Surah Al-Anfal - Sinhala Translation by Www.islamhouse.com
يَسۡـَٔلُونَكَ عَنِ ٱلۡأَنفَالِۖ قُلِ ٱلۡأَنفَالُ لِلَّهِ وَٱلرَّسُولِۖ فَٱتَّقُواْ ٱللَّهَ وَأَصۡلِحُواْ ذَاتَ بَيۡنِكُمۡۖ وَأَطِيعُواْ ٱللَّهَ وَرَسُولَهُۥٓ إِن كُنتُم مُّؤۡمِنِينَ
(නබිවරය) යුද බිමෙහි අතහැර දමනු ලැබූ වස්තු පිළිබඳ ව ඔවුහු නුඹගෙන් විමසති. යුද බිමෙහි අතහැර දමනු ලැබූ වස්තු අල්ලාහ්ට හා රසූල්වරයාට හිමි බව පවසනු. එබැවින් නුඹලා අල්ලාහ්ට බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරනු. තවද නුඹලා අතර ඇති බැඳීම් ක්‍රමවත් කරනු. තවද නුඹලා විශ්වාසවන්තයින් ලෙස සිටියෙහු නම් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වනු
Surah Al-Anfal, Verse 1
إِنَّمَا ٱلۡمُؤۡمِنُونَ ٱلَّذِينَ إِذَا ذُكِرَ ٱللَّهُ وَجِلَتۡ قُلُوبُهُمۡ وَإِذَا تُلِيَتۡ عَلَيۡهِمۡ ءَايَٰتُهُۥ زَادَتۡهُمۡ إِيمَٰنٗا وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ
නියත වශයෙන්ම දේව විශ්වාසවන්තයින් වනාහි අල්ලාහ් පිළිබඳ මෙනෙහි කරනු ලැබූ විට ඔවුන්ගේ හදවත් තිගැස්සින. තවද ඔවුන් වෙත ඔහුගේ වදන් පාරායනය කරනු ලැබූ විට එය ඔවුනට විශ්වාසය වර්ධනය කළේය. තවද ඔවුන්ගේ පරමාධිපති වෙත ඔවුහු (සියල්ල) භාර කරති
Surah Al-Anfal, Verse 2
ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ
ඔවුහු වනාහි සලාතය විධිමත් ව ඉටු කරති. තවද අපි ඔවුනට පෝෂණය කළ දැයින් වියදම් කරති
Surah Al-Anfal, Verse 3
أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُؤۡمِنُونَ حَقّٗاۚ لَّهُمۡ دَرَجَٰتٌ عِندَ رَبِّهِمۡ وَمَغۡفِرَةٞ وَرِزۡقٞ كَرِيمٞ
සැබෑ දේව විශ්වාසවන්තයෝ ඔවුහුමය. ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුනට තරාතිරම් ද සමාව ද ගෞරවාන්විත පෝෂණය ද ඇත
Surah Al-Anfal, Verse 4
كَمَآ أَخۡرَجَكَ رَبُّكَ مِنۢ بَيۡتِكَ بِٱلۡحَقِّ وَإِنَّ فَرِيقٗا مِّنَ ٱلۡمُؤۡمِنِينَ لَكَٰرِهُونَ
(නබිවරය) නුඹේ පරමාධිපති නුඹේ නිවසින් සත්‍යය සමඟ නුඹ ව පිට කළාක් මෙන් නියත වශයෙන්ම දේව විශ්වාසවන්තයින් අතුරින් පිරිසක් (නුඹ සමඟ පැමිණීමට) පිළිකුල් කරන්නෝ වෙති
Surah Al-Anfal, Verse 5
يُجَٰدِلُونَكَ فِي ٱلۡحَقِّ بَعۡدَ مَا تَبَيَّنَ كَأَنَّمَا يُسَاقُونَ إِلَى ٱلۡمَوۡتِ وَهُمۡ يَنظُرُونَ
බලා සිටිය දී ම මරණය වෙත ඔවුන් මෙහෙයවනු ලබන්නාක් මෙන් (යුද වැදීම අවශ්‍ය බව ඔවුනට) පැහැදිලි වූවායින් පසු ඔවුහු සත්‍යය සම්බන්ධයෙන් නුඹ සමඟ තර්ක කරති
Surah Al-Anfal, Verse 6
وَإِذۡ يَعِدُكُمُ ٱللَّهُ إِحۡدَى ٱلطَّآئِفَتَيۡنِ أَنَّهَا لَكُمۡ وَتَوَدُّونَ أَنَّ غَيۡرَ ذَاتِ ٱلشَّوۡكَةِ تَكُونُ لَكُمۡ وَيُرِيدُ ٱللَّهُ أَن يُحِقَّ ٱلۡحَقَّ بِكَلِمَٰتِهِۦ وَيَقۡطَعَ دَابِرَ ٱلۡكَٰفِرِينَ
(සතුරන්ගේ) කණ්ඩායම් දෙකින් එකක් සැබැවින්ම නුඹලාට (හිමි වනු) ඇතැයි අල්ලාහ් නුඹලාට ප්‍රතිඥා දුන් අවස්ථාව සිහිපත් කරනු. නියත වශයෙන්ම ආයුධ වලින් තොර වූ එය නුඹලාට විය යුතු යැයි නුඹලා ප්‍රිය කරන්නෙහුය. අල්ලාහ් ඔහුගේ වදන් තුළින් සත්‍ය්‍ය සැබෑ ලෙසින් ස්ථාපිත කිරීමටත් දේව ප්‍රතික්ෂේපකයින්ගේ මුදුන් මුල කපා හරින්නටත් අපේක්ෂා කරයි
Surah Al-Anfal, Verse 7
لِيُحِقَّ ٱلۡحَقَّ وَيُبۡطِلَ ٱلۡبَٰطِلَ وَلَوۡ كَرِهَ ٱلۡمُجۡرِمُونَ
වැරදි කරන්නන් පිළිකුල් කළ ද ඔහු සත්‍යය ස්ථාපිත කොට අසත්‍යය විනාශ කරනු පිණිසය
Surah Al-Anfal, Verse 8
إِذۡ تَسۡتَغِيثُونَ رَبَّكُمۡ فَٱسۡتَجَابَ لَكُمۡ أَنِّي مُمِدُّكُم بِأَلۡفٖ مِّنَ ٱلۡمَلَـٰٓئِكَةِ مُرۡدِفِينَ
නුඹලා නුඹලාගේ පරමාධිපති ගෙන් උදව් පතන විට ‘නියත වශයෙන්ම මම මලක්වරුන් දහසක් දෙනා පෙළගස්වා නුඹලාට උදව් කරන්නෙමි’ යැයි ඔහු නුඹලාට පිළිතුරු දුන්නේය
Surah Al-Anfal, Verse 9
وَمَا جَعَلَهُ ٱللَّهُ إِلَّا بُشۡرَىٰ وَلِتَطۡمَئِنَّ بِهِۦ قُلُوبُكُمۡۚ وَمَا ٱلنَّصۡرُ إِلَّا مِنۡ عِندِ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌ
ශුභාරංචියක් වශයෙන් හා නුඹලාගේ හදවත් එමගින් සැනසුම ලබනු පිණිස මිස අල්ලාහ් එය පත් කළේ නැත. සැබෑ උපකාරය අල්ලාහ්ගෙන් මිස නැත. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරීය. සර්ව ප්‍රඥාවන්තය
Surah Al-Anfal, Verse 10
إِذۡ يُغَشِّيكُمُ ٱلنُّعَاسَ أَمَنَةٗ مِّنۡهُ وَيُنَزِّلُ عَلَيۡكُم مِّنَ ٱلسَّمَآءِ مَآءٗ لِّيُطَهِّرَكُم بِهِۦ وَيُذۡهِبَ عَنكُمۡ رِجۡزَ ٱلشَّيۡطَٰنِ وَلِيَرۡبِطَ عَلَىٰ قُلُوبِكُمۡ وَيُثَبِّتَ بِهِ ٱلۡأَقۡدَامَ
එවිට ඉන් සැනසුමක් වශයෙන් සුළු නින්දෙන් ඔහු නුඹලා වෙළා ගත්තේය. නුඹලා එමගින් පිරිසිදු කරවා ෂෙයිතාන්ගේ කිලිටි නුඹලාගෙන් පහ කරනු පිණිසත් නුඹලාගේ හදවත් බලවත් කරවා පාද එමගින් ස්ථාවර කරනු පිණිසත් නුඹලා වෙත ඔහු අහසින් ජලය පහළ කළේය
Surah Al-Anfal, Verse 11
إِذۡ يُوحِي رَبُّكَ إِلَى ٱلۡمَلَـٰٓئِكَةِ أَنِّي مَعَكُمۡ فَثَبِّتُواْ ٱلَّذِينَ ءَامَنُواْۚ سَأُلۡقِي فِي قُلُوبِ ٱلَّذِينَ كَفَرُواْ ٱلرُّعۡبَ فَٱضۡرِبُواْ فَوۡقَ ٱلۡأَعۡنَاقِ وَٱضۡرِبُواْ مِنۡهُمۡ كُلَّ بَنَانٖ
එවිට නුඹගේ පරමාධිපති මලක්වරුන් වෙත ‘ නිසැකවම මම නුඹලා සමග සිටිමි. එබැවින් විශ්වාස කළවුන් ව නුඹලා ස්ථාවර කරනු. ප්‍රතික්ෂේප කළවුන්ගේ හදවත් තුළ මම බිය හෙළමි. එබැවින් නුඹලා ගෙලවල් වලට ඉහළින් කපා දමනු. තවද ඔවුන්ගෙන් වූ සෑම පුරුකක්ම කපා දමනු’ යැයි දන්වා සිටියේය
Surah Al-Anfal, Verse 12
ذَٰلِكَ بِأَنَّهُمۡ شَآقُّواْ ٱللَّهَ وَرَسُولَهُۥۚ وَمَن يُشَاقِقِ ٱللَّهَ وَرَسُولَهُۥ فَإِنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ
එය ඔවුන් අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාට වෙනස් කම් කළ බැවිනි. තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාණන් හට වෙනස් කම් කරන්නේ ද එවිට (දැන ගනු) සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩිය
Surah Al-Anfal, Verse 13
ذَٰلِكُمۡ فَذُوقُوهُ وَأَنَّ لِلۡكَٰفِرِينَ عَذَابَ ٱلنَّارِ
මෙන්න, නුඹලා එය භුක්ති විදිනු. තවද නියත වශයෙන්ම නිරා ගින්නේ දඬුවම දේව ප්‍රතික්ෂේපකයින් සතුය
Surah Al-Anfal, Verse 14
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا لَقِيتُمُ ٱلَّذِينَ كَفَرُواْ زَحۡفٗا فَلَا تُوَلُّوهُمُ ٱلۡأَدۡبَارَ
අහෝ විශ්වාස කළවුනි!, දේව ප්‍රතික්ෂේප කළවුන් ව කණ්ඩායමක් ලෙසින් නුඹලා මුණ ගැසුණු විට ඔවුනට පිටු පා නුඹලා පලා නොයනු
Surah Al-Anfal, Verse 15
وَمَن يُوَلِّهِمۡ يَوۡمَئِذٖ دُبُرَهُۥٓ إِلَّا مُتَحَرِّفٗا لِّقِتَالٍ أَوۡ مُتَحَيِّزًا إِلَىٰ فِئَةٖ فَقَدۡ بَآءَ بِغَضَبٖ مِّنَ ٱللَّهِ وَمَأۡوَىٰهُ جَهَنَّمُۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ
යුද්ධයේ (යුද්ධෝපාය ලෙස) ප්‍රමාද වී පහර දෙන්නකු හා කණ්ඩායමක් වෙත එකතු වන්නෙකු හැර එදින කවරෙකු පිටු පා ඔවුන්ගෙන් පලා යන්නේද එවිට සැබැවින්ම ඔහු අල්ලාහ්ගෙන් වූ කෝපය සමඟ හැරී ගියේය. තවද ඔහුගේ නවාතැන නිරයයි. තවද එම (නිරය) යොමු කරනු ලබන ස්ථානයෙන් නපුරු විය
Surah Al-Anfal, Verse 16
فَلَمۡ تَقۡتُلُوهُمۡ وَلَٰكِنَّ ٱللَّهَ قَتَلَهُمۡۚ وَمَا رَمَيۡتَ إِذۡ رَمَيۡتَ وَلَٰكِنَّ ٱللَّهَ رَمَىٰ وَلِيُبۡلِيَ ٱلۡمُؤۡمِنِينَ مِنۡهُ بَلَآءً حَسَنًاۚ إِنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٞ
එහෙයින් නුඹලා ඔවුන් ඝාතනය නොකළෙහුය. එනමුත් අල්ලාහ් ඔවුන් ඝාතනය කළේය. තවද නුඹ (පස්) විසි කළ විට දී (එය) නුඹ විසි නොකළෙහිය. එනමුත් අල්ලාහ් විසි කළේය. එය දේව විශ්වාසවන්තයින් ව එමගින් අලංකාර පිරික්සුමකින් පිරික්සනු පිණිසය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය
Surah Al-Anfal, Verse 17
ذَٰلِكُمۡ وَأَنَّ ٱللَّهَ مُوهِنُ كَيۡدِ ٱلۡكَٰفِرِينَ
තවද නියත වශයෙන්ම අල්ලාහ් දේව ප්‍රතික්ෂේප කරන්නන්ගේ කුමන්ත්‍රණ දුර්වල කරන්නා බැවිනි
Surah Al-Anfal, Verse 18
إِن تَسۡتَفۡتِحُواْ فَقَدۡ جَآءَكُمُ ٱلۡفَتۡحُۖ وَإِن تَنتَهُواْ فَهُوَ خَيۡرٞ لَّكُمۡۖ وَإِن تَعُودُواْ نَعُدۡ وَلَن تُغۡنِيَ عَنكُمۡ فِئَتُكُمۡ شَيۡـٔٗا وَلَوۡ كَثُرَتۡ وَأَنَّ ٱللَّهَ مَعَ ٱلۡمُؤۡمِنِينَ
(ප්‍රතික්ෂේප කළවුනි!) නුඹලා තීන්දුවක් පැතුවේ නම් සැබැවින්ම නුඹලා වෙත එම තීන්දුව පැමිණ ඇත. තවද නුඹලා වැළකී සිටියේ නම් එය නුඹලාට යහපතකි. තවද නුඹලා ( සටන් කිරීමට) නැවත හැරෙන්නේ නම් අපි ද හැරෙන්නෙමු. තවද නුඹලාගේ පිරිස අධික වූවත් එය නුඹලාට ප්‍රයෝජනවත් නොවන්නේමය. තවද නියත වශයෙන්ම අල්ලාහ් දේව විශ්වාසවන්තයින් සමඟය
Surah Al-Anfal, Verse 19
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَطِيعُواْ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَا تَوَلَّوۡاْ عَنۡهُ وَأَنتُمۡ تَسۡمَعُونَ
විශ්වාස කළවුනි!, නුඹලා අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාණන්ට අවනත වනු. නුඹලා සවන් දෙමින් සිටිය දී (ඔහුට පිටුපා) ඔහුගෙන් නුඹලා හැරී නොයනු
Surah Al-Anfal, Verse 20
وَلَا تَكُونُواْ كَٱلَّذِينَ قَالُواْ سَمِعۡنَا وَهُمۡ لَا يَسۡمَعُونَ
ඔවුන් සවන් නොදී සිට අපි සවන් දුනිමු යැයි පැවසූ අය මෙන් නුඹලා නොවනු
Surah Al-Anfal, Verse 21
