Surah At-Taubah Verse 40 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahإِلَّا تَنصُرُوهُ فَقَدۡ نَصَرَهُ ٱللَّهُ إِذۡ أَخۡرَجَهُ ٱلَّذِينَ كَفَرُواْ ثَانِيَ ٱثۡنَيۡنِ إِذۡ هُمَا فِي ٱلۡغَارِ إِذۡ يَقُولُ لِصَٰحِبِهِۦ لَا تَحۡزَنۡ إِنَّ ٱللَّهَ مَعَنَاۖ فَأَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَيۡهِ وَأَيَّدَهُۥ بِجُنُودٖ لَّمۡ تَرَوۡهَا وَجَعَلَ كَلِمَةَ ٱلَّذِينَ كَفَرُواْ ٱلسُّفۡلَىٰۗ وَكَلِمَةُ ٱللَّهِ هِيَ ٱلۡعُلۡيَاۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌ
(අපගේ දූතයා වන) ඔහුට ඔබ උදව් නොකළහොත් (එමගින් ඔහුට කිසිම පාඩුවක් ඇති වන්නේ නැත. මන්දයත්) ප්‍රතික්ෂේප කරන්නන් ඔහුව (රටෙන්) පිටමං කළ අවස්ථාවේදී නියත වශයෙන්ම අල්ලාහ් ඔහුට උදව් කරමින්ම සිටියේය. (තවුර් නමැති කඳු) ගුහාවෙහි සිටි දෙදෙනාගෙන් කෙනෙකු වශයෙන් ඔහු සිටිය (විට, සතුරන් පැමිණ වට කර ගත්) අවස්ථාවේදී තමන් සමග (ගල් ගුහාවෙහි) සිටි සහායයා (අබූබක්කර්)ට “ඔබ කණගාටු නොවනු. නියත වශයෙන්ම අල්ලාහ් අප සමග සිටින්නේය” යයි (සැනසුම් වදන්) පැවසූ විට, අල්ලාහ් ඔහුට තමන්ගේ ශාන්තිය පහළ කළේය. (තබූක් වැනි වෙනත් යුද්ධයන්හිද) ඔබට දැක ගත නොහැකි සේනාවන් මගින් ඔහුට උදව් කර, ප්‍රතික්ෂේප කරන්නන්ගේ පොරොන්දුව (ඉටු නොකර) පහත දැමුවේය. (මන්දයත්) අල්ලාහ්ගේ පොරොන්දුවම (සෑම විටම) ඉදිරියෙන් සිටින්නේය. තවද අල්ලාහ් (සියල්ලන්ටම) බලසම්පන්යෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය