේ මාර්ගයේ කැප කිරීමට ඔවුහු පිළිකුල් කළෝය. තවද නුඹලා ග්‍රීෂ්ම කාලයෙහි පිටත් ව නොයනු යැයි ඔවුහු පවසති. ඔවුහු අවබෝධ කර ගන්නේ නම්, නිරා ගින්න උෂ්ණත්වයෙන් ඊට වඩා අධික යැයි (නබිවරය!) නුඹ පවසනු
Surah At-Taubah, Verse 81
فَلۡيَضۡحَكُواْ قَلِيلٗا وَلۡيَبۡكُواْ كَثِيرٗا جَزَآءَۢ بِمَا كَانُواْ يَكۡسِبُونَ
ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන් (ඊට) ප්‍රතිවිපාකයක් වශයෙන් ස්වල්පයක් සිනහසෙත්වා ! අධික ව අඬත්වා
Surah At-Taubah, Verse 82
فَإِن رَّجَعَكَ ٱللَّهُ إِلَىٰ طَآئِفَةٖ مِّنۡهُمۡ فَٱسۡتَـٔۡذَنُوكَ لِلۡخُرُوجِ فَقُل لَّن تَخۡرُجُواْ مَعِيَ أَبَدٗا وَلَن تُقَٰتِلُواْ مَعِيَ عَدُوًّاۖ إِنَّكُمۡ رَضِيتُم بِٱلۡقُعُودِ أَوَّلَ مَرَّةٖ فَٱقۡعُدُواْ مَعَ ٱلۡخَٰلِفِينَ
එහෙයින් (නබිවරය,) ඔවුන් අතුරින් පිරිසක් වෙත අල්ලාහ් නුඹ ව නැවත ගෙන්වූයේ නම් එවිට (යුද මෙහෙයුම් සඳහා) පිටත් ව යන්නට ඔබෙන් ඔවුහු අවසර පතති. ‘නුඹලා කිසි කලෙක මා සමඟ පිටත් ව නොයන්නෙහුමය. තවද නුඹලා මා සමඟ සතුරන්ට එරෙහි ව සටන් නොකරන්නෙහුය. නියත වශයෙන්ම නුඹලා මුල් වාරයේ වාඩි වී සිටීම ප්‍රිය කළෙහුය. එහෙයින් නුඹලා පසුබැස්සවුන් සමඟම රැඳී සිටිනු යැයි නුඹ පවසනු
Surah At-Taubah, Verse 83
وَلَا تُصَلِّ عَلَىٰٓ أَحَدٖ مِّنۡهُم مَّاتَ أَبَدٗا وَلَا تَقُمۡ عَلَىٰ قَبۡرِهِۦٓۖ إِنَّهُمۡ كَفَرُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَمَاتُواْ وَهُمۡ فَٰسِقُونَ
ඔවුන් අතුරින් මිය ගිය කිසිවකු කෙරෙහි කිසි කලෙක නුඹ සලාතය මෙහෙය නොවනු. තවද ඔහුගේ මිනී වළ අසල නුඹ නැගිට නොසිටිනු. නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව ප්‍රතික්ෂේප කළෝය. ඔවුහු පාපිෂ්ඨයින් ලෙස සිටිය දීම මිය ගියෝය
Surah At-Taubah, Verse 84
وَلَا تُعۡجِبۡكَ أَمۡوَٰلُهُمۡ وَأَوۡلَٰدُهُمۡۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ أَن يُعَذِّبَهُم بِهَا فِي ٱلدُّنۡيَا وَتَزۡهَقَ أَنفُسُهُمۡ وَهُمۡ كَٰفِرُونَ
ඔවුන්ගේ වස්තුව හා ඔවුන්ගේ දරුවන් නුඹ ව මවිතයට පත් නොකළ යුතුය. අල්ලාහ් එමගින් අපේක්ෂා කරනුයේ ඔවුනට මෙලොවෙහි දඬුවම් කිරීමටය. තවද ඔවුන් ප්‍රතික්ෂේපකයින් ව සිටි තත්ත්වයේම ඔවුන්ගේ ජීවිත නැසී යාමටය
Surah At-Taubah, Verse 85
وَإِذَآ أُنزِلَتۡ سُورَةٌ أَنۡ ءَامِنُواْ بِٱللَّهِ وَجَٰهِدُواْ مَعَ رَسُولِهِ ٱسۡتَـٔۡذَنَكَ أُوْلُواْ ٱلطَّوۡلِ مِنۡهُمۡ وَقَالُواْ ذَرۡنَا نَكُن مَّعَ ٱلۡقَٰعِدِينَ
නුඹලා අල්ලාහ් ව විශ්වාස කරනු, තවද ඔහුගේ දූතයාණන් සමඟ එක් ව අරගල කරනු යැයි එක් පරිච්ඡේදයක් පහළ කරනු ලැබුවේ නම්, ඔවුන් අතුරින් වූ ධනතුවන් නුඹ අප අත හැර දමනු. අපි රැඳී සිටින්නන් සමඟ සිටින්නෙමු යැයි පවසා නුඹගෙන් අවසර පතති
Surah At-Taubah, Verse 86
رَضُواْ بِأَن يَكُونُواْ مَعَ ٱلۡخَوَالِفِ وَطُبِعَ عَلَىٰ قُلُوبِهِمۡ فَهُمۡ لَا يَفۡقَهُونَ
(නිවසේ) රැඳී සිටින කාන්තාවන් සමඟ ඔවුන් ද සිටින්නට ප්‍රිය කරති. තවද ඔවුන්ගේ හදවත් මත මුද්‍රා තබන ලදී. ඔවුහු වටහා නොගනිති
Surah At-Taubah, Verse 87
لَٰكِنِ ٱلرَّسُولُ وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ جَٰهَدُواْ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡۚ وَأُوْلَـٰٓئِكَ لَهُمُ ٱلۡخَيۡرَٰتُۖ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ
එනමුත් මෙම දූතයාණන් හා ඔහු සමඟ විශ්වාස කළවුන් තම ධනය හා ජීවිත කැප කරමින් සටන් කළෝය. යහපත් දෑ ඇත්තවුන් මොවුහුමය. තවද ජය ලබන්නෝද මොවුහුමය
Surah At-Taubah, Verse 88
أَعَدَّ ٱللَّهُ لَهُمۡ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ
ඔවුන් වෙනුවෙන් අල්ලාහ් ස්වර්ග උයන් සූදානම් කර ඇත. ඒවාට යටින් ගංගාවෝ ගලා බසිති. එහි ඔවුහු සදාතනිකයින් වෙති. අතිමහත් ජයග්‍රහණය එයයි
Surah At-Taubah, Verse 89
وَجَآءَ ٱلۡمُعَذِّرُونَ مِنَ ٱلۡأَعۡرَابِ لِيُؤۡذَنَ لَهُمۡ وَقَعَدَ ٱلَّذِينَ كَذَبُواْ ٱللَّهَ وَرَسُولَهُۥۚ سَيُصِيبُ ٱلَّذِينَ كَفَرُواْ مِنۡهُمۡ عَذَابٌ أَلِيمٞ
(යුද්ධයට සහභාගී නොවන්නට) තමන්හට අවසර පතා ගම්බද ජනයා අතුරින් නිදහසට කරුණු පවසන්නන් පැමිණියෝය. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට බොරු පැවසූවන් වාඩි වී සිටියෝ ය. ඔවුන් අතුරින් ප්‍රතික්ෂේප කළවුනට වේදනීය දඬුවමක් මතු ඇති වනු ඇත
Surah At-Taubah, Verse 90
لَّيۡسَ عَلَى ٱلضُّعَفَآءِ وَلَا عَلَى ٱلۡمَرۡضَىٰ وَلَا عَلَى ٱلَّذِينَ لَا يَجِدُونَ مَا يُنفِقُونَ حَرَجٌ إِذَا نَصَحُواْ لِلَّهِ وَرَسُولِهِۦۚ مَا عَلَى ٱلۡمُحۡسِنِينَ مِن سَبِيلٖۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ
දුබලයින් කෙරෙහි ද, රෝගීන් කෙරෙහි ද, වියදම් කිරීමට යමක් නොලැබුණු අය කෙරෙහි ද ඔවුන් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට යහපත පතන්නේ නම් ඔවුනට කිසිදු වරදක් නැත. දැහැමියන්ට එරෙහිව කිසිදු ක්‍රියා මාර්ගයක් නොමැත. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය
Surah At-Taubah, Verse 91
وَلَا عَلَى ٱلَّذِينَ إِذَا مَآ أَتَوۡكَ لِتَحۡمِلَهُمۡ قُلۡتَ لَآ أَجِدُ مَآ أَحۡمِلُكُمۡ عَلَيۡهِ تَوَلَّواْ وَّأَعۡيُنُهُمۡ تَفِيضُ مِنَ ٱلدَّمۡعِ حَزَنًا أَلَّا يَجِدُواْ مَا يُنفِقُونَ
(මෙහෙයුමට යාමට) ඔවුනට ප්‍රවාහන පහසුකම් අවශ්‍ය වී නුඹ වෙත පැමිණි පිරිසට "නුඹලා ඒ මත ගමන් කිරීමට ප්‍රවාහන පහසුකම් ලබා දෙන යමක් මා සතුව නැත. යැයි නුඹ පැවසු විට, තමන් හට වියදම් කිරීමට යමක් නොලැබුණු හේතුවෙන් දුකට පත් ව තම ඇස් වලින් කඳුළු හළමින් හැරී ගිය අය කෙරෙහි ද වරදක් නොමැත
Surah At-Taubah, Verse 92
۞إِنَّمَا ٱلسَّبِيلُ عَلَى ٱلَّذِينَ يَسۡتَـٔۡذِنُونَكَ وَهُمۡ أَغۡنِيَآءُۚ رَضُواْ بِأَن يَكُونُواْ مَعَ ٱلۡخَوَالِفِ وَطَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمۡ فَهُمۡ لَا يَعۡلَمُونَ
දොස් පැවරීම කළ යුතු වන්නේ, ඔවුන් පොහොසතුන් ව සිටිය දී (සටනට සහභාගී නොවන්නට) නුඹගෙන් අවසර පතන්නන් හටය. රැඳී සිටින සිය අඹු දරුවන් සමඟ ඔවුන් ද රැඳී සිටීමට ප්‍රිය කළෝය. අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත මුද්‍රා තැබුවේය. එබැවින් ඔවුහු (ඒ බව) නොදනිති
Surah At-Taubah, Verse 93
يَعۡتَذِرُونَ إِلَيۡكُمۡ إِذَا رَجَعۡتُمۡ إِلَيۡهِمۡۚ قُل لَّا تَعۡتَذِرُواْ لَن نُّؤۡمِنَ لَكُمۡ قَدۡ نَبَّأَنَا ٱللَّهُ مِنۡ أَخۡبَارِكُمۡۚ وَسَيَرَى ٱللَّهُ عَمَلَكُمۡ وَرَسُولُهُۥ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَٰلِمِ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ
නුඹලා ඔවුන් වෙත නැවත හැරී ආ විට, නුඹලා වෙත පැමිණ (සටනට නොපැමිණීම ගැන) ඔවුහු නිදහසට කරුණු දක්වති. "නුඹලා නිදහසට කරුණු නොදක්වනු. සැබැවින්ම අප නුඹලා ව විශ්වාස නොකරන්නෙමු. නුඹලාගේ පුවත් පිළිබඳ ව සැබැවින්ම අල්ලාහ් අපට දැන්වීය. තවද අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් නුඹලාගේ ක්‍රියාව නිරීක්ෂණය කරනු ඇත. පසු ව ගුප්ත දෑ හා දෘශ්‍යමාන දෑ පිළිබඳ දැනුමැත්තා වෙත නුඹලා ව යොමු කරනු ලැබේ. එවිට නුඹලා කරමින් සිටි දෑ පිළිබඳ ව නුඹලාට ඔහු දන්වයි" යැයි නුඹ පවසනු
Surah At-Taubah, Verse 94
سَيَحۡلِفُونَ بِٱللَّهِ لَكُمۡ إِذَا ٱنقَلَبۡتُمۡ إِلَيۡهِمۡ لِتُعۡرِضُواْ عَنۡهُمۡۖ فَأَعۡرِضُواْ عَنۡهُمۡۖ إِنَّهُمۡ رِجۡسٞۖ وَمَأۡوَىٰهُمۡ جَهَنَّمُ جَزَآءَۢ بِمَا كَانُواْ يَكۡسِبُونَ
නුඹලා ඔවුන් වෙත නැවත හැරී ආ විට, නුඹලා ඔවුන් ගැන නොතකා හරිනු පිණිස ඔවුහු නුඹලා වෙත අල්ලාහ් මත දිවුරා (බොරු හේතු සාධක) පවසති. එබැවින් නුඹලා ද ඔවුන් ගැන නොසලකා හරිනු. නියත වශයෙන්ම ඔවුහු කිලිටිය. තවද ඔවුන් රැඳෙන ස්ථානය නිරය වේ. එය ඔවුන් උපයමින් සිටි දෑ සඳහා වූ ප්‍රතිවිපාකයක් වශයෙනි
Surah At-Taubah, Verse 95
يَحۡلِفُونَ لَكُمۡ لِتَرۡضَوۡاْ عَنۡهُمۡۖ فَإِن تَرۡضَوۡاْ عَنۡهُمۡ فَإِنَّ ٱللَّهَ لَا يَرۡضَىٰ عَنِ ٱلۡقَوۡمِ ٱلۡفَٰسِقِينَ
ඔවුන් ගැන නුඹලා තෘප්තියට පත් වනු පිණිස ඔවුහු නුඹලාට දිවුරා පවසති. නමුත් නුඹලා ඔවුන් ගැන තෘප්තිමත් වුව ද නියත වශයෙන්ම අල්ලාහ් පාපතර ජනයා ගැන තෘප්තියට පත් නොවෙයි
Surah At-Taubah, Verse 96
ٱلۡأَعۡرَابُ أَشَدُّ كُفۡرٗا وَنِفَاقٗا وَأَجۡدَرُ أَلَّا يَعۡلَمُواْ حُدُودَ مَآ أَنزَلَ ٱللَّهُ عَلَىٰ رَسُولِهِۦۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ
ගම්බද අරාබිවරු දේව ප්‍රතික්ෂේපයෙන් හා කුහකත්වයෙන් ඉතා දරුණුය. අල්ලාහ් ඔහුගේ දූතයාණන් වෙත පහළ කළ දෑහි සීමාවන් ඔවුන් නොදැන සිටීම වඩාත් සුදුසුය. තවද අල්ලාහ් සර්වඥානීය. සියුම් ඥානය ඇත්තාය
Surah At-Taubah, Verse 97
وَمِنَ ٱلۡأَعۡرَابِ مَن يَتَّخِذُ مَا يُنفِقُ مَغۡرَمٗا وَيَتَرَبَّصُ بِكُمُ ٱلدَّوَآئِرَۚ عَلَيۡهِمۡ دَآئِرَةُ ٱلسَّوۡءِۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٞ
තවද ගම්බද අරාබිවරු අතුරින් තමන් වියදම් කරන දෑ අලාභහානියක් ලෙස ගන්නා අය ද සිටිති. නුඹලා වෙත විපත්තිය ඔහු අපේක්ෂා කරයි. ඔවුනටමය නපුරු විපත්තිය. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය
Surah At-Taubah, Verse 98
وَمِنَ ٱلۡأَعۡرَابِ مَن يُؤۡمِنُ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَيَتَّخِذُ مَا يُنفِقُ قُرُبَٰتٍ عِندَ ٱللَّهِ وَصَلَوَٰتِ ٱلرَّسُولِۚ أَلَآ إِنَّهَا قُرۡبَةٞ لَّهُمۡۚ سَيُدۡخِلُهُمُ ٱللَّهُ فِي رَحۡمَتِهِۦٓۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ
තවද ගම්බද අරාබීන් අතුරින්, අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන, තමන් වියදම් කරන දෑ වලින්, අල්ලාහ් වෙත තමන්ව සමීප කරගැනීම හා ධර්ම දූතයාණන්ගේ ප්‍රාර්ථනාවන් ලබා ගැනීම, මාර්ගයක් බවට පත් කර ගන්නා අය ද වෙති. දැන ගනු නියත වශයෙන්ම එය ඔවුනට සමීප කරවීමකි. අල්ලාහ් ඔහුගේ කරුණාව තුළට ඔවුන් ව ඇතුළත් කරයි. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය
Surah At-Taubah, Verse 99
وَٱلسَّـٰبِقُونَ ٱلۡأَوَّلُونَ مِنَ ٱلۡمُهَٰجِرِينَ وَٱلۡأَنصَارِ وَٱلَّذِينَ ٱتَّبَعُوهُم بِإِحۡسَٰنٖ رَّضِيَ ٱللَّهُ عَنۡهُمۡ وَرَضُواْ عَنۡهُ وَأَعَدَّ لَهُمۡ جَنَّـٰتٖ تَجۡرِي تَحۡتَهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ
(මක්කාහ් වෙත නික්ම ගිය) මුහාජිර්වරුන් හා (ඔවුනට උපකාර කළ මදීනාවාසීන් වන) අන්සාර්වරු අතුරින් ආරම්භක පෙරටුගාමීහු ද, තවද යහපත් ලෙසින් ඔවුන් ව පිළිපැද්දා වූ අය ද වන ඔවුන් ගැන අල්ලාහ් තෘප්තිමත් විය. තවද ඔවුහු ද ඔහු ගැන තෘප්තියට පත් වූහ. ඒවාට පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් ඔවුනට ඇත. සදහටම ඔවුහු එහි සදාතනිකයින්ය. එයයි අතිමහත් ජයග්‍රහණය
Surah At-Taubah, Verse 100
وَمِمَّنۡ حَوۡلَكُم مِّنَ ٱلۡأَعۡرَابِ مُنَٰفِقُونَۖ وَمِنۡ أَهۡلِ ٱلۡمَدِينَةِ مَرَدُواْ عَلَى ٱلنِّفَاقِ لَا تَعۡلَمُهُمۡۖ نَحۡنُ نَعۡلَمُهُمۡۚ سَنُعَذِّبُهُم مَّرَّتَيۡنِ ثُمَّ يُرَدُّونَ إِلَىٰ عَذَابٍ عَظِيمٖ
ගම්බද අරාබිවරුන් අතුරින් නුඹලා අවට විසූවන්ගෙන් කුහකයෝ ද වෙති. තවද මදීනා වාසීන්ගෙන් කුහකත්වයේ ස්ථාපිත වූවෝද වෙති. නුඹ ඔවුන් ගැන නොහඳුනන්නෙහිය. අපි ඔවුන් ගැන හඳුනන්නෙමු. මතුවට අපි ඔවුනට දෙවරක් දඬුවම් කරන්නෙමු. පසු ව අතිමහත් දඬුවමක් වෙතට ඔවුන් ව යොමු කරනු ලැබේ
Surah At-Taubah, Verse 101
وَءَاخَرُونَ ٱعۡتَرَفُواْ بِذُنُوبِهِمۡ خَلَطُواْ عَمَلٗا صَٰلِحٗا وَءَاخَرَ سَيِّئًا عَسَى ٱللَّهُ أَن يَتُوبَ عَلَيۡهِمۡۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٌ
තම පාපකම් පිළිගත් වෙනත් අය ද වෙති. ඔවුහු දැහැමි ක්‍රියාවන් හා වෙනත් නපුරු ක්‍රියාවන් (එකට) මුසු කළෝය. (ඇතැම් විට) පශ්චාත්තාපය පිළිගෙන ඔවුන් වෙත සමාව දීමට අල්ලාහ්ට හැකිය. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. අසමසම කරුණා ගුණයෙන් යුක්තය
Surah At-Taubah, Verse 102
خُذۡ مِنۡ أَمۡوَٰلِهِمۡ صَدَقَةٗ تُطَهِّرُهُمۡ وَتُزَكِّيهِم بِهَا وَصَلِّ عَلَيۡهِمۡۖ إِنَّ صَلَوٰتَكَ سَكَنٞ لَّهُمۡۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ
ඔවුන්ගේ වස්තු වලින් ඔවුන් පිවිතුරු කරන ඔවුන් ව පාරිශුද්ධ කරන (සදකාවක්) දානයක් නුඹ ගනු. නියත වශයෙන්ම නුඹගේ පැතුම ඔවුනට සැනසුමකි. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය සර්වඥානීය
Surah At-Taubah, Verse 103
أَلَمۡ يَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ هُوَ يَقۡبَلُ ٱلتَّوۡبَةَ عَنۡ عِبَادِهِۦ وَيَأۡخُذُ ٱلصَّدَقَٰتِ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ
නියත වශයෙන්ම අල්ලාහ් තම ගැත්තන්ගෙන් පශ්චාත්තාපය පිළිගන්නා බවත්, දානමානයන් ගන්නා බවත්, තවද නියත වශයෙන්ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගන්නා කරුණා ගුණයෙන් යුක්ත බවත් ඔවුහු නොදන්නෝ ද
Surah At-Taubah, Verse 104
وَقُلِ ٱعۡمَلُواْ فَسَيَرَى ٱللَّهُ عَمَلَكُمۡ وَرَسُولُهُۥ وَٱلۡمُؤۡمِنُونَۖ وَسَتُرَدُّونَ إِلَىٰ عَٰلِمِ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ
‘නුඹලා ක්‍රියා කරනු. එවිට අල්ලාහ් ද, ඔහුගේ ධර්මදූතයාණන් හා දේව විශ්වාසවන්තයින් ද නුඹලාගේ ක්‍රියාවන් දකිනු ඇත. තවද දෘශ්‍යමානය හා අදෘශ්‍යමානය දන්නා වෙත නුඹලා නැවත යොමු කරනු ලබනු ඇත. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ නුඹලාට ඔහු දන්වනු ඇතැ’යි (නබිවරය !) නුඹ පවසනු
Surah At-Taubah, Verse 105
وَءَاخَرُونَ مُرۡجَوۡنَ لِأَمۡرِ ٱللَّهِ إِمَّا يُعَذِّبُهُمۡ وَإِمَّا يَتُوبُ عَلَيۡهِمۡۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ
තවද තවත් අය අල්ලාහ්ගේ නියෝගය අපේක්ෂා කරනු ලබන්නෝය. ඔවුනට ඔහු දඬුවම් කරයි. එසේ නැතහොත් පශ්චාත්තාපය පිළිගෙන ඔවුනට සමාව දෙයි. තවද අල්ලාහ් සර්වඥානීය. සියුම් ඥානය ඇත්තාය
Surah At-Taubah, Verse 106
وَٱلَّذِينَ ٱتَّخَذُواْ مَسۡجِدٗا ضِرَارٗا وَكُفۡرٗا وَتَفۡرِيقَۢا بَيۡنَ ٱلۡمُؤۡمِنِينَ وَإِرۡصَادٗا لِّمَنۡ حَارَبَ ٱللَّهَ وَرَسُولَهُۥ مِن قَبۡلُۚ وَلَيَحۡلِفُنَّ إِنۡ أَرَدۡنَآ إِلَّا ٱلۡحُسۡنَىٰۖ وَٱللَّهُ يَشۡهَدُ إِنَّهُمۡ لَكَٰذِبُونَ
හිංසා කිරීමටත්, දේව ප්‍රතික්ෂේපයටත්, දේව විශ්වාසවන්තයින් අතර බෙදුම් ඇති කිරීමටත්, මීට පෙර අල්ලාහ් හා ඔහුගේ දූතයා සමඟ සටන් කරන්නන්ට අභය ස්ථානයක් ලෙසටත්, දේවස්ථාන (ඉදි කර) ගත් ඔවුහු "අපි යහපත මිස වෙනෙකක් අපේක්ෂා නොකළෙමු" යැයි දිවුරා පවසති. තවද නියත වශයෙන්ම ඔවුහු මුසාවාදීහු බව අල්ලාහ් සාක්ෂි දරයි
Surah At-Taubah, Verse 107
لَا تَقُمۡ فِيهِ أَبَدٗاۚ لَّمَسۡجِدٌ أُسِّسَ عَلَى ٱلتَّقۡوَىٰ مِنۡ أَوَّلِ يَوۡمٍ أَحَقُّ أَن تَقُومَ فِيهِۚ فِيهِ رِجَالٞ يُحِبُّونَ أَن يَتَطَهَّرُواْۚ وَٱللَّهُ يُحِبُّ ٱلۡمُطَّهِّرِينَ
කිසිවිටෙක එහි (නැමදුම්) ඉටු නොකරනු. නුඹ (නැමදුම්) ඉටු කිරීමට වඩාත් සුදුසු වනුයේ ආරම්භක දිනයේ දේව බිය හැඟීමෙන් යුතු ව ස්ථාපිත කරන ලද මස්ජිදයයි. තමන් පිරිසිදු වීමට ප්‍රිය කරන මිනිසුන් එහි වෙති. තවද අල්ලාහ් පිරිසිදුව සිටින්නන් ප්‍රිය කරයි
Surah At-Taubah, Verse 108
أَفَمَنۡ أَسَّسَ بُنۡيَٰنَهُۥ عَلَىٰ تَقۡوَىٰ مِنَ ٱللَّهِ وَرِضۡوَٰنٍ خَيۡرٌ أَم مَّنۡ أَسَّسَ بُنۡيَٰنَهُۥ عَلَىٰ شَفَا جُرُفٍ هَارٖ فَٱنۡهَارَ بِهِۦ فِي نَارِ جَهَنَّمَۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّـٰلِمِينَ
වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ අල්ලාහ් පිළිබඳ වූ බිය හැඟීමෙන් යුතු ව තෘප්තිය බලාපොරොත්තුවෙන් ගොඩනැගිල්ලක් ඉදි කරන තැනැත්තා ද, එසේ නැතහොත්, ඒ සමඟම නිරා ගින්නට වැටෙන තත්වයේ ගරා වැටෙන ඉවුරු තීරුවේ ගොඩනැගිල්ලක් ඉදි කරන්නා ද, තවද අල්ලාහ් අපරාධකාරී ජනයාට මඟ නොපෙන්වයි
Surah At-Taubah, Verse 109
لَا يَزَالُ بُنۡيَٰنُهُمُ ٱلَّذِي بَنَوۡاْ رِيبَةٗ فِي قُلُوبِهِمۡ إِلَّآ أَن تَقَطَّعَ قُلُوبُهُمۡۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ
ඔවුන් ඉදි කළා වූ ඔවුන්ගේ ගොඩනැගිල්ල ඔවුන්ගේ හදවත් කැබලි වන තෙක් ඔවුන්ගේ හදවත් තුළ සැකයෙන්ම පවතී. තවද අල්ලාහ් සර්වඥානීය. සියුම් ඥානය ඇත්තාය
Surah At-Taubah, Verse 110
۞إِنَّ ٱللَّهَ ٱشۡتَرَىٰ مِنَ ٱلۡمُؤۡمِنِينَ أَنفُسَهُمۡ وَأَمۡوَٰلَهُم بِأَنَّ لَهُمُ ٱلۡجَنَّةَۚ يُقَٰتِلُونَ فِي سَبِيلِ ٱللَّهِ فَيَقۡتُلُونَ وَيُقۡتَلُونَۖ وَعۡدًا عَلَيۡهِ حَقّٗا فِي ٱلتَّوۡرَىٰةِ وَٱلۡإِنجِيلِ وَٱلۡقُرۡءَانِۚ وَمَنۡ أَوۡفَىٰ بِعَهۡدِهِۦ مِنَ ٱللَّهِۚ فَٱسۡتَبۡشِرُواْ بِبَيۡعِكُمُ ٱلَّذِي بَايَعۡتُم بِهِۦۚ وَذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ
සැබැවින්ම ඔවුනට ස්වර්ගය ඇතැයි පවසා නියත වශයෙන්ම අල්ලාහ් දේව විශ්වාසවන්තයින්ගෙන් ඔවුන්ගේ ජීවිත හා ඔවුන්ගේ වස්තු මිලට ගත්තේය. ඔවුහු අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරති. එවිට (සතුරන්) නසා දමති. ඔවුන් ද නසනු ලබති. මෙය තව්රාතයේ ඉන්ජීලයේ හා අල්කුර්ආනයේ (සඳහන්) ඔහු වෙත හිමි වන සැබෑ පොරොන්දුවක් වශයෙනි. අල්ලාහ් වෙතින් වූ ඔහුගේ ගිවිසුම කවුරුන් පූර්ණ ව ඉටු කළේ ද එවිට නුඹලා කවර දෙයක් සම්බන්ධයෙන් ගනුදෙනු කළෙහු ද නුඹලාගේ එම ගනුදෙනු ව පිළිබඳ නුඹලා සතුටු වනු. තවද එයයි අති මහත් ජයග්‍රහණය වනුයේ