۞إِنَّ شَرَّ ٱلدَّوَآبِّ عِندَ ٱللَّهِ ٱلصُّمُّ ٱلۡبُكۡمُ ٱلَّذِينَ لَا يَعۡقِلُونَ
නියත වශයෙන්ම අල්ලාහ් අබියස පොළොවේ සැරිසරන්නන් අතුරින් ඉතා නපුරුවන්නේ (සත්‍යය) වටහා නොගන්නා බිහිරන් හා ගොළුවන්ය
Surah Al-Anfal, Verse 22
وَلَوۡ عَلِمَ ٱللَّهُ فِيهِمۡ خَيۡرٗا لَّأَسۡمَعَهُمۡۖ وَلَوۡ أَسۡمَعَهُمۡ لَتَوَلَّواْ وَّهُم مُّعۡرِضُونَ
ඔවුන් තුළ යහපතක් තිබේ යැයි අල්ලාහ් දන්නේ නම් ඔහු ඔවුනට සවන් දීමට සලස් වන්නට තිබුණි. තවද ඔවුනට සවන් දීමට ඔහු සැලැස්සුව ද ඔවුන් පිටුපාන්නන් ලෙසින්ම හැරී යනු ඇත
Surah Al-Anfal, Verse 23
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱسۡتَجِيبُواْ لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمۡ لِمَا يُحۡيِيكُمۡۖ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يَحُولُ بَيۡنَ ٱلۡمَرۡءِ وَقَلۡبِهِۦ وَأَنَّهُۥٓ إِلَيۡهِ تُحۡشَرُونَ
අහෝ විශ්වාස කළවුනි!, නුඹලා ව ජීවත් කරවනු පිණිස නුඹලාට අල්ලාහ්ගේ පණිවිඩකරු ඇරයුම් කළ විට නුඹලා ඔහුට හා රසූල් වරයාට පිළිතුරු දෙනු. නියත වශයෙන්ම අල්ලාහ් පුද්ගලයකු හා ඔහුගේ හදවත අතර සිටින බවත් සැබැවින්ම නුඹලා ඔහු වෙතටම එක්රැස් කරනු ලබන බවත් නුඹලා දැන ගනු
Surah Al-Anfal, Verse 24
وَٱتَّقُواْ فِتۡنَةٗ لَّا تُصِيبَنَّ ٱلَّذِينَ ظَلَمُواْ مِنكُمۡ خَآصَّةٗۖ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ
තවද නුඹලා අතුරින් අපරාධ කළවුනට පමණක් ඇති නොවන අර්බුදයක් ගැන නුඹලා බිය වනු. නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි බව දැන ගනු
Surah Al-Anfal, Verse 25
وَٱذۡكُرُوٓاْ إِذۡ أَنتُمۡ قَلِيلٞ مُّسۡتَضۡعَفُونَ فِي ٱلۡأَرۡضِ تَخَافُونَ أَن يَتَخَطَّفَكُمُ ٱلنَّاسُ فَـَٔاوَىٰكُمۡ وَأَيَّدَكُم بِنَصۡرِهِۦ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِ لَعَلَّكُمۡ تَشۡكُرُونَ
නුඹලා පොළොවේ ස්වල්ප දෙනෙකු වශයෙන් දුබලයින් ව සිට ජනයා නුඹලාව පැහැර ගෙන යනු ඇතැයි නුඹලා බියෙන් සිටි අවස්ථාව නුඹලා මෙනෙහි කර බලනු. එවිට නුඹලා කෘතවේදී විය හැකිවනු පිණිස ඔහු නුඹලා භාරගෙන ඔහුගේ උපකාරය තුළින් නුඹලාව ඔහු ශක්තිමත් කළේය. තවද යහපත් දැයින් නුඹලාට පෝෂණය කළේය
Surah Al-Anfal, Verse 26
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَخُونُواْ ٱللَّهَ وَٱلرَّسُولَ وَتَخُونُوٓاْ أَمَٰنَٰتِكُمۡ وَأَنتُمۡ تَعۡلَمُونَ
අහෝ විශ්වාස කළවුනි!, නුඹලා දැන දැනම නුඹලා අල්ලාහ්ට හා ධර්ම දූතයාණන්ට වංචා නොකරනු. තවද නුඹලාට භාර කරන ලද දෑ වලට ද වංචා නොකරනු
Surah Al-Anfal, Verse 27
وَٱعۡلَمُوٓاْ أَنَّمَآ أَمۡوَٰلُكُمۡ وَأَوۡلَٰدُكُمۡ فِتۡنَةٞ وَأَنَّ ٱللَّهَ عِندَهُۥٓ أَجۡرٌ عَظِيمٞ
නියත වශයෙන්ම නුඹලාගේ සම්පත් හා නුඹලාගේ දරුවන් (නුඹලාට) පරීක්ෂණයක් වේ යැයි ද නියත වශයෙන්ම අල්ලාහ්, ඔහු අබියස මහත් වූ ප්‍රතිඵල ඇතැයි ද නුඹලා දැන ගනු
Surah Al-Anfal, Verse 28
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِن تَتَّقُواْ ٱللَّهَ يَجۡعَل لَّكُمۡ فُرۡقَانٗا وَيُكَفِّرۡ عَنكُمۡ سَيِّـَٔاتِكُمۡ وَيَغۡفِرۡ لَكُمۡۗ وَٱللَّهُ ذُو ٱلۡفَضۡلِ ٱلۡعَظِيمِ
අහෝ විශ්වාස කළවුනි!, නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වන්නෙහු නම් ඔහු නුඹලාට (හොද හා නරක දෑ පිළිබඳ ව) පැහැදිලි බව ඇති කරයි. නුඹලාගේ නපුරුකම් නුඹලා ගෙන් ඉවත් කර නුඹලාට සමාව දෙයි. තවද අල්ලාහ් අති මහත් වූ භාග්‍ය සම්පන්නය
Surah Al-Anfal, Verse 29
وَإِذۡ يَمۡكُرُ بِكَ ٱلَّذِينَ كَفَرُواْ لِيُثۡبِتُوكَ أَوۡ يَقۡتُلُوكَ أَوۡ يُخۡرِجُوكَۚ وَيَمۡكُرُونَ وَيَمۡكُرُ ٱللَّهُۖ وَٱللَّهُ خَيۡرُ ٱلۡمَٰكِرِينَ
නුඹ ව සිරගත කිරීමට හෝ නුඹ ව මරා දැමීමට හෝ නුඹ ව පිටුවහල් කිරීමට හෝ දේව ප්‍රතික්ෂේප කළවුන් නුඹට කුමන්ත්‍රණ කළ අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුහු කුමන්ත්‍රණ කරති. (එයට එරෙහිව) අල්ලාහ් ද කුමන්ත්‍රණ කරයි. කුමන්ත්‍රණ කරන්නන්ගෙන් ශ්‍රේෂ්ඨ වනුයේ අල්ලාහ්ය
Surah Al-Anfal, Verse 30
وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا قَالُواْ قَدۡ سَمِعۡنَا لَوۡ نَشَآءُ لَقُلۡنَا مِثۡلَ هَٰذَآ إِنۡ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ
අපගේ වදන් ඔවුන් වෙත කියවා පෙන්වනු ලබන විට ‘අපි සවන් දුනිමු. අපි සිතුවේ නම් මෙවැනිම දෙයක් පවසන්නට තිබුණි. මෙය පැරැන්නන්ගේ ප්‍රබන්ධයන් මිස (වෙන කිසිවක්) නැත යැයි ඔවුහු පැවසුවෝය
Surah Al-Anfal, Verse 31
وَإِذۡ قَالُواْ ٱللَّهُمَّ إِن كَانَ هَٰذَا هُوَ ٱلۡحَقَّ مِنۡ عِندِكَ فَأَمۡطِرۡ عَلَيۡنَا حِجَارَةٗ مِّنَ ٱلسَّمَآءِ أَوِ ٱئۡتِنَا بِعَذَابٍ أَلِيمٖ