Surah At-Taubah, Verse 111
ٱلتَّـٰٓئِبُونَ ٱلۡعَٰبِدُونَ ٱلۡحَٰمِدُونَ ٱلسَّـٰٓئِحُونَ ٱلرَّـٰكِعُونَ ٱلسَّـٰجِدُونَ ٱلۡأٓمِرُونَ بِٱلۡمَعۡرُوفِ وَٱلنَّاهُونَ عَنِ ٱلۡمُنكَرِ وَٱلۡحَٰفِظُونَ لِحُدُودِ ٱللَّهِۗ وَبَشِّرِ ٱلۡمُؤۡمِنِينَ
(අල්ලාහ් වෙත) පශ්චාත්තාප වී යොමු වන, (ඔහුට) ගැතිකම් කරන, (ඔහුට) ප්‍රශංසා කරන, උපවාසය රකින, (නැමී) රුකූඃ කරන, (නළල බිම තබා) සුජූද් කරන, යහපත විධානය කරන, අයහපත් දැයින් වළක්වාලන, තවද අල්ලාහ්ගේ සීමාවන් සුරක්ෂා කරන යනාදී එවන් (අල්ලාහ්ගෙන් මහත්වූ ප්‍රතිඵල ලබා ගන්නා) දේව විශ්වාසවන්තයින්ට නුඹ සුබාරංචි දන්වනු
Surah At-Taubah, Verse 112
مَا كَانَ لِلنَّبِيِّ وَٱلَّذِينَ ءَامَنُوٓاْ أَن يَسۡتَغۡفِرُواْ لِلۡمُشۡرِكِينَ وَلَوۡ كَانُوٓاْ أُوْلِي قُرۡبَىٰ مِنۢ بَعۡدِ مَا تَبَيَّنَ لَهُمۡ أَنَّهُمۡ أَصۡحَٰبُ ٱلۡجَحِيمِ
නියත වශයෙන්ම දේව ආදේශ තබන්නන් නිරා වාසීන් බව ඔවුනට පැහැදිලි වූවායින් පසු, ඔවුන් තමන්ගේ සමීප ඥාතීන් වුව ද ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටීම නබිවරයාට හා දේව විශ්වාසවන්තයින්ට සුදුසු නොවීය
Surah At-Taubah, Verse 113
وَمَا كَانَ ٱسۡتِغۡفَارُ إِبۡرَٰهِيمَ لِأَبِيهِ إِلَّا عَن مَّوۡعِدَةٖ وَعَدَهَآ إِيَّاهُ فَلَمَّا تَبَيَّنَ لَهُۥٓ أَنَّهُۥ عَدُوّٞ لِّلَّهِ تَبَرَّأَ مِنۡهُۚ إِنَّ إِبۡرَٰهِيمَ لَأَوَّـٰهٌ حَلِيمٞ
ඉබ්රාහීම් තම පියා වෙනුවෙන් සමාව ඇයැදි සිටීම ඔහුට කළ පොරොන්දුවක් මිස (වෙනෙකක්) නොවීය. සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ සතුරකු බව ඔහුට පැහැදිලි වූ කල්හි ඔහු එයින් ඉවත් විය. නියත වශයෙන්ම ඉබ්රාහීම් කරුණාවන්ත වූ ඉවසිලිවන්තයෙකුය
Surah At-Taubah, Verse 114
وَمَا كَانَ ٱللَّهُ لِيُضِلَّ قَوۡمَۢا بَعۡدَ إِذۡ هَدَىٰهُمۡ حَتَّىٰ يُبَيِّنَ لَهُم مَّا يَتَّقُونَۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٌ
කිසියම් පිරිසකට ඔහු මඟ පෙන්වූ පසු, ඔවුන් වැළකිය යුතු දෑ (කුමක් දැයි) ඔවුනට පැහැදිලි කරන තෙක් ඔවුන් නොමඟ යැවීමට අල්ලාහ් (ගේ නීතියක්) නොවීය. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානීය
Surah At-Taubah, Verse 115
إِنَّ ٱللَّهَ لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ يُحۡيِۦ وَيُمِيتُۚ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِيّٖ وَلَا نَصِيرٖ
අහස්හි හා මහපොළොවෙහි ආධිපත්‍යය නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුටමය. ඔහු ප්‍රාණය දෙයි. තවද මරණයට පත් කරයි. තවද අල්ලාහ්ගෙන් තොර ව කිසිදු භාරකරුවකු හෝ උදව්කරුවකු හෝ නුඹලාට නොමැත
Surah At-Taubah, Verse 116
لَّقَد تَّابَ ٱللَّهُ عَلَى ٱلنَّبِيِّ وَٱلۡمُهَٰجِرِينَ وَٱلۡأَنصَارِ ٱلَّذِينَ ٱتَّبَعُوهُ فِي سَاعَةِ ٱلۡعُسۡرَةِ مِنۢ بَعۡدِ مَا كَادَ يَزِيغُ قُلُوبُ فَرِيقٖ مِّنۡهُمۡ ثُمَّ تَابَ عَلَيۡهِمۡۚ إِنَّهُۥ بِهِمۡ رَءُوفٞ رَّحِيمٞ
නබිවරයාට, දුෂ්කර කාලයෙහි ඔහු ව අනුගමනය කළා වූ (මක්කාවෙන්) නික්ම ගියවුනට හා (නික්ම ගිය මක්කා වාසීන්ට) උදව් කළවුනට අල්ලාහ් පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේය. ඔවුන් අතුරින් පිරිසකගේ හදවත් (වෙනතකට) නැඹුරුවන්නට තිබුණ ද, පසු ව ඔවුන් කෙරෙහි පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේය. නියත වශයෙන්ම ඔහු ඔවුන් සම්බන්ධයෙන් සානුකම්පිතය. කරුණාවන්තය