අහෝ අල්ලාහ්!, මෙය නුඹ වෙතින් වූ සැබෑවක් නම් අප මත අහසින් ගල් වරුසාව වස්සවනු. නැතිනම් වේදනීය දඬුවමක් අප වෙත ගෙන එනු යැයි ඔවුහු පැවසූ අවස්ථාව සිහිපත් කරනු
Surah Al-Anfal, Verse 32
وَمَا كَانَ ٱللَّهُ لِيُعَذِّبَهُمۡ وَأَنتَ فِيهِمۡۚ وَمَا كَانَ ٱللَّهُ مُعَذِّبَهُمۡ وَهُمۡ يَسۡتَغۡفِرُونَ
නුඹ ඔවුන් අතර සිටිය දී ඔවුනට දඬුවම් කිරීමට අල්ලාහ් නොවීය. තවද ඔවුන් සමාව අයැදිමින් සිටියදී ඔවුනට දඬුවම් කරන්නෙකු වශයෙන් ද අල්ලාහ් නොවීය
Surah Al-Anfal, Verse 33
وَمَا لَهُمۡ أَلَّا يُعَذِّبَهُمُ ٱللَّهُ وَهُمۡ يَصُدُّونَ عَنِ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ وَمَا كَانُوٓاْ أَوۡلِيَآءَهُۥٓۚ إِنۡ أَوۡلِيَآؤُهُۥٓ إِلَّا ٱلۡمُتَّقُونَ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ
මස්ජිදුල් හරාමයෙන් ඔවුන් වළක්වමින් සිටිය දී අල්ලාහ් ඔවුනට දඬුවම් නොකරනුයේ ඇයි? තවද ඔවුහු එහි භාරකරුවන් නොවෙති. එහි භාරකරුවන් වන්නේ දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් මිස වෙනත් කිසිවකු නොවේ. එනමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති
Surah Al-Anfal, Verse 34
وَمَا كَانَ صَلَاتُهُمۡ عِندَ ٱلۡبَيۡتِ إِلَّا مُكَآءٗ وَتَصۡدِيَةٗۚ فَذُوقُواْ ٱلۡعَذَابَ بِمَا كُنتُمۡ تَكۡفُرُونَ
මෙම ගෘහය අබියස උරුවන් බෑම හා අත්පුඩි ගැසීම හැර ඔවුන්ගේ නැමදුම නොවීය. එබැවින් නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් මෙම දඬුවම නුඹලා භුක්ති විඳිනු
Surah Al-Anfal, Verse 35
إِنَّ ٱلَّذِينَ كَفَرُواْ يُنفِقُونَ أَمۡوَٰلَهُمۡ لِيَصُدُّواْ عَن سَبِيلِ ٱللَّهِۚ فَسَيُنفِقُونَهَا ثُمَّ تَكُونُ عَلَيۡهِمۡ حَسۡرَةٗ ثُمَّ يُغۡلَبُونَۗ وَٱلَّذِينَ كَفَرُوٓاْ إِلَىٰ جَهَنَّمَ يُحۡشَرُونَ
නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කළවුන් (ජනයා) අල්ලාහ්ගේ මාර්ගයෙන් වැළැක්වීම පිණිස තමන්ගේ ධනය වියදම් කරති. එබැවින් ඔවුන් මතුවටත් වියදම් කරනු ඇත. පසු ව එය ඔවුනට තැවුලක් බවට පත් වේ. පසු ව ඔවුන් අබිබවා යනු ලබනු ඇත. තවද ප්‍රතික්ෂේප කළවුන් නිරය වෙත එක් රැස් කරනු ලබති
Surah Al-Anfal, Verse 36
لِيَمِيزَ ٱللَّهُ ٱلۡخَبِيثَ مِنَ ٱلطَّيِّبِ وَيَجۡعَلَ ٱلۡخَبِيثَ بَعۡضَهُۥ عَلَىٰ بَعۡضٖ فَيَرۡكُمَهُۥ جَمِيعٗا فَيَجۡعَلَهُۥ فِي جَهَنَّمَۚ أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ
(එය ) අපවිත්‍ර අයගෙන් පිවිතුරු අය අල්ලාහ් වෙන් කොට, එම අයහපත් අයගෙන් සමහරුන් සමහරුන් මත අසුරනු ලැබ, පසුව ඔවුන් සියල්ල ගොඩ ගසා නිරයෙහි දැමීම පිණිසය. අලාභවන්තයෝ ඔවුහුමය
Surah Al-Anfal, Verse 37
قُل لِّلَّذِينَ كَفَرُوٓاْ إِن يَنتَهُواْ يُغۡفَرۡ لَهُم مَّا قَدۡ سَلَفَ وَإِن يَعُودُواْ فَقَدۡ مَضَتۡ سُنَّتُ ٱلۡأَوَّلِينَ
ඔවුන් වැළකුණේ නම් ඔවුන් පෙර කළ දෑට සමා ව දෙනු ලබන බවත් තවද ඔවුන් (යුද්ධය වෙත) නැවත හැරුණේ නම් (විනාශ කර දැමීමේ) පැරැන්නන්ගේ පිළිවෙත සැබැවින්ම ඉකුත් ව ගොස් ඇති බවත් දේව ප්‍රතික්ෂේප කළවුනට නුඹ පවසනු
Surah Al-Anfal, Verse 38
وَقَٰتِلُوهُمۡ حَتَّىٰ لَا تَكُونَ فِتۡنَةٞ وَيَكُونَ ٱلدِّينُ كُلُّهُۥ لِلَّهِۚ فَإِنِ ٱنتَهَوۡاْ فَإِنَّ ٱللَّهَ بِمَا يَعۡمَلُونَ بَصِيرٞ
ෆිත්නා (අර්බුදයක්) නොපවතින තෙක්, එමෙන්ම දහම මුළුමනින්ම අල්ලාහ් සතු වන තෙක් නුඹලා ඔවුන් සමග සටන් කරනු. නමුත් ඔවුන් වැළකුණේ නම් එවිට නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳ ව සුපරික්ෂාකාරීය
Surah Al-Anfal, Verse 39
وَإِن تَوَلَّوۡاْ فَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ مَوۡلَىٰكُمۡۚ نِعۡمَ ٱلۡمَوۡلَىٰ وَنِعۡمَ ٱلنَّصِيرُ
තවද ඔවුන් පිටුපෑවේ නම් අල්ලාහ් නුඹලාගේ භාරකරු බව නුඹලා දැන ගනු. එම භාරකරු ශ්‍රේෂ්ඨ විය. එම උදව්කරු ද යහපත් විය
Surah Al-Anfal, Verse 40
۞وَٱعۡلَمُوٓاْ أَنَّمَا غَنِمۡتُم مِّن شَيۡءٖ فَأَنَّ لِلَّهِ خُمُسَهُۥ وَلِلرَّسُولِ وَلِذِي ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينِ وَٱبۡنِ ٱلسَّبِيلِ إِن كُنتُمۡ ءَامَنتُم بِٱللَّهِ وَمَآ أَنزَلۡنَا عَلَىٰ عَبۡدِنَا يَوۡمَ ٱلۡفُرۡقَانِ يَوۡمَ ٱلۡتَقَى ٱلۡجَمۡعَانِۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ
කණ්ඩායම් දෙක හමු වූ දින (සත්‍ය අසත්‍යයෙන්) වෙන් කළ දින අපගේ ගැත්තා වෙත අපි පහළ කළ දෑ නුඹලා විශ්වාස කර සිටියෙහු නම්, නියත වශයෙන්ම යමක් නුඹලා යුද්ධයෙන් අත්පත් කර ගත්තේ ද ඉන් පහෙන් කොටසක් අල්ලාහ්ට ද ධර්ම දූතයාණන්ට ද ඥාතීන්ට ද අනාථයින්ට ද දුගියන්ට ද මගියන්ට ද සතු බව දැන ගනු. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව ශක්තිය ඇත්තාය
Surah Al-Anfal, Verse 41
إِذۡ أَنتُم بِٱلۡعُدۡوَةِ ٱلدُّنۡيَا وَهُم بِٱلۡعُدۡوَةِ ٱلۡقُصۡوَىٰ وَٱلرَّكۡبُ أَسۡفَلَ مِنكُمۡۚ وَلَوۡ تَوَاعَدتُّمۡ لَٱخۡتَلَفۡتُمۡ فِي ٱلۡمِيعَٰدِ وَلَٰكِن لِّيَقۡضِيَ ٱللَّهُ أَمۡرٗا كَانَ مَفۡعُولٗا لِّيَهۡلِكَ مَنۡ هَلَكَ عَنۢ بَيِّنَةٖ وَيَحۡيَىٰ مَنۡ حَيَّ عَنۢ بَيِّنَةٖۗ وَإِنَّ ٱللَّهَ لَسَمِيعٌ عَلِيمٌ
අසල පිහිටි මිටියාවතෙහි නුඹලා ද, දුරින් පිහිටි මිටියාවතෙහි ඔවුන් ද නුඹලාට පහළින් වෙළඳ කණ්ඩායම ද සිටි අවස්ථාව සිහිපත් කරනු. නුඹලා එය සැලසුම් කර තිබුණේ නම් නියමිත වේලාවෙහි නුඹලා භේද වන්නට තිබුණි. එනමුත් සිදු කරනු ලැබිය යුතු කාර්යය ඉටු කිරීම පිණිසත් විනාශ කරනු ලැබිය යුත්තන් සාධාරණ හේතූන් මත විනාශ කරනු පිණිසත් ජීවත් කරවනු ලැබිය යුත්තන් සාධාරණ හේතූන් මත ජීවත් කරවනු පිණිසත් (අල්ලාහ් මෙම තත්ත්වය උදා කළේය.) තවද නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය
Surah Al-Anfal, Verse 42
إِذۡ يُرِيكَهُمُ ٱللَّهُ فِي مَنَامِكَ قَلِيلٗاۖ وَلَوۡ أَرَىٰكَهُمۡ كَثِيرٗا لَّفَشِلۡتُمۡ وَلَتَنَٰزَعۡتُمۡ فِي ٱلۡأَمۡرِ وَلَٰكِنَّ ٱللَّهَ سَلَّمَۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ
(නබිවරය) නුඹේ සිහිනයෙහි නුඹට ඔවුන් ව ස්වල්ප දෙනෙකු වශයෙන් අල්ලාහ් පෙන් වූ අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුන් ව අධික වශයෙන් ඔහු නුඹට පෙන්වා තිබුණේ නම් නුඹලා අධෛර්යයට පත් වනු ඇත. තවද නුඹලා එම විෂයයෙහි මත ගැටුම් ඇති කර ගනු ඇත. එනමුත් අල්ලාහ් ආරක්ෂා කළේය. නියත වශයෙන්ම ඔහු හදවත් සතු දෑ පිළිබඳ ව සර්ව ඥානීය
Surah Al-Anfal, Verse 43
وَإِذۡ يُرِيكُمُوهُمۡ إِذِ ٱلۡتَقَيۡتُمۡ فِيٓ أَعۡيُنِكُمۡ قَلِيلٗا وَيُقَلِّلُكُمۡ فِيٓ أَعۡيُنِهِمۡ لِيَقۡضِيَ ٱللَّهُ أَمۡرٗا كَانَ مَفۡعُولٗاۗ وَإِلَى ٱللَّهِ تُرۡجَعُ ٱلۡأُمُورُ
නුඹලා (යුද බිමෙහි) හමු වූ විට නුඹලාගේ ඇස්වලට ඔවුන් ස්වල්ප දෙනකු වශයෙන් පෙන්වා, නුඹලා ව ඔවුන්ගේ ඇස්වලට ස්වල්ප දෙනකු වශයෙන් පෙන් වූ අවස්ථාව සිහිපත් කරනු. එය සිදු කරනු ලැබිය යුත්තක් වූ කරුණ අල්ලාහ් ඉටු කරනු පිණිසය. තවද සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙතය
Surah Al-Anfal, Verse 44
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا لَقِيتُمۡ فِئَةٗ فَٱثۡبُتُواْ وَٱذۡكُرُواْ ٱللَّهَ كَثِيرٗا لَّعَلَّكُمۡ تُفۡلِحُونَ
අහෝ විශ්වාස කළවුනි ! නුඹලා පිරිසක් හමු වූ විට ස්ථාවර ව සිටිනු. තවද නුඹලා ජය ලබා ගත හැකි වනු පිණිස අධික වශයෙන් නුඹලා අල්ලාහ් ව සිහිපත් කරනු
Surah Al-Anfal, Verse 45
وَأَطِيعُواْ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَا تَنَٰزَعُواْ فَتَفۡشَلُواْ وَتَذۡهَبَ رِيحُكُمۡۖ وَٱصۡبِرُوٓاْۚ إِنَّ ٱللَّهَ مَعَ ٱلصَّـٰبِرِينَ
තවද අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාණන්හට නුඹලා අවනත වනු. නුඹලා ගැටුම් ඇති කර නොගනු. එවිට නුඹලා අධෛර්යයට පත් වනු ඇත. නුඹලාගේ බලය පහ ව යනු ඇත. තවද නුඹලා ඉවසීමෙන් කටයුතු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟය
Surah Al-Anfal, Verse 46
وَلَا تَكُونُواْ كَٱلَّذِينَ خَرَجُواْ مِن دِيَٰرِهِم بَطَرٗا وَرِئَآءَ ٱلنَّاسِ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِۚ وَٱللَّهُ بِمَا يَعۡمَلُونَ مُحِيطٞ
තම නිවෙස් වලින් අහංකාරයෙන් හා ජනයාට ප්‍රදර්ශනය කොට මුණිච්චාවෙන් පිටත් ව ගියවුන් මෙන් නුඹලා නොවනු. තවද ඔවුහු අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වති. තවද අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳ ව සර්වප්‍රකාරයෙන් දන්නාය
Surah Al-Anfal, Verse 47
وَإِذۡ زَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ أَعۡمَٰلَهُمۡ وَقَالَ لَا غَالِبَ لَكُمُ ٱلۡيَوۡمَ مِنَ ٱلنَّاسِ وَإِنِّي جَارٞ لَّكُمۡۖ فَلَمَّا تَرَآءَتِ ٱلۡفِئَتَانِ نَكَصَ عَلَىٰ عَقِبَيۡهِ وَقَالَ إِنِّي بَرِيٓءٞ مِّنكُمۡ إِنِّيٓ أَرَىٰ مَا لَا تَرَوۡنَ إِنِّيٓ أَخَافُ ٱللَّهَۚ وَٱللَّهُ شَدِيدُ ٱلۡعِقَابِ
ෂෙයිතාන් ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුනට අලංකාර කර පෙන් වූ අවස්ථා ව සිහිපත් කරනු. අද දින ජනයා අතුරින් නුඹලා අබිබවා යන කිසිවකු නොමැත. තවද සැබැවින්ම මම නුඹලාගේ අසල් වැසියකු වෙමි. නමුත් දෙපිරිස හමුවීම ඔහු දුටු විට ඔහුගේ විලුඹ දෙක මත ඔහු හැරී ගොස් මම නුඹලාගෙන් නික්ම යමි. නුඹලා නොදකින දෑ සැබැවින්ම මම දකිමි. සැබැවින්ම මම අල්ලාහ්ට බිය වෙමි. තවද අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි යැයි ඔහු පැවසුවේය