Surah At-Taubah, Verse 117
وَعَلَى ٱلثَّلَٰثَةِ ٱلَّذِينَ خُلِّفُواْ حَتَّىٰٓ إِذَا ضَاقَتۡ عَلَيۡهِمُ ٱلۡأَرۡضُ بِمَا رَحُبَتۡ وَضَاقَتۡ عَلَيۡهِمۡ أَنفُسُهُمۡ وَظَنُّوٓاْ أَن لَّا مَلۡجَأَ مِنَ ٱللَّهِ إِلَّآ إِلَيۡهِ ثُمَّ تَابَ عَلَيۡهِمۡ لِيَتُوبُوٓاْۚ إِنَّ ٱللَّهَ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ
(යුද්ධයට නොගොස්) පසු බැස රැඳී සිටියා වූ තිදෙනාට ද (අල්ලාහ්ගේ සමාව හිමි) විය. මහපොළොව විශාල ව තිබුණ ද එය ඔවුනට පටු වී, ඔවුන්ගේ ජීවන තත්වයද දුෂ්කර වී, අල්ලාහ් වෙත සරණ පතන තැනක් මිස (වෙනත් සරණක්) නොමැති බව ස්ථීරව දැනගත්හ. පසු ව ඔවුන් පශ්චාත්තාප වී යොමු වීම පිණිස, ඔහු ඔවුන්ගේ පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගෙන සමාව දෙන කරුණා ගුණයෙන් යුක්තය
Surah At-Taubah, Verse 118
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَكُونُواْ مَعَ ٱلصَّـٰدِقِينَ
අහෝ විශ්වාස කළවුනි ! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා සත්‍යවාදීන් සමඟ වනු
Surah At-Taubah, Verse 119
مَا كَانَ لِأَهۡلِ ٱلۡمَدِينَةِ وَمَنۡ حَوۡلَهُم مِّنَ ٱلۡأَعۡرَابِ أَن يَتَخَلَّفُواْ عَن رَّسُولِ ٱللَّهِ وَلَا يَرۡغَبُواْ بِأَنفُسِهِمۡ عَن نَّفۡسِهِۦۚ ذَٰلِكَ بِأَنَّهُمۡ لَا يُصِيبُهُمۡ ظَمَأٞ وَلَا نَصَبٞ وَلَا مَخۡمَصَةٞ فِي سَبِيلِ ٱللَّهِ وَلَا يَطَـُٔونَ مَوۡطِئٗا يَغِيظُ ٱلۡكُفَّارَ وَلَا يَنَالُونَ مِنۡ عَدُوّٖ نَّيۡلًا إِلَّا كُتِبَ لَهُم بِهِۦ عَمَلٞ صَٰلِحٌۚ إِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجۡرَ ٱلۡمُحۡسِنِينَ
මදීනාවාසීන්ට හා ඔවුන් අවට සිටි ගම්බද අරාබිවරුන්ගෙන් කිසිවකුට අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් ඉවත් ව පසුබැස රැඳී සිටීමට සුදුසු නොවීය. තවද ඔහුගේ ප්‍රාණයට වඩා ඔවුන්ගේ ප්‍රාණවලට ආශා කිරීම ද සුදුසු නොවීය. හේතුව එය අල්ලාහ්ගේ මාර්ගයේ (යුද වදින විට) පිපාසයක් හෝ දුර්භාග්‍යයක් හෝ කුසගින්නක් හෝ ඔවුනට අත්වුව ද ඔවුන් පය තබන තැන්හි දේව ප්‍රතික්ෂේපකයින් කෝප කරන අයුරින් පය තැබුව ද සතුරකුගෙන් යම් ප්‍රහාරයක් අත් වුව ද එය ඔවුනට දැහැමි ක්‍රියාවක් ලෙසින් මිස සටහන් කරනු නොලබන බැවිනි. නියත වශයෙන් අල්ලාහ් සදැහැමියන්ගේ ප්‍රතිඵල නිෂ්ඵල නොකරයි
Surah At-Taubah, Verse 120
وَلَا يُنفِقُونَ نَفَقَةٗ صَغِيرَةٗ وَلَا كَبِيرَةٗ وَلَا يَقۡطَعُونَ وَادِيًا إِلَّا كُتِبَ لَهُمۡ لِيَجۡزِيَهُمُ ٱللَّهُ أَحۡسَنَ مَا كَانُواْ يَعۡمَلُونَ
ඔවුන් කුඩා හෝ මහා වියදමක් හෝ වැය කළ ද තවද කවර මිටියාවතක් හෝ ඔවුන් තරණය කළ ද ඔවුන් කරමින් සිටින දෑට වඩා අලංකාර අයුරින් ඔවුනට ප්‍රතිඵල දෙනු පිණිස එය ඔවුනට සටහන් කරනු ලබන්නක් මිස වෙනකක් නොවේ
Surah At-Taubah, Verse 121
۞وَمَا كَانَ ٱلۡمُؤۡمِنُونَ لِيَنفِرُواْ كَآفَّةٗۚ فَلَوۡلَا نَفَرَ مِن كُلِّ فِرۡقَةٖ مِّنۡهُمۡ طَآئِفَةٞ لِّيَتَفَقَّهُواْ فِي ٱلدِّينِ وَلِيُنذِرُواْ قَوۡمَهُمۡ إِذَا رَجَعُوٓاْ إِلَيۡهِمۡ لَعَلَّهُمۡ يَحۡذَرُونَ
දේව විශ්වාසවන්තයින් සියල්ලෝම (යුද්ධය සඳහා) පිටත් වීම ඔවුනට සුදුසු නොවීය. දහම පිළිබඳ අවබෝධය ලබා ඔවුන්ගේ ජනයා ඔවුන් වෙත නැවත පැමිණි විට ඔවුනට අවවාද කරනු පිණිස සෑම කණ්ඩායමකින්ම පිරිසක් සිටිය යුතු නොවේ ද ! ඔවුන් ප්‍රවේශම් විය හැකි වනු පිණිස