Surah Al-Anfal, Verse 48
إِذۡ يَقُولُ ٱلۡمُنَٰفِقُونَ وَٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ غَرَّ هَـٰٓؤُلَآءِ دِينُهُمۡۗ وَمَن يَتَوَكَّلۡ عَلَى ٱللَّهِ فَإِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٞ
ඔවුන්ගේ දහම ඔවුන් මුළා කළේය යැයි කුහකයෝ හා තම හදවත් වල රෝග ඇත්තෝ පවසා සිටි අවස්ථා ව සිහිපත් කරනු. තවද කවරෙකු අල්ලාහ් වෙත භාර කරන්නේ ද නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරීය. සියුම් ඥානීය
Surah Al-Anfal, Verse 49
وَلَوۡ تَرَىٰٓ إِذۡ يَتَوَفَّى ٱلَّذِينَ كَفَرُواْ ٱلۡمَلَـٰٓئِكَةُ يَضۡرِبُونَ وُجُوهَهُمۡ وَأَدۡبَٰرَهُمۡ وَذُوقُواْ عَذَابَ ٱلۡحَرِيقِ
දේව ප්‍රතික්ෂේපකයින්ගේ ප්‍රාණ දේව දූතයන් විසින් අත්පත් කරගන්නා අවස්ථාව නුඹ දැකගන්නට තිබුනා නොවේද! (එම දේව දූතවරුන්) මලක්වරු ඔවුන්ගේ මුහුණු වලට හා පිටවල් වලට පහර දෙමින් "නුඹලා දැවෙන වේදනාවේ දඬුවම භුක්ති විඳිනු" යැයි පැවැසූහ
Surah Al-Anfal, Verse 50
ذَٰلِكَ بِمَا قَدَّمَتۡ أَيۡدِيكُمۡ وَأَنَّ ٱللَّهَ لَيۡسَ بِظَلَّـٰمٖ لِّلۡعَبِيدِ
මෙය නුඹලාගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙනි. තවද නියත වශයෙන්ම අල්ලාහ් ගැත්තන් හට අසාධාරණකම් කරන්නෙකු නොවේ
Surah Al-Anfal, Verse 51
كَدَأۡبِ ءَالِ فِرۡعَوۡنَ وَٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ كَفَرُواْ بِـَٔايَٰتِ ٱللَّهِ فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمۡۚ إِنَّ ٱللَّهَ قَوِيّٞ شَدِيدُ ٱلۡعِقَابِ
(අප විසින් දඬුවම් කිරීමේදී,එය) ෆිර්අවුන්ගේ සේනාවේ අයට හා ඔවුනට පෙර සිටි අයගේ වේදනාව මෙනි. ඔවුහු අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කළහ. එබැවින් ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අල්ලාහ් ඔවුන් ට දඬුවම් කළේය. නියත වශයෙන්ම අල්ලාහ් අති බලවත්ය. දඬුවම් දීමෙහි ඉතා දැඩිය
Surah Al-Anfal, Verse 52
ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ لَمۡ يَكُ مُغَيِّرٗا نِّعۡمَةً أَنۡعَمَهَا عَلَىٰ قَوۡمٍ حَتَّىٰ يُغَيِّرُواْ مَا بِأَنفُسِهِمۡ وَأَنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٞ
එය කිසිදු සමූහයක් තමන් සතු ව ඇති දෑ ඔවුන් වෙනස් කර ගන්නා තෙක් ඔවුනට පිරිනැමූ දායාදය සැබැවින්ම අල්ලාහ් වෙනස් කරන්නෙකු නොවූ බැවිනි. තවද නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය
Surah Al-Anfal, Verse 53
كَدَأۡبِ ءَالِ فِرۡعَوۡنَ وَٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ كَذَّبُواْ بِـَٔايَٰتِ رَبِّهِمۡ فَأَهۡلَكۡنَٰهُم بِذُنُوبِهِمۡ وَأَغۡرَقۡنَآ ءَالَ فِرۡعَوۡنَۚ وَكُلّٞ كَانُواْ ظَٰلِمِينَ
එය ෆිර්අවුන්ගේ සේනාව හා තම පරමාධිපතිගේ වදන් බොරු කළා වූ ඔවුනට පෙර සිටි අයගේ වේදනාව මෙනි. එවිට ඔවුන්ගේ පාපකම් හේතුවෙන් ඔවුන් ව අපි විනාශ කළෙමු. තවද අපි ෆිර්අවුන්ගේ සේනාව හා අපරාධකරුවන් ලෙස සිටි සියලු දෙනා ව දියේ ගිල්වූයෙමු
Surah Al-Anfal, Verse 54
إِنَّ شَرَّ ٱلدَّوَآبِّ عِندَ ٱللَّهِ ٱلَّذِينَ كَفَرُواْ فَهُمۡ لَا يُؤۡمِنُونَ
අල්ලාහ් අබියස නියත වශයෙන්ම ප්‍රාණීන් අතුරින් වඩාත් නපුරු අය වන්නේ දේව ප්‍රතික්ෂේප කළවුන්ය. ඔවුහු විශ්වාස නොකරති
Surah Al-Anfal, Verse 55
ٱلَّذِينَ عَٰهَدتَّ مِنۡهُمۡ ثُمَّ يَنقُضُونَ عَهۡدَهُمۡ فِي كُلِّ مَرَّةٖ وَهُمۡ لَا يَتَّقُونَ
(නබිවරය) නුඹ ඔවුන් සමඟ ගිවිස ගත්තෙහිය. පසු ව ඔවුන් ඒ හැම විටකම ඔවුන්ගේ ගිවිසුම කඩ කරති. තවද ඔවුහු බිය හැඟීමෙන් යුතු ව කටයුතු නොකරති
Surah Al-Anfal, Verse 56
فَإِمَّا تَثۡقَفَنَّهُمۡ فِي ٱلۡحَرۡبِ فَشَرِّدۡ بِهِم مَّنۡ خَلۡفَهُمۡ لَعَلَّهُمۡ يَذَّكَّرُونَ
එහෙයින් යුද බිමෙහි නුඹ ඔවුන් හමු වන්නෙහි නම් ඔවුන්ගේ පසුපසින් සිටින්නවුන් ඔවුන් ගෙන් විසිර යන්නට සලස්වනු. ඔවුන් උපදෙස් ලැබිය හැකි වනු පිණිස
Surah Al-Anfal, Verse 57
وَإِمَّا تَخَافَنَّ مِن قَوۡمٍ خِيَانَةٗ فَٱنۢبِذۡ إِلَيۡهِمۡ عَلَىٰ سَوَآءٍۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلۡخَآئِنِينَ
(නබිවරය) යම් පිරිසකගෙන් (ගිවිසුමෙහි) වංචාවක් සිදු වනු ඇතැයි නුඹ බිය වෙතොත් ඔවුන් වෙත ඊට සමාන අයුරින්ම (ගිවිසුම) හෙළා දමනු. නියත වශයෙන්ම අල්ලාහ් වංචා කරන්නන් ප්‍රිය නොකරයි
Surah Al-Anfal, Verse 58
وَلَا يَحۡسَبَنَّ ٱلَّذِينَ كَفَرُواْ سَبَقُوٓاْۚ إِنَّهُمۡ لَا يُعۡجِزُونَ
දේව ප්‍රතික්ෂේප කළවුන් තමන් ජය ලැබූ බව සැබැවින්ම නොසිතිය යුතුය. නියත වශයෙන්ම ඔවුන් (ඊට) හැකියාව නොදරති
Surah Al-Anfal, Verse 59
وَأَعِدُّواْ لَهُم مَّا ٱسۡتَطَعۡتُم مِّن قُوَّةٖ وَمِن رِّبَاطِ ٱلۡخَيۡلِ تُرۡهِبُونَ بِهِۦ عَدُوَّ ٱللَّهِ وَعَدُوَّكُمۡ وَءَاخَرِينَ مِن دُونِهِمۡ لَا تَعۡلَمُونَهُمُ ٱللَّهُ يَعۡلَمُهُمۡۚ وَمَا تُنفِقُواْ مِن شَيۡءٖ فِي سَبِيلِ ٱللَّهِ يُوَفَّ إِلَيۡكُمۡ وَأَنتُمۡ لَا تُظۡلَمُونَ
(ආයුධ) බලයෙන් හා අශ්ව සේනාවන්ගෙන් නුඹලාට හැකි පමණින් ඔවුනට එරෙහි ව නුඹලා සූදානම් වනු. අල්ලාහ්ගේ සතුරන් ද නුඹලාගේ සතුරන් ද ඔවුනට අමතර ව ඔවුන් ගැන නුඹලා නොදන්නා නමුත් අල්ලාහ් ඔවුන් ගැන දන්නා වෙනත් අය ද නුඹලා එමගින් බිය වද්දනු ඇත. අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා කවර කරුණක් වියදම් කළ ද නුඹලා වෙත එය පූර්ණ ව දෙනු ලැබේ. නුඹලා අසාධාරණකම් කරනු නොලබනු ඇත
Surah Al-Anfal, Verse 60
۞وَإِن جَنَحُواْ لِلسَّلۡمِ فَٱجۡنَحۡ لَهَا وَتَوَكَّلۡ عَلَى ٱللَّهِۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ
තවද ඔවුන් සමාදානය සඳහා යොමු වූයේ නම් එවිට නුඹ ද ඒ සඳහා යොමු වනු. තවද අල්ලාහ් වෙත (සියල්ල) භාර කරනු. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්‍රාවකය. සර්වඥානීය
Surah Al-Anfal, Verse 61
وَإِن يُرِيدُوٓاْ أَن يَخۡدَعُوكَ فَإِنَّ حَسۡبَكَ ٱللَّهُۚ هُوَ ٱلَّذِيٓ أَيَّدَكَ بِنَصۡرِهِۦ وَبِٱلۡمُؤۡمِنِينَ
නුඹට ද්‍රෝහිකම් කිරීමට ඔවුන් සිතන්නේ නම් එවිට (දැන ගනු) නියත වශයෙන්ම අල්ලාහ් නුඹට ප්‍රමාණවත්ය. ඔහු ඔහුගේ උදව් ව හා දේව විශ්වාසවන්තයින් මඟින් නුඹ ව ස්ථාවර කළේය
Surah Al-Anfal, Verse 62
وَأَلَّفَ بَيۡنَ قُلُوبِهِمۡۚ لَوۡ أَنفَقۡتَ مَا فِي ٱلۡأَرۡضِ جَمِيعٗا مَّآ أَلَّفۡتَ بَيۡنَ قُلُوبِهِمۡ وَلَٰكِنَّ ٱللَّهَ أَلَّفَ بَيۡنَهُمۡۚ إِنَّهُۥ عَزِيزٌ حَكِيمٞ
ඔවුන්ගේ හදවත් අතර ඔහු සෙනෙහස ගොඩ නැගුවේය. මහපොළොවේ ඇති සියලු දෑ නුඹ වියදම් කළ ද ඔවුන්ගේ හදවත් අතර සෙනෙහස ගොඩ නැගීමට නුඹට නොහැකිය. එනමුත් අල්ලාහ් ඔවුන් අතර සෙනෙහස ගොඩ නැගුවේය. නියත වශයෙන්ම ඔහු සර්ව බලධාරී සියුම් ඥානීය
Surah Al-Anfal, Verse 63
يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ حَسۡبُكَ ٱللَّهُ وَمَنِ ٱتَّبَعَكَ مِنَ ٱلۡمُؤۡمِنِينَ
අහෝ නබිවරය ! නුඹට හා දේව විශ්වාසවන්තයින් අතුරින් නුඹ ව අනුගමනය කරන්නන්හට අල්ලාහ් ප්‍රමාණවත්ය
Surah Al-Anfal, Verse 64
يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ حَرِّضِ ٱلۡمُؤۡمِنِينَ عَلَى ٱلۡقِتَالِۚ إِن يَكُن مِّنكُمۡ عِشۡرُونَ صَٰبِرُونَ يَغۡلِبُواْ مِاْئَتَيۡنِۚ وَإِن يَكُن مِّنكُم مِّاْئَةٞ يَغۡلِبُوٓاْ أَلۡفٗا مِّنَ ٱلَّذِينَ كَفَرُواْ بِأَنَّهُمۡ قَوۡمٞ لَّا يَفۡقَهُونَ
අහෝ නබිවරය ! දේව විශ්වාසවන්තයින් ව යුද්ධය සඳහා දිරි ගන්වනු. නුඹලා අතුරින් විසි දෙනෙකු සිටින්නේ නම් ඔවුහු ඔවුන්ගෙන් දෙසිය දෙනකු අබිබවා යනු ඇත. නුඹලා අතුරින් සිය දෙනෙකු සිටින්නේ නම් ඔවුහු දේව ප්‍රතික්ෂේපකයින් අතුරින් දහසක් දෙනා අබිබවා යනු ඇත. හේතුව සැබැවින්ම ඔවුන් වටහා නොගන්නා පිරිසක් බැවිනි
Surah Al-Anfal, Verse 65
ٱلۡـَٰٔنَ خَفَّفَ ٱللَّهُ عَنكُمۡ وَعَلِمَ أَنَّ فِيكُمۡ ضَعۡفٗاۚ فَإِن يَكُن مِّنكُم مِّاْئَةٞ صَابِرَةٞ يَغۡلِبُواْ مِاْئَتَيۡنِۚ وَإِن يَكُن مِّنكُمۡ أَلۡفٞ يَغۡلِبُوٓاْ أَلۡفَيۡنِ بِإِذۡنِ ٱللَّهِۗ وَٱللَّهُ مَعَ ٱلصَّـٰبِرِينَ
දැන් අල්ලාහ් නුඹලාගෙන් සැහැල්ලු කළේය. තවද නුඹලා තුළ දුර්වලකම් ඇති බව ඔහු දැන සිටියේය. එහෙයින් නුඹලා අතුරින් ඉවසා දරා ගන්නා සිය දෙනකු වන්නේ නම් ඔවුහු (ඔවුන්ගෙන්) දෙසිය දෙනකු අබිබවා යනු ඇත. තවද නුඹලා අතුරින් දහසක් දෙනා වන්නේ නම් අල්ලාහ්ගේ අනුහසින් දෙදහසක් දෙනා ඔවුහු අබිබවා යනු ඇත. තවද අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟය
Surah Al-Anfal, Verse 66
مَا كَانَ لِنَبِيٍّ أَن يَكُونَ لَهُۥٓ أَسۡرَىٰ حَتَّىٰ يُثۡخِنَ فِي ٱلۡأَرۡضِۚ تُرِيدُونَ عَرَضَ ٱلدُّنۡيَا وَٱللَّهُ يُرِيدُ ٱلۡأٓخِرَةَۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٞ
මිහිතලයේ සතුරන් මර්දනය කරන තුරු යුද සිරකරුවන් තබා ගැනීම කිසිදු නබිවරයකුට (සුදුසු) නොවීය. නුඹලා මෙලොව සම්පත් අපේක්ෂා කරන්නෙහුය. අල්ලාහ් මතු ලොව අපේක්ෂා කරයි. තවද අල්ලාහ් සර්ව බලධාරීය. සියුම් ඥානීය
Surah Al-Anfal, Verse 67