Surah At-Taubah, Verse 122
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ قَٰتِلُواْ ٱلَّذِينَ يَلُونَكُم مِّنَ ٱلۡكُفَّارِ وَلۡيَجِدُواْ فِيكُمۡ غِلۡظَةٗۚ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ مَعَ ٱلۡمُتَّقِينَ
අහෝ විශ්වාස කළවුනි ! දේව ප්‍රතික්ෂේපකයින් අතුරින් නුඹලාට සමීපව සිටින්නන් සමඟ නුඹලා සටන් වදිනු. නුඹලා තුළ (ඇති) දැඩිකම ඔවුන් දැක ගත යුතුය. තවද නියත වශයෙන්ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් සමඟ යැයි නුඹලා දැන ගනු
Surah At-Taubah, Verse 123
وَإِذَا مَآ أُنزِلَتۡ سُورَةٞ فَمِنۡهُم مَّن يَقُولُ أَيُّكُمۡ زَادَتۡهُ هَٰذِهِۦٓ إِيمَٰنٗاۚ فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ فَزَادَتۡهُمۡ إِيمَٰنٗا وَهُمۡ يَسۡتَبۡشِرُونَ
පරිච්ඡේදයක් පහළ කරනු ලැබූ සෑම කලකම ‘මෙය විශ්වාසය වර්ධනය කළ කවරෙකු හෝ නුඹලා අතුරින් වෙත්දැ’යි ඔවුන් අතුරින් පවසන ඇතැමෙකු ද විය. නමුත් දේව විශ්වාසවන්තයින් වූ කලී එය ඔවුනට විශ්වාසය වර්ධනය කළේය. තවද ඔවුහු සතුටට පත් වූහ
Surah At-Taubah, Verse 124
وَأَمَّا ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ فَزَادَتۡهُمۡ رِجۡسًا إِلَىٰ رِجۡسِهِمۡ وَمَاتُواْ وَهُمۡ كَٰفِرُونَ
කවුරුන්ගේ හදවත් තුළ රෝගීභාවය ඇත්තේද ඔවුන්ගේ (හදවත් තුල ඇති) කිලිටි මත සමග තව තවත් කිලිට වර්ධනය කළේය. තවද ඔවුහු දේව ප්‍රතික්ෂේපකයින් ව සිටියදීම මිය ගියෝය
Surah At-Taubah, Verse 125
أَوَلَا يَرَوۡنَ أَنَّهُمۡ يُفۡتَنُونَ فِي كُلِّ عَامٖ مَّرَّةً أَوۡ مَرَّتَيۡنِ ثُمَّ لَا يَتُوبُونَ وَلَا هُمۡ يَذَّكَّرُونَ
නියත වශයෙන්ම ඔවුන් සෑම වසරකටම වරක් හෝ දෙවරක් හෝ පරීක්ෂාවට ලක් කරනු ලබන බව ඔවුහු නුදුටුවෝ ද? පසු ව ඔවුහු පශ්චාත්තාප වී සමාව අයදින්නේද නැත. තවද ඔවුහු මෙනෙහි කරන්නන් ද නොවෙති
Surah At-Taubah, Verse 126
وَإِذَا مَآ أُنزِلَتۡ سُورَةٞ نَّظَرَ بَعۡضُهُمۡ إِلَىٰ بَعۡضٍ هَلۡ يَرَىٰكُم مِّنۡ أَحَدٖ ثُمَّ ٱنصَرَفُواْۚ صَرَفَ ٱللَّهُ قُلُوبَهُم بِأَنَّهُمۡ قَوۡمٞ لَّا يَفۡقَهُونَ
තවද පරිච්ඡේදයක් පහළ කරනු ලැබූ සෑම කලෙකම, කිසිවකු නුඹලා ව බලා සිටින්නේ දැයි (විමසනවාක් මෙන්) ඔවුන්ගෙන් ඇතමෙක් ඇතමෙකු දෙස බැලුවේය. පසු ව ඔවුහු (එම ස්ථානයෙන්) හැරී ගියෝය. සැබැවින්ම ඔවුහු වටහා නොගන්නා පිරිසක් බැවින් ඔවුන්ගේ හදවත් ද අල්ලාහ් හරවා දැමීය
Surah At-Taubah, Verse 127
لَقَدۡ جَآءَكُمۡ رَسُولٞ مِّنۡ أَنفُسِكُمۡ عَزِيزٌ عَلَيۡهِ مَا عَنِتُّمۡ حَرِيصٌ عَلَيۡكُم بِٱلۡمُؤۡمِنِينَ رَءُوفٞ رَّحِيمٞ
(විශ්වාසවන්තයිනි) නුඹලා අතුරින් වූ පණිවිඩකරුවෙකු නුඹලා වෙත සැබැවින්ම පැමිණ ඇත. (නුඹලාට යම් ඛේදවාචකයක් ඇතිවී) නුඹලා දුෂ්කරත්වයට පත්වීම ඔහුව වේදනාවට පත්කරවයි. ඔහු නුඹලා කෙරෙහි (නුඹලාගේ විශ්වාසය පිළිබඳ) සතුටු වන්නෙකි. දේව විශ්වාසවන්තයින් පිළිබඳ සෙනෙහෙවන්ත වූ මහා කාරුණිකය
Surah At-Taubah, Verse 128
فَإِن تَوَلَّوۡاْ فَقُلۡ حَسۡبِيَ ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ عَلَيۡهِ تَوَكَّلۡتُۖ وَهُوَ رَبُّ ٱلۡعَرۡشِ ٱلۡعَظِيمِ
නමුත් ඔවුන් (නුඹට) පිටුපෑවේ නම් ‘මට අල්ලාහ් ප්‍රමාණවත්ය. ඔහු හැර නැමදුමට කිසිදු දෙවිඳෙකු නොමැත. ඔහු කෙරෙහි මම (සියල්ල) භාර කළෙමි. ඔහු අතිමහත් රාජධානියේ හිමිකරුය’ යැයි එවිට නුඹ පවසනු
Surah At-Taubah, Verse 129