لَّوۡلَا كِتَٰبٞ مِّنَ ٱللَّهِ سَبَقَ لَمَسَّكُمۡ فِيمَآ أَخَذۡتُمۡ عَذَابٌ عَظِيمٞ
අල්ලාහ්ගේ පෙර නියමයක් නොවූයේ නම් (සිරකරුවන් මුදා හරින්නට) නුඹලා ලබා ගත් දෙයහි මහත් දඬුවමක් නුඹලා ව ස්පර්ශ කරන්නට තිබුණි
Surah Al-Anfal, Verse 68
فَكُلُواْ مِمَّا غَنِمۡتُمۡ حَلَٰلٗا طَيِّبٗاۚ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ
එහෙයින් යුද බිමෙන් නුඹලා ලැබූ දැයින් අනුමත පිවිතුරු දෑ නුඹලා අනුභව කරනු. තවද නුඹලා අල්ලාහ්ට බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය
Surah Al-Anfal, Verse 69
يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ قُل لِّمَن فِيٓ أَيۡدِيكُم مِّنَ ٱلۡأَسۡرَىٰٓ إِن يَعۡلَمِ ٱللَّهُ فِي قُلُوبِكُمۡ خَيۡرٗا يُؤۡتِكُمۡ خَيۡرٗا مِّمَّآ أُخِذَ مِنكُمۡ وَيَغۡفِرۡ لَكُمۡۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ
අහෝ නබිවරය ! ‘නුඹලාගේ හදවත් තුළ ඇති යම් යහපතක් ගැන අල්ලාහ් දන්නේ නම් නුඹලාගෙන් ගනු ලැබූ දෑට වඩා යහපත් දෑ නුඹලාට ඔහු පිරිනමනු ඇත. තවද නුඹලාට ඔහු සමා ව දෙනු ඇත’ යැයි සිරුකරුවන් අතුරින් නුඹලාගේ අත්අඩංගුවේ පසුවන්නන්හට නුඹ පවසනු. තවද අල්ලාහ් අතික්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය
Surah Al-Anfal, Verse 70
وَإِن يُرِيدُواْ خِيَانَتَكَ فَقَدۡ خَانُواْ ٱللَّهَ مِن قَبۡلُ فَأَمۡكَنَ مِنۡهُمۡۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ
ඔවුහු නුඹට ද්‍රෝහිකම් කිරීමට අපේක්ෂා කරන්නේ නම් මීට පෙර ද සැබැවින්ම ඔවුහු අල්ලාහ්ට ද්‍රෝහිකම් කළෝය. ඔහු ඔවුන් විෂයයෙහි (නුඹට) ඉඩ ලබා දී ඇත. තවද අල්ලාහ් සර්වඥානී සියුම් ඥානය ඇත්තාය
Surah Al-Anfal, Verse 71
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَهَاجَرُواْ وَجَٰهَدُواْ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡ فِي سَبِيلِ ٱللَّهِ وَٱلَّذِينَ ءَاوَواْ وَّنَصَرُوٓاْ أُوْلَـٰٓئِكَ بَعۡضُهُمۡ أَوۡلِيَآءُ بَعۡضٖۚ وَٱلَّذِينَ ءَامَنُواْ وَلَمۡ يُهَاجِرُواْ مَا لَكُم مِّن وَلَٰيَتِهِم مِّن شَيۡءٍ حَتَّىٰ يُهَاجِرُواْۚ وَإِنِ ٱسۡتَنصَرُوكُمۡ فِي ٱلدِّينِ فَعَلَيۡكُمُ ٱلنَّصۡرُ إِلَّا عَلَىٰ قَوۡمِۭ بَيۡنَكُمۡ وَبَيۡنَهُم مِّيثَٰقٞۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ
නියත වශයෙන්ම විශ්වාස කොට (තම වාසස්ථානයෙන්) නික්ම ගොස් තම ධනය හා තම ජීවිත අල්ලාහ්ගේ මාර්ගයේ කැප කළවුන් ද තවද සරණ ලබා දී (ඔවුනට) උදව් කළවුන් ද ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුගේ මිතුරන් වෙති. විශ්වාස කොට නික්ම නොගිය අය ඔවුන් නික්ම යන තුරු ඔවුන් සමඟ කිසිදු ආකාරයේ මිතු දහමක් නුඹලාට නොවනු ඇත. නමුත් දහම විෂයයෙහි ඔවුන් නුඹලාගෙන් උදව් පැතුවේ නම් නුඹලා හා ඔවුන් අතර ගිවිසුමක් ඇති ජනයා වෙත හැර (අන් අයට) උදව් කිරීම නුඹලා වෙත පැවරෙන වගකීමය. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව නිරීක්ෂා කරන්නාය
Surah Al-Anfal, Verse 72
وَٱلَّذِينَ كَفَرُواْ بَعۡضُهُمۡ أَوۡلِيَآءُ بَعۡضٍۚ إِلَّا تَفۡعَلُوهُ تَكُن فِتۡنَةٞ فِي ٱلۡأَرۡضِ وَفَسَادٞ كَبِيرٞ
මෙය (එකිනෙකා රැකගැනීම) නුඹලා නොකරන්නේ නම් මහ පොළොවේ අර්බුද හා මහා කලහකම් සිදු වනු ඇත. දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහු ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ සමීප මිතුරන් වෙති
Surah Al-Anfal, Verse 73
وَٱلَّذِينَ ءَامَنُواْ وَهَاجَرُواْ وَجَٰهَدُواْ فِي سَبِيلِ ٱللَّهِ وَٱلَّذِينَ ءَاوَواْ وَّنَصَرُوٓاْ أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُؤۡمِنُونَ حَقّٗاۚ لَّهُم مَّغۡفِرَةٞ وَرِزۡقٞ كَرِيمٞ
තවද විශ්වාස කොට (තම වාසස්ථානයෙන්) නික්ම ගොස් අල්ලාහ්ගේ මාර්ගයේ කැප කළවුන් හා සරණ ලබා දී (ඔවුනට) උදව් කළවුන් වන ඔවුහුමය සැබෑ ලෙසින් දේව විශ්වාසවන්තයින් වන්නෝ. ඔවුනට සමාව ද ගෞරවාන්විත සංග්‍රහය ද ඇත
Surah Al-Anfal, Verse 74
وَٱلَّذِينَ ءَامَنُواْ مِنۢ بَعۡدُ وَهَاجَرُواْ وَجَٰهَدُواْ مَعَكُمۡ فَأُوْلَـٰٓئِكَ مِنكُمۡۚ وَأُوْلُواْ ٱلۡأَرۡحَامِ بَعۡضُهُمۡ أَوۡلَىٰ بِبَعۡضٖ فِي كِتَٰبِ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمُۢ
තවද විශ්වාස කොට පසුව (තම වාසස්ථානයෙන්) නික්ම ගොස් නුඹලා සමඟම (අල්ලාහ්ගේ මාර්ගයේ) කැප කළවුන් වන ඔවුහු නුඹලා ගෙන් ය. අල්ලාහ්ගේ නියමය පරිදි ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට ඉතා සමීප ඥාතීන්ය. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වඥය
Surah Al-Anfal, Verse 